POSTED ON Tuesday, March 12, 2013| | Edit Post




උද්භිද උද්‍යානයක් කිව්වම බොහොම දෙනෙකුට හිතට එන්නෙ මල් වත්තක් කියන අදහසක්. ලස්සනට වවා තියෙන මල් පාත්ති, අලංකාර ලෙස නඩත්තු කර ඇති තණ පිටි, ජල පොකුණු, උඩවැඩියා හා වෙනත් විචිත්‍ර පැළෑටි ආදිය වවා තියෙන පැල ගෘහ ආදිය මෙන්ම තැන තැන හුදෙකලාව සිටින පෙම්වතුන්, සහ විනෝද සුවයෙන් පරිසර සුන්දරත්වය විදින විවිධ වයස් කාණ්ඩවල ජනතාවත් මල් වතුවල සාමාන්‍යයෙන් දකින දේවල්.  ඒත් ඇත්තටම උද්භිද උද්‍යානයක් කියන්නේ මොකද්ද කියන එක හරියට වටහා ගෙන ඉන්නේ කීයෙන් කීදෙනාද?


අනිත් සැම දෙයකටම වගේ උද්භිද උද්‍යානය කියන එකටත් අර්ථ දැක්වීම් කිහිපයක් තියෙනවා.  මෙයින් වඩාත් බහුලව පිළිගැනෙන අර්ථ දැක්වීමට අනුව උද්භිද උද්‍යානයක් යනු විද්‍යාත්මක පරීක්ෂණ, සංරක්ෂණය, ප්‍රදර්ශණය හා අධ්‍යාපනය පිණිස උද්‍යාන විද්‍යාත්මකව, නම් කර වවා ඇති, සජීවි ශාක එකතුවක්. (Botanic gardens are institutions holding documented collections of living plants for the purposes of scientific research, conservation, display and education.)

උද්‍යාන විද්‍යාත්මක මූල ධර්ම අනුව නානාවිධ විචිත්‍ර ශාක අලංකාරව සකසා ඇති නිසාත් ඒවා වවා ඇති පරිසරය මනාව නඩත්තු කර ඇති නිසාත් උද්භිද උද්‍යාන අනිවාර්යෙන්ම සුන්දර ස්ථාන බවට පත් වෙනවා.  නමුත් මෙම සුන්දර ස්ථාන වල නියම කාර්ය භාරය ඉතාමත් වැදගත්. කණගාටුවකට කරුණ අපේ රටේ උදවිය දකින්නේ මේ මතුපිටින් පේන සුන්දරත්වය පමණයි.
බ්‍රිතාන්‍ය පාලකයින් ඔවුන්ගේ අධිරාජ්‍යයේ විවිධ රටවල උද්භිද උද්‍යාන පිහිටවූයේ ප්‍රධාන වශයෙන් ආර්ථික බෝග ගැන පරීක්ෂණ පවත්වන්න. උදාහරණයක් වශයෙන් ඇමසන් වනාන්තරයේ තිබුණු රබර් ශාකය ගැන මූලික පරීක්ෂණ කරන්න ඔවුන් යොදාගත්තෙ ලංකාව.  තේ වුනත් එහෙම තමයි.  මීට අමතරට සින්කෝනා, කොකෝවා, විවිධ පළතුරු බෝග,  දැව වර්ග ආදීය උද්භිද උද්‍යාන මගින් ලංකාවට ඹවුන් ගෙනාවා. මෙම ශාක හදුන්වා දෙන්න කලින් සියලු පරීක්ෂණ කලේ උද්භිද උද්‍යාන තුල. තේ වගාව ගැන පරීක්ෂණ පවත්වපු හක්ගල උද්භිද උද්‍යානයේ පරීක්ෂණ කොටුවල තවමත් එම පැල දකින්නට පුලුවන්.

සවිස්තරාත්මක ලිපියක් ඉදිරියේදී...

*******************************
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.

Check this out ☛☛☛☛☛ http://www.facebook.com/GannaApeDe?ref=stream

*******************************









Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews