POSTED ON Tuesday, March 12, 2013| | Edit Post


මැදපෙරදිග කලාපයේ හා උතුරු අප්‍රිකාවේ පළමු හා විශාලතම අඩු-පිරිවැය ගුවන් සේවය වන “එයාර් ඇරබියා” ගුවන් සේවය ශ්‍රී ලංකාවට පියාසර කිරීමේ දෙවන ගමනාන්තය ලෙසින් මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ තෝරා ගෙන ඇත.

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළ, “එයාර් ඇරබියා” ගුවන් සේවයේ 84 වන ගමනාන්තය වන අතර 2013 මාර්තු 18 වනදා, “G 9508” ගුවන් යානයක් මගින් මත්තලට සමාරම්භක ගුවන් ගමන සිදු කිරීමට සැලසුම් කර ඇත. අඩු-පිරිවැය ගුවන් ගමන් ක්‍ෂේත්‍රයේ සමාරම්භකයෙකු වන මෙම ගුවන් සේවය 2013 මාර්තු 19 වනදා සිට සාජා හා මත්තල අතර සතියකට ගුවන් ගමන් වාර දෙකක් සිදු කිරීමට නියමිත අතර පසුව මෙය සතියකට ගුවන් ගමන් වාර හතරක් දක්වා වැඩි කිරීමට බලා‍පොරොත්තුවේ.

මේ යටතේ බ්‍රහස්තිපන්දා සහ ඉරිදා යන දිනවල සාජා ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළින් පැය 21.30 ට පිටත් වන ගුවන් යානය මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට ළඟාවන්නේ පැය 03.45 ටය. මෙම ගුවන් යානය නැවත පසුදා මත්තලින් පැය 04.25 පිටත් වී සාජා ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට (එහි දේශීය වේලාවෙන්) පැය 07.35 ළඟාවීමට සැලසුම් කර ඇත.



මේ පිළිබඳව අදහස් දක්වමින් “එයාර් ඇරබියා” සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී අඩෙල් අලි මහතා මෙසේ පැවැසීය.

“මත්තල - මෙම නව ගමනාන්තය ශ්‍රී ලංකාවට අපගේ සේවා ව්‍යාප්ත කිරීමට දිගු කලක සිට අප කරන කැපවීම්වල තවත් වැදගත් සන්ධිස්ථානයක්. 2003 වසරේ අපගේ ගුවන් සේවය අරඹා මාස කිහිපයකින් පසුව අප කොළඹට සෘජු ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීම ඇරඹුවා. එය ලංකාව තුළ අපගේ පළමු වන ගමනාන්තයයි. ලංකාව වෙනුවෙන් දෙවන ගමනාන්තයක් එක් කිරීමට ලැබිම ගැන අපි සතුටු වෙනවා. මත්තලට අපි සිදු කරන නව සේවාව මගී ඉල්ලුමට සෘජු ප්‍රතිචාරයක් වන අතරම ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍යය අතර තිබෙන වෙළෙඳ හා සංචාරක සම්බන්ධතාවයටද දායකත්වයක් ලබා දෙනවා.”

මත්තල රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට පියාසර කිරීමට අමතරව, “එයාර් ඇරබියා, “ගුවන් සේවය කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටු‍පොළට සාජා සිට සතියකට ගුවන් ගමන් වාර 09ක් ක්‍රියාත්මක කරයි. මේ අනුව ගුවන් සමාගම මේ වන විට කොළඹට අඟහරුවාදා හා සිකුරාදා ගමන් වාර දෙක බැගිනුත් සතියේ සෙසු දින වලදී එක් ගමන් වාරයක් බැගිනුත් ක්‍රියාත්මක කරයි.


*******************************
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.

Check this out ☛☛☛☛☛ http://www.facebook.com/GannaApeDe?ref=stream

*******************************
























Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews