POSTED ON Saturday, September 7, 2013| | Edit Post
ශි‍්‍ර ලංකාව කිරි නිෂ්පාදනයෙන් වසර 2016 වනවිට ස්වයංපෝෂිත කිරීමේ වැඩසටහන සදහා දිවයින පුරා මහා පරිමාණ කිරි ගොවිපවල් දහසක් සංවර්ධනය කිරීම අරමුණු කර ගනිමින් ශ‍්‍රී ලංකා මහ බැංකුව විසින් ක‍්‍රියාත්මක කරනු ලබන මහා පරිමාණ කිරි නිෂ්පාදන සංවර්ධන ණය යෝජනා ක‍්‍රමයක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් ඉකුත්දා ඇරඹිණි.

මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාගේ මෙහෙයවීමෙන් කි‍්‍රයාත්මකවන මෙම ණය යෝජනා ක‍්‍රම වැඩසටහන යටතේ පශු සම්පත් සංවර්ධනය සඃදහා රුපියල් දස ලක්ෂ 25 ක් දක්වා ණය ප‍්‍රදානය කරනු ලබන අතර ආපසු ගෙවීමේ කාලසීමාව වසර පහකි. වාර්ෂිකව සියයට 8ක සහනදායි පොලි අනුපාතකයක් යටතේ ශ‍්‍රී ලංකා මහ බැංකුවේ ප‍්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධීක්‍ෂණය මත මෙම ණය යෝජනා ක‍්‍රමය ක‍්‍රියාත්මක වේ. සමාරම්භක උත්සවය නිට්ටඹුව, ඉඃදිගොල්ල, සල්ගස්තැන්න කිරි ගොවිපල භුමියේ දි ඉකුත්දා පැවැත්වුණු අතර එහිදී ප‍්‍රතිලාභීන් 44 ක් සඃදහා ණය ප‍්‍රදානය කිරීමද සිදුවිය. ශී‍්‍ර ලංකාවේ දැනට දියර කිරි අවශ්‍යතාවයෙන් දේශීය වශයෙන් නිෂ්පාදනය වන්නේ සියයට 33ක ප‍්‍රමාණයකි. ඉතිරි සියයට 67ක ප‍්‍රමාණය විදේශියන්ගෙන් ආනයනය කිරීමට සිදුවේ.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් රජය වසර 2005 සිට 2012 දක්වා සසදන කල මුළු කිරි නිෂ්පාදනය දස ලක්ෂ 107කින් වැඩිවී ඇත. එය සියයට 56ක වැඩිවීමකි. වැඩිවී ඇති කිරි ගවයින් සංඛ්‍යාව 150,000කි. උසස් තත්ත්වයේ කිරි ගවයින් තව ලක්ෂ තුනකින් කිරි දොවා ගත් විට ශී‍්‍ර ලංකාව දියර කිරෙන් ස්වයංපෝෂිත කල හැකි බව පශු සම්පත් විශේෂඥයින්ගේ අදහසවී තිබේ. ශි‍්‍ර ලංකා සත්ව නිෂ්පාදන සහ සෞඛ්‍ය නිෂ්පාදන වාර්තා අනුව ශී‍්‍ර ලංකාවේ ඒක පුද්ගල දෛනික කිරි පරිභෝජනය මිලි ලීටර් 135කි. කිරි හා කිරි ආශ‍්‍රිත නිෂ්පාදනවල යෙදෙන පෞද්ගලික අංශයේ ආයතන, තනි පුද්ගලයෙක්, පුද්ගල කණ්ඩායමක් හෝ ලියාපදිංචි සමාගම් සඃදහාය. කිරි හා කිරි ආශ‍්‍රිත නිෂ්පාදන කර්මාන්තයේ සෑම අංශයකම සංවර්ධනය සඃදහා මෙම ණය යෝජනා ක‍්‍රමය යටතේ ණය ලබාගත හැකිය.

 ශ‍්‍රී ලංකාවේ දැනට සිටින ලියාපදිංචි කිරි ගොවින්ගේ සංඛ්‍යාව 238,322කි. එමෙන්ම ලියාපදිංචි නොවූ සුළු ගොවීන් සංඛ්‍යාව ලක්ෂයකට ආසන්නය. මෙම ව්‍යාපෘතිය යටතේ අවම වශයෙන් කිරි එළදෙනුන් 25 ක් බැගින් සිටින කිරි ගොවිපල් දහසක් දිවයින පුරා නිර්මාණය කිරීමට බලාපොරොත්තු වන අතර කිරි එළදෙනුන් මිලදී ගැනීම, නව ගොඩනැගිලි ඉදිකිරීම සහ ජල සම්පාදන කටුයතු, සත්ව ආහාර නිෂ්පාදනය හා තෘණ වර්ග වගාව, ගොවිපල දියුණු කිරීම, ජීව වායුව නිපදවීම, පවත්නා ගොවිපල පුඃඵල් කිරීම, කිරි කර්මාන්තයට අවශ්‍ය යන්ත‍්‍ර සූත‍්‍ර මිලදී ගැනීම, ගබඩා සහ ශීතාගාර පහසුකම් සහ ප‍්‍රවාහන පහුසකම් සපයා ගැනීම, කිරි හා කිරි ආශ‍්‍රිත නිෂ්පාදන සඃදහා නව ක‍්‍රමෝපායන් හඃදුනාගැනීම වැනි කටයුතු සඃදහාය මෙම ණය ලබාදීම සිදුකෙරෙනු ඇත.

 ලංකා බැංකුව, මහජන බැංකුව, කොමර්ෂල් බැංකුව, හැටන් නැෂනල් බැංකුව,සම්පත් බැංකුව, සෙලාන් බැංකුව, ප‍්‍රාදේශීය සංවර්ධන බැංකුව, සණස සංවර්ධන බැංකුව, ජාතික සංවර්ධන බැංකුව, ඩී.එෆ්.සි.සී. බැංකුව සහ ලංකාපුත‍්‍ර සංවර්ධන බැංකුව යන බැංකු මෙම වැඩ සටහන් සඃදහා මහ බැංකුව සමඟ එක්ව කටයුතු කරනු ලබයි. මෙම අවස්ථාවට නියෝජ්‍ය අමාත්‍යවරුන් වන එච්.ආර්. මිත‍්‍රපාල, ලසන්ත අලගියවන්න, සරණ ගුණවර්ධන, දුලිප් විජේසේකර, මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, පශු සම්පත් සහ ග‍්‍රාමීය ප‍්‍රජා සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් කේ.එම්.ටී. කෑදරගම යන මහත්වරුන් ඇතුඃඵ විශාල පිරිසක් සහභාගී වූහ.






Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews