POSTED ON Thursday, March 21, 2013| | Edit Post
 අපගේ කුඩා දේශයේ ප්‍රතිරූපය ඔසවා කීර්තිය නැංවීමට පීටර් කුරුවිට ගේ දායකත්වය ඇතැම්විට ඔබ නොදන්නවා වියහැක.

ශ්‍රී ලංකික පියෙකුට හා ඔස්ට්‍රියානු මවකට දාව 1963 වසරේ මෙලොව එලියලබන කුරුවිටගේ ජීවිතයේ මුල් වසර හතර ගෙවී ඇත්තේ එංගලන්තයේය.ඉන්පසු 1974 වනතුරු ශ්‍රිලංකාවේ ගතකරඇති ඔහු 1974දී දෙමාපියන් සමග ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචියට පැමිණ ඇත.පාසල් අධ්‍යාපනයෙන් පසු සූපශාත්‍රය හැදෑරීම ආරම්භ කල කුරුවිට එහි හිනි පෙත්තටම ලගාවිය.

ඔහුගේ දක්ෂතාවය හේතුවෙන් ඔස්ට්‍රේලියාව, එංගලන්තය හා එක්සත් ජනපදයේ ඉහලම පෙලේ හෝටල් වල සූපවේදියකු ලෙස කටයුතු කල ඔහු 2004 දී "Flying Fish Restaurant & Bar" නමින් ලෝප්‍රකට සිඩ්නි වරාය (Sydney Habour) ආශ්‍රිතව තමාගේම ව්‍යාපාරයක් ආරම්භ කළේය. අද වනවිට මෙම ඉහලපෙලේ ආපන ශාලාව ලොවප්‍රකට සිඩ්නි නගරය තුල ඇති සුප්‍රසිද්ධ ස්ථානයක් (Sydney Icon) බවට පත්ව ඇත. කුරුවිට සැමවිටම තමා ලොවවටා ලැබූ අත්දැකීම් හා ශ්‍රී ලංකික ආහාර පාන පිළිබද දැනුම එකට එක්කිරීමට කළේය. 2008 දී සංචාරක පාරාදීසයක් වන ෆීජි දිවයිනේ "Flying Fish Fiji" නමින් අරබන ලද ආපන ශාලාව අද වනවිට ෆිජි දිවයින තුල ඇති හොදම ආපනශාලාව ලෙස නම්කර තිබේ.

මේ අතරම ඉවුම් පිහුම් වැඩසටහන් මගින් ඕස්ට්‍රේලියානු රූපවාහිනියට සම්බන්ද වූ කුරුවිට 2011 දී "My Sri Lanka with Peter Kuruwita" නමින් නිපදවූ කොටස් 10 කින් යුක්ත වූ වැඩසටහන එංගලන්තය හා ඔස්ට්‍රේලියාව තුල රූපවාහිනී ප්‍රේක්ෂකයන්ගේ ඉතාමත් ජනප්‍රිය වැඩසටහනක් බවට පත්විය. ඉන්පසු "Serendip - My Sri Lankan Kitchen" නමින් පොතක් එළිදැක්වූ පීටර් ,"Island Feast with Peter Kuruvita" නමින් පැසිෆික් දූපත් ආශ්‍රිතව තවත් රූපවාහිනී ඉවුම් පිහුම් වැඩසටහන් මාලාවක් කළේය. අද වන විට ඕස්ට්‍රේලියාවේ ඉතා ජනප්‍රිය චරිතයක් බවට පත්ව සිටින කුරුවිට ඔස්ට්‍රේලියනු රූපවාහිනී සේවයේ හා ඊට පරිබාහිර වැඩසටහන් ගණනාවක් සදහා දායක වෙයි. ඔහු අපගේ ලාංකීය Dilma තේ ඔස්ට්‍රේලියාව පුරා ජනප්‍රිය කරවීමටද ඉමහත් දායකත්වයක් සපයා ඇත. කුරුවිටගේ රූපවාහිනී වැඩසටහන් මේ වනවිට ඔස්ට්‍රේලියාව හා එංගලන්තයට අමතරව, යුරෝපය,ආසියාව,මැදපෙරදිග හා පැසිෆික් කලාපයේ රටවල විකාශනය වේ. කුරුවිට රචනා කල පොත් හා ඔහුගේ DVD තැටි වලට විශාල ඉල්ලුමක් පවතී.

ශ්‍රී ලාංකිකයන් ඉන්දියාව ඇතුළු අනෙකුත් දකුණු ආසියාතික රටවලට වඩා උසස් ජාතියක් ලෙස ඔසවා තබා, සුදු ජාතිකයන් අතර අපගේ කීර්තිනාමය වර්ධනය කිරීමට පීටර් කුරුවිටගේ දායකත්වය මිල කල නොහැක. ඔබත් එයට එකගනම් ඔහුට ප්‍රණාමය දැක්වීමට මෙය Share කරන්න.

Video - Click here







                                                                              
                                                                                                                                          
මූලාශ්‍රය - 01




1 comment:

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews