POSTED ON Saturday, March 16, 2013| | Edit Post
නේචර්ස් සීක්‍රට් ෆේශල් වොශ් ලොව උසස්ම තත්වයෙන්


1993 වසරේදී සේවකයන් අට දෙනෙකුගෙන් යුක්ත සමාගමක් අරඹමින් ශී‍්‍ර ලාංකික ව්‍යාපාරික ලොවට ප‍්‍රවිෂ්ඨ වූ ඒ මහතා මේ වන විට නේචර්ස් බියුටි කි‍්‍රයේෂන්, මල්ටිකෙම් ඉන්ටර්නැෂනල්, මල්ටිකෙමි එක්ස්පෝර්ට්, මල්ටිකෙමි බංග්ලාදේශ්, ඊකෝ පෙ‍්‍රාටෙක්ට් ඉන්ජිනියරින් යන සමාගම්වල හිමිකරු වෙයි.
ශී‍්‍ර ලංකාවට ප‍්‍රථම වතාවට පරිසර හිතකාමී පිරිසිදු කාරකයක් හඳුන්වා දෙමින් ව්‍යාපාරික ලොවට පාතැබූ හෙතෙම සෑම විටම අලුත් හා නිර්මාණශීලී නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමට උත්සුක විය.
රෙදිපිළි සැකසීමේදී සහ නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේදී අදාළ එන්සයිම අපනයනය කිරීමේ පුරෝගාමියා වන කුමාරසිංහ මහතා ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව බංග්ලාදේශයේ නිෂ්පාදන ආයතනයක් ඇරැඹූ ප‍්‍රථම ශී‍්‍ර ලාංකිකයා ද වෙයි.

මල්ටි කෙමි සමූහ ව්‍යාපාරයේ සභාපතිවරයා වන සමන්ත කුමාරසිංහ මහතා දෙස් විදෙස් සමාගම් කිහිපයකම සභාපතිවරයා ලෙස කටයුතු කරයි. දකුණු පළාතේ මොරවකදී උපත ලැබූ හෙතෙම පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිධරයෙකි.

1993 වසරේදී සේවකයන් අට දෙනෙකුගෙන් යුක්ත සමාගමක් අරඹමින් ශී‍්‍ර ලාංකික ව්‍යාපාරික ලොවට ප‍්‍රවිෂ්ඨ වූ ඒ මහතා මේ වන විට නේචර්ස් බියුටි කි‍්‍රයේෂන්, මල්ටිකෙම් ඉන්ටර්නැෂනල්, මල්ටිකෙමි එක්ස්පෝර්ට්, මල්ටිකෙමි බංග්ලාදේශ්, ඊකෝ පෙ‍්‍රාටෙක්ට් ඉන්ජිනියරින් යන සමාගම්වල හිමිකරු වෙයි.
ශී‍්‍ර ලංකාවට ප‍්‍රථම වතාවට පරිසර හිතකාමී පිරිසිදු කාරකයක් හඳුන්වා දෙමින් ව්‍යාපාරික ලොවට පාතැබූ හෙතෙම සෑම විටම අලුත් හා නිර්මාණශීලී නිෂ්පාදන වෙළෙඳපොළට හඳුන්වා දීමට උත්සුක විය.
රෙදිපිළි සැකසීමේදී සහ නිමි ඇඳුම් නිෂ්පාදනය කිරීමේදී අදාළ එන්සයිම අපනයනය කිරීමේ පුරෝගාමියා වන කුමාරසිංහ මහතා ශී‍්‍ර ලංකා ආයෝජන මණ්ඩලයේ අනුමැතිය ඇතිව බංග්ලාදේශයේ නිෂ්පාදන ආයතනයක් ඇරැඹූ ප‍්‍රථම ශී‍්‍ර ලාංකිකයා ද වෙයි.

ශී‍්‍ර ලංකා අපනයනකරුවන්ගේ සංවිධානය කරන මධ්‍ය පරිමාණ අංශයේ වසරේ හොඳම අපනයනකරු සම්මානයෙන් පිදුම් ලබා ඇති කුමාරසිංහ මහතා 2004, 2005, 2006, 2007 වසරවලදී සම්මාන රැසක් දිනා ගත්තේය.
දේශීය මෙන්ම විදේශීය වෙළඳපොළ ජයගනිමින් මෙරට ආර්ථිකයට සුවිශේෂි දායකත්වයක් ලබාදෙන කර්මාන්තකරුවන් ඇගැයීමට පැවැත්වෙන එම සම්මාන උළෙලේ රන් සම්මානය දිනා ගැනීම සුවිශේෂි ජයග‍්‍රහණයකි.

දේශීය කර්මාන්ත ක්‍ෂේත‍්‍රයේ සුවිශේෂි නමක් හිමිකරගෙන සිටින කුමාරසිංහ මහතාගේ නිෂ්පාදන දේශීය මෙන්ම විදේශීය මට්ටමෙන් තත්ත්ව සහතික දිනාගනිමින් ශී‍්‍ර ලංකාවට ගෞරවයක් ගෙනදීමට සමත්ව ඇත.
ඒ මහතා හිමිකාරිත්වය දරන මල්ටිකෙම් එක්ස්පෝර්ට් සමාගම ඉන්දියාව, බංග්ලාදේශය වැනි රටවලට රෙදිපිළි නිෂ්පාදනයට අවශ්‍ය එන්සයිම අපනයනය කරන අතර එම ආයතනයේ උසස් තත්ත්වය නිසාම ISO 9001 – 2000 තත්ත්ව සම්මානය හිමිකර ගෙන තිබේ.
රූපලාවන්‍ය නිෂ්පාදන භාවිතා කරන සෑම පාරිභෝගියකුම දැඩි ඇල්මක් දක්වන නේචර් සීක‍්‍රට් නිෂ්පාදනය කෙරෙන්නේද සමන්ත කුමාරසිංහ මහතාගේ හිමිකාරිත්වය යටතේ ඇති නේචර් බියුටි කි‍්‍රයේෂන් හිදීය.
නේචර් බියුටි කි‍්‍රයේෂන් තම උසස් නිෂ්පාදන හේතුවෙන් අතිවිශිෂ්ට නිෂ්පාදන ක‍්‍රමවේදයක් සඳහා පිරිනැමෙන ගෞරවණීය GMP සහතිකය දිනාගත් සමාගමකි.

තත්ත්ව සහතික පිරිනමන අන්තර්ජාතික SGS ආයතනය විසින් මේ සහතිකය පිරිනමා ඇති අතර ශී‍්‍ර ලාංකික රූපලාවන්‍ය නිෂ්පාදන ආයතනයක් මේ සම්මානයෙන් පිදුම් ලද පළමු වතාව මෙය වෙයි.
නේචර් සීක‍්‍රට් නිෂ්පාදන ඉතා උසස් සනීපාරක්‍ෂක ක‍්‍රම යටතේ නිෂ්පාදනය කිරීම සැළකිල්ලට ගෙන මේ සහතිකය පිරිනමා ඇති අතර, නොයෙක් විශ්ළේෂණයන් සහ පාලන ක‍්‍රම මගින් නිෂ්පාදන කි‍්‍රයාවලිය ක‍්‍රමානුකූලව අධීක්ෂණය කරමින් සහතිකය පරිනැමීමට සුදුසුකම් සොයා බැලිණි.
නිෂ්පාදන කි‍්‍රයාවලියට සම්බන්ධ සේවකයන්ට සහ නිලධාරීන්ට ඊට අවශ්‍ය සුදුසුකම් පවතීද යන්නත් මෙහිදී සැලකිල්ලට ගැනිණි.

ප‍්‍රමාණවත් ඉඩ පහසුකම්, උපකරණ, සේවා, නිවැරැදි අමුද්‍රව්‍ය, බහලුම්, ලේබල් ආදිය පිළිබඳව පවා සැලකිල්ල යොමු කර සහතිකය පිරිනැමුණු අතර ගබඩා පහසුකම්, ප‍්‍රවාහන, බෙදාහැරීම ආදී අංශ පවා පරීක්‍ෂාවට ලක්විය. නිෂ්පාදන පිළිබඳ පූර්ව පර්යේෂණ සහ පසු තත්ත්ව පාලන පරීක්‍ෂා කෙරෙන රසායනාගාරය සහ එහි උපකරණත් පරීක්‍ෂා කර අවසානයේදී නේචර් බියුටි කි‍්‍රයේෂන් සමාගමට GMPතත්ත්ව සහතිකය පිරිනැමිණි.

GMP තත්ත්ව සහතිකය ලැබීමෙන් සමාගමේ සියලු සේවකයන් විශාල පිබිදීමකින් කටයුතු කරන බවත් වසර 2010 වන විට ශාකසාර රූපලාවන්‍ය නිෂ්පාදන නාමයක් ලෙස නේචර් සීක‍්‍රට් ලොව පුරා ප‍්‍රචලිත කිරීමේ කටයුත්තට මේ සහතිකය මනා පිටිවහලක් බවත්, සහතිකය පිළිබඳව අදහස් දක්වමින් කුමාරසිංහ මහතා කියා සිටී.
මේ සම්මාන සහතික අතරට අලුතෙන් එක් වූ සම්මානය වන්නේ වසරේ විශිෂ්ටතම ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයා සම්මානයයි. ලෝක ආර්ථික අර්බුදය හමුවේ මෙරට ආර්ථිකය පිළිබඳව අවිනිශ්චිත සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇතත් නිර්මාණශීලිත්වය තුළින් වෙළෙඳපොළ ජය ගැනීමේ හැකියාව ඇතැයි කුමාරසිංහ මහතා පැවැසීය.
මෙරට තිබෙන සමාගම් බහුතරයක් විදේශිකයන්ට අයත් බව පැවසූ හෙතෙම එබැවින් ඇතැම් විට අපේ රටට ගැළපෙන ව්‍යාපාරික දැක්මකින් යුක්තව කටයුතු කිරීමට ශී‍්‍ර ලාංකික ව්‍යාපාරිකයන්ට අවස්ථාව නොලැබෙන බවත් හෙතෙම සඳහන් කෙළේය.

ලෝකය ඉදිරියේ දනින් නොවැටිය යුතුයැයි තරයේ අදහන කුමාරසිංහ මහතා දේශීය නිෂ්පාදන භාවිතයට ජනතාව හුරු කරමින් එම ක්‍ෂේත‍්‍රය නගා සිටුවීමට කටයුතු කරන මවු බිම ලංකා පදනමේ පුරෝගාමී අධ්‍යක්‍ෂවරයෙකි.
ශී‍්‍ර ලාංකිකයන්ට කළ හැකිය යන ධනාත්මක චින්තනය ශී‍්‍ර ලාංකික ජනතාවගේ සිත්වල රෝපණය කරමින් ශ්‍රේෂ්ඨ ජාතියක් බිහි කිරීම සඳහා සුවිශේෂි මෙහෙවරක් ඉටු කරන කුමාරසිංහ මහතා රටටත් ජාතියටත් පණ සේ ආදරය කරන ශී‍්‍ර ලාංකිකයකි.

බෙහෙත් පැළෑටි 350 කට අධික සරුසාර ඔසු උයනක් මධ්‍යයේ ඉදිකෙරුණු අද්විතීය රූපලාවන්‍ය නිෂ්පාදනාගාරක් මෙන්ම ශී‍්‍ර ලංකාවේ විශාලතම ස්වභාවික රූපලාවන්‍ය නිෂ්පාදනාගාරය වන නේචර්ස් බියුටි සමාගම ඉදිකළ හෙතෙම වර්ෂ 2010 වන විට ලොව පුරා ස්වභාවික ශාකසාර අනුසාරයෙන් රූපලාවන්‍ය නිෂ්පාදනය කිරීමේ ක්‍ෂේත‍්‍රයේ පුරෝගාමියකු වීමේ අරමුණෙන් කටයුතු කරමින් සිටී.
රටවල් 25 ක පමණ තම වෙළෙඳ සන්නාමයන් ලියාපදිංචි කොට ඇති හෙතෙම දේශයේ දුවා දරුවන්ට තිරසාර අනාගතයක් සකස් කරදීමේ කර්තව්‍යයට උරදෙමින් ශී‍්‍ර ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ දීප ව්‍යාප්ත වැඩසටහන් සඳහා පූර්ණ අනුග‍්‍රාහකත්වය දරයි.

ශී‍්‍ර ලාංකික දියණියන්ගේ සැබෑ උරුමය සොයා යන ලක්මව දියණියෝ සංවිධානයේ පූර්ණ අනුග‍්‍රහකත්වය දරන්නේ ද නේචර්ස් බියුටි කි‍්‍රයේෂන්ස් ආයතනයයි.
දැවැන්ත ව්‍යාපාරිකයකු වුවත් ආරම්භයේ සිටම කි‍්‍රයාවෙන්ම පරිසර හිතකාමියකු වන හේ සුවිසල් නේචර්ස් බියුටි කි‍්‍රයේෂන්ස් රූපලාවන්‍ය නිෂ්පාදනාගාරයේ නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කෙරෙන ජලය පිටතට බැහැර කිරීමේදී සම්පූර්ණයෙන් ප‍්‍රතිචකී‍්‍රයකරණය කොට අලංකාර පොකුණකට යොමු කරන අතර අපේක්‍ෂිත පරිසර හිතකාමීත්වය තහවුරු කරමින් එහි මත්ස්‍යයෝ රැසක් වසති.
දේශීය ගොවීන්ට අත දෙනු වස් ඉන්දියාව වැනි රටවලින් අඩුමිලට ලබාගත හැකි කෝමාරිකා වැනි ස්වභාවික අමුද්‍රව්‍ය පවා දේශීය ගොවියාගෙන්ම පමණක් මිලට ගනී.

 Our Contribution To The NationNatures Beauty Creations Ltd. (NBC) is the largest manufacturer of herbal cosmetics in Sri Lanka and a member of the Multichemi Group. Our vision is to be a global supplier of herbal cosmetics by the year 2010. We build on a heritage of 2500 years of age-old Sri Lankan exotic healing and beauty secrets. Sri Lankan maidens had in-depth knowledge of maintaining and enhancing their beauty, with natural herbal remedies for thousands of years.Sri Lankan maidens had in-depth knowledge of maintaining and enhancing their beauty, with natural herbal remedies for thousands of years.

Our Differentiation 
The natural ingredients used in Nature’s Secrets products are grown locally and carefully extracted in Nature’s Beauty Creations’ high tech laboratories, maintaining ISO and GMP standards, ensuring authenticity, hygiene and freshness. These natural extracts are fused with world’s best cosmetic ingredients in a state of the art factory to create Nature’s Secrets herbal cosmetics.  The Nature’s Beauty Creations factory is surrounded by a large herbal medicinal plant garden with over 350 varities of endemic herbal plants.  



Our ProductsNature’s Secrets personal care products are created keeping you in mind. Formulated using natural ingredients right from their source, our products are a fusion of ancient beauty secrets and modern cosmetics technology, to compliment the biological balance of your skin and hair.


Contact Us
Natures Beauty Creations Ltd
P.O. Box1, Millewa, Horana.
Sri Lanka.
Tele:+ 94 342261100
Fax: +94-342261101
email :info@naturessecrets.lk
web : www.naturessecrets.lk




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews