POSTED ON Monday, March 18, 2013| | Edit Post
Maththala-002ශ්‍රී ලංකා ඉතිහාසයේ මෑත භාගයේ ඓතිහාසිකමය සංසිද්ධියක්‌ වශයෙන් සැලකෙන මහින්ද රාජපක්‍ෂ අන්තර් ජාතික ගුවන් තොටුපළ ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ අතින් 2013 මාර්තු 18 වන දින (අද) විවෘත වෙයි.




මෙම රාජපක්‍ෂ අන්තර් ජාතික ගුවන්තොටුපළ විවෘත වීම සමස්‌ත ලෝකයටම නව පණිවුඩයක්‌ ලබාදීමකි. ශ්‍රී ලංකාව ගෝලීය වශයෙන් සමස්‌ත ලෝකය සමඟ එකට බැඳෙමින් ක්‍රියා කිරීමේ ක්‍රියාදාමයෙහි උච්ඡතම අවස්‌ථාවක්‌ ඒ තුළින් සනිටුහන් කරයි. ආශ්ර්චර්යමත් රටක්‌ ගොඩනැඟීමේ රන් දොරටුව විවෘත වනුයේ මෙවැනි මහා පරිමාණයේ සංවර්ධන ව්‍යාපෘති තුළිනි.
හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ඉපදී හැදුණු වැඩුණු අයෙකු වශයෙන් මා හට මෙන්ම රුහුණේ උපන් හැම කෙනෙකුටමත් ශ්‍රී ලංකාවාසී හැමටත් මෙම කාර්යය ඇත්තටම සිහිනයක්‌ බඳුය. අතීතය පිළිබඳව මඳක්‌ විමසිලිමත් වන මා හට හැඟෙනුයේ මා මුලින්ම 1977 වර්ෂයේ මෙම මත්තල ග්‍රාමයට පිවිසුණු ආකාරයයි. ඉතා අපහසුවෙන් ඝණ කැලෑව මැදින් වැටී තිබුණු කුඩා පාරක්‌ දිගේ හුදකලාව තිබූ මත්තල ග්‍රාමයට අප ගියේ එහි සිටි ඡන්ද දායකයින් හමුවීමටය. ඉතාම ගැමි පරිසරයක්‌ සහිත ස්‌වාභාවික සුන්දරත්වයක්‌ හා රුහුණට ආවේණික ලක්‍ෂණයන්ගෙන් යුත් අව්‍යාජ ගැමි කමක්‌ පෙන්වූ මත්තල වැසියන් එදා අපට සැලකුවේ ගැමියන් තුළ හැමදා පවතින උසස්‌ ගතිගුණ මැනවින් පෙන්නුම් කරමිනි. ඔවුන් කිසිදු පහසුකමකින් තොරව ඉතා දුක්‌ත ජීවිතයක්‌ ගත කළද ඒ දුක්‌ කඳුළු අතරින් පෑ සිනහව අව්‍යාජය. අවංකය, එනමුත් ඔවුන්ගේ වදන් තුළින් මතු අනාගත බලාපොරොත්තු කිසිවක්‌ පෙන්නුම් නොකළේය. ඒ එම බලාපොරොත්තු කවර දේශපාලන කණ්‌ඩායමකින් වුවද ඉටුනොවන බවට ඔවුන් තුළ මුල් බැසගෙන තිබූ අදහස නිසාය.

එවන් ග්‍රාමීය පරිසරයක මෙවන් අන්තර් ජාතික මට්‌ටමේ ගුවන් තොටුපළක්‌ ඉදිකිරීම සිතා ගැනීමටවත් බැරි තරමේ ආශ්චර්යමත් ක්‍රියාවකි. මත්තල පමණක්‌ නොව හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය පුරා විහිදුණු කටුක බව, දුෂ්කර බව හා දුප්පත් බව කවදා ජයගත හැකිදැයි අප තුළ වූයේ දැඩි සැකයකි. හම්බන්තොට ජීවත් වන දුප්පත් අහිංසක ජනතාවට කවදා කෙසේ සංවර්ධනයේ අරුනළු ළඟා කරගත හැකි වේ දැයි අප තුළ වූයේ අවිනිශ්චිත බවකි. රුහුණේ ඈත ගම් දනව් දියුණු කරමින් මුළු රටටම සංවර්ධනයේ අරුනළු විහිදුවාලීමට හැකි පරිසරයක්‌ කවදා නිර්මාණය වේ දැයි අපි බොහෝ අවස්‌ථාවන්හි දී විවිධ කල්පනාවන්හි නිමග්න වූයෙමු. අපගේ ජීවිත කාලය තුළදී නොව තවත් සියවස්‌ ගණනාවක්‌ යන තුරු මෙවැනි දැවැන්ත සංවර්ධනයක්‌ සිදුකළ හැකි වේදැයි සැකයක්‌ විචිකිච්ඡාවක්‌ පැවතුණි.

හම්බන්තොට කතරගම පාරේ යන අපට ලුණු ලේවායන්, කරගම් ලේවායන් පසු කරමින්, කටුගස්‌, පතොක්‌, පඳුරු හා ශුෂ්ක කලාපයන් හා බැඳෙන ගස්‌ කොලන් පසු කරමින් ගමන් කළා විනා සංවර්ධනයක කිසිදු සේයාවක්‌ දක්‌නට නොලැබුණි. මෙම තත්ත්වය වෙනස්‌ කර නව යුගයක්‌ උදාවූයේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ ජනාධිපති වශයෙන් පත්වීමෙන් පසුවය. රට නිදහස්‌ කිරීමටත්, රට සංවර්ධනය කිරීමටත්, අපේ රට ලෝකයේ දියුණු රටවල් අතරට එක්‌ කිරීමටත් කිසිම කාලෙක කාගේවත්, කිසිම පාලකයෙකුගේවත් ඇස නොගැටුණු නොදියුණු හම්බන්තොට දිස්‌ත්‍රික්‌කය දියුණු කිරීමට එතුමා තුළ වූයේ මහා අධිෂ්ඨානයකි. කැපවීමකි, බලාපොරොත්තුවකි. එහි ප්‍රතිඵලයක්‌ වශයෙන් වර්තමානයේ ශ්‍රී ලංකාවේ සෑම පළාතකම විවිධ මහා සංවර්ධන ව්‍යාපෘති දක්‌නට ලැබේ. හම්බන්තොට දිස්‌ත්‍රික්‌කයේ ගමන්කරන ඕනෑම කෙනෙකුට අති විශාල ලෙස වැඩි දියුණු කරන ලද මංතීරු ගණනාවකින් සැදුම්ලත් මහා මං මාවත් ද, නව වරාය සංකීර්ණය, නව පරිපාලන සංකීර්ණ හා නව ආයතන, නව නගර ගොඩනැඟී ඇති අයුරු දක්‌නට ලැබේ.

ඒ අතර කැලෑබද මත්තල ප්‍රදේශයට අන්තර් ජාතික ගුවන් තොටුපළ ඉදිවීම කෙසේවත් ඇදහිය හැකිද? සැබවින්ම අප සැමට එය සිහිනයකි. යන්නට එන්නට පාරක්‌ නැති ගමනාගමනයට පහසුකම් නැති, කෑමට බීමට ආපන ශාලාවක්‌ නැති, විදුලි ජල පහසුකම් නොතිබූ අලි ඇතුන්ගෙන් ගහන මත්තල ප්‍රදේශයේ නව ගුවන් තොටක්‌ කෙසේ සෑදෙන්නේද? මේ ගැන හම්බන්තොට ප්‍රදේශවාසීන් පමණක්‌ නොව ආරංචිය දැනගත් සෑම දෙනාම උපහාසයෙන් සිනාසුණා මිස එය විශ්වාස කළේ නැත. කිසිදු පහසුකමක්‌ නැති පළාතක විශේෂයෙන් අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් ගුවන් තොටුපළක්‌ කෙසේ ඉදිකරන්නද? එනමුත් සංවර්ධනයේ ඕනෑම අභියෝගයක්‌ ජය ගනිමින් "කළ නොහැක්‌කක්‌ නොමැත" යන ශේ්‍රෂ්ඨ උපදේශය අනුගමනය කරමින් කටයුතු කරන අතිගරු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මැතිතුමාට මෙම අභියෝගය ජය ගැනීම එතරම් අපහසු වූවක්‌ නොවීය. 30 අවුරුදු සාපකාරී අති බිහිසුණු යුද්ධයක්‌ ජයගත හැකි වූ පාලකයෙකුට, මෙවැනි අති දැවැන්ත අභියෝග ජය ගැනීමට අධිෂ්ඨානශීලීව කටයුතු කළ හැක. එය සනාථ කරමින් 2009 නොවැම්බර් 27 දා ප්‍රථම පස්‌ පිඩැල්ල කපා මත්තල ගුවන් තොටුපළට මුල්ගල තැබූ ජනාධිපතිතුමා එදින කළ අධිෂ්ඨාන පූර්වක කථාව මෙම කාර්ය අනිවාර්යයෙන්ම කෙටි කලකින් නිම කිරීමට එතුමා තුළ තිබූ හැඟීම හා අධිෂ්ඨානය මැනවින් පෙන්නුම් කරන්නකි. අදට අවුරුදු 4 ක පමණ කාලය තුළ ගුවන් තොටුපළ සිහිනය යථාර්ථයක්‌ බවට පත්වෙමින් සැබෑවෙන සැටි අපේ දැස්‌ ඉදිරිපිට පෙනෙන්නට වුණි. අප සැම පුදුම කරමින් විශාල ගොඩනැඟිලි ඉදිවූ හැටි සිතා ගැනීමටවත් නොහැකි තරම්ය.

ඒවා ඉතා කඩිනමින් මෙසේ ඉදිවේ යෑයි කිසිවෙකුත් සිතුවේ නැත. මුල්ගල් තබා දිනෙන් දින සතියෙන් සතිය, වසරින් වසර ගෙවී යද්දී ක්‍රමානුකූලව මෙම ගුවන් තොටුපළ ඉදිවුණි. මගී පර්යන්ත ගොඩනැඟිලි අධි තාක්‍ෂණයෙන් හා නවීන නිර්මාණයන්ට අනුව සිදුකර ඇත. මනස්‌කාන්ත වට පිටාවක්‌ ඇතිව ස්‌වභාව සෞන්දර්යයට හානිකර නොවන සේ එහි පරිසරය රැක ගනිමින් මෙම සියල්ල ඉටුකර ඇත.

With immense cause for celebration, His Excellency, President Mahinda Rajapaksa, on 18th March 2013 commissions the impressively sprawling US$ 209 million, 2,000 hectare MATTALA RAJAPAKSA INTERNATIONAL AIRPORT [ MRIA]. This new project will cater to a major share of the 2.5 million tourists which is the projected tourism growth target for 2016 and also Increase the country’s aggregate air cargo handling capacity by 150,000 tonnes per annum.

ආගමන විගමන හා ගුවන් බඩු හුවමාරු මැදිරි, තීරු බදු සහිත සාප්පු සංකීර්ණ විවේකාගාර ගොඩනැඟිලි අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව සිදුකර ඇත. කටුනායක බණ්‌ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපලට නොදෙවැනි සේ ඒ 380 වැනි පුළුල් ගුවන් යානා පවා අහසට නැංවීමට හා ගොඩ බැසීමට හැකි වන සේ අති විශාල ධාවන පථයක්‌ නිර්මාණය කර ඇති අතර ඒ සියල්ල සකස්‌ කිරීමේදී පරිසරයේ විවිධත්වයට හා සුන්දරත්වයට හානි නොවන සේ ඒ සියල්ල ඉටුකර ඇත. පිවිසුම් මාර්ගද නිසි අයුරින් නිමකොට ඇති අතර ඉතාමත් අලංකාර දැකුම්කළු සියලුම අංගෝපාංගයෙන් සමන්විත අංගසම්පූර්ණ මෙම මත්තල ගුවන්තොටුපළ 2013 මාර්තු 18 දා විවෘත කිරීම ශ්‍රී ලංකා ඉතිහාසයේ නව පිටුවක්‌ සනිටුහන් කරන්නකි. මෙම විශ්මිත ක්‍රියාවේ ඉදිරි ප්‍රතිඵල ශ්‍රී ලංකාවට පමණක්‌ නොව සමස්‌ත ලෝකය පුරාම විහිද යනු ඇත. එවකට තිබූ හම්බන්තොට නමැති කටුක භූමිය සුන්දර භූමියක්‌ කරමින් එහි සෑම තැනකම සුපිපෙන මල් අතරට මෙම මාර්තු 18 වැනිදා සුපිපෙන මෙම අන්තර් ජාතික ගුවන් තොටුපළ නමැති සුවිශාල පුෂ්පය මුළු රුහුණ පමණක්‌ නොව මුළු ලොවම සුවඳවත් කරනු ඒකාන්තය.

පී. තිස්‌සකුට්‌ටිආරච්චි,
හිටපු හම්බන්තොට දිස්‌ත්‍රික්‌ පාර්ලිමේන්තු මන්ත්‍රී හා හිටපු පරිසර හා පාර්ලිමේන්තු කටයුතු රාජ්‍ය අමාත්‍ය.


Mattala Rajapaksa International Airport ෆේස්බුක් පිටුව මෙතනින්
වෙබ් අඩවිය   මෙතනින්
video -  මෙතනින් , MRIA commercial for CNN




මත්තලට පළමු ගුවන් යානය පැමිණේ.. පළමු මගියා ජනපති (Photo)Maththala-01Maththala-02Maththala-03Maththala-07Maththala-08Maththala-10Maththala-12Maththala-13Maththala-14Maththala-001Maththala-002Maththala-004

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ මාවනැල්ල ඩිපෝව යටතේ අලුතින් ධාවනයට එකතු වූන (18/03/2013) අශෝක් ලේලන්ඩ් වයිකින්ග් වර්ගයේ සුඛෝපොබෝගී බස් රථයකි. මෙම බස් රථය ධාවනය වන්නේ කොළඹ හා මත්තල අතර වේ. රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන්තොටුපොළ විවෘත්ත වීමට සමගාමීව නව බස් සේවාව මෙලෙස ඇරඹිණි.  ලීසිං පදනම මත මෙම බස් රථ ශ්‍රී ලංගමට ලබාගෙන ඇත. "ND" කාණ්ඩය යටතේ මෙම බස් රථය ලියාපදිංචි කර තිබේ. 


මූලාශ්‍රය - 01 ,02

1 comment:

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews