POSTED ON Tuesday, March 19, 2013| | Edit Post

කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඇතැම්විට අපිට අප අනුගමනය කරන ආගම දහමට යොමුවෙන්නට තියෙන කාලය අඩුවෙනවා. ඒ නිසා ආගම දහම හා සම්බන්ධ වෙන්න තාක්ෂණය බොහෝ සේ වැදගත් වෙනවා.
බුදුරජාණන් වහන්සේගේ ඉගැන්වීම් ඇතුලත් ධම්මපදය හා සම්බන්ධ ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් ගැන කතාකරන්නයි මේ සූදානම. බෞද්ධයන්ට ඉතාමත් වැදගත් වන ග්‍රන්ථයක් වන ධම්ම පදයෙහි ඇතුලත් ගාථා හා කරුණු ඇතුලත් කොට ඇන්ඩ්‍රොයිඩ් ඇප්ලිකේෂන් එකක් නිර්මාණය කොට තිබෙනවා.
මේ පිළිබදව අපට විස්තර එවා තිබුණේ එහි නිර්මාණකරු විසින්මයි. ඔහු චානක උදය කුමාර.  මොරටුව සරසවියෙන් ඉංජිනේරු උපාධිය 2008 වසරේ දී ලබා ගත්තේ චානක සිදුකර ඇති මෙම කාලෝචිත ක්‍රියාව අප සෑමදෙනෙක් ම අගය කළ යුතු විශිෂ්ට ක්‍රියාවක්.
බෞද්ධයාගේ අත්පොත වන ධම්ම පදයෙහි ඇතුලත් ගාථා අපගේ ජිවිතයට ප්‍රයෝජනවත් වන පරිදි යොදා ගැනීම මගින් අපගේ ජීවිතය වඩා නිවැරදි ලෙස ගත කිරීමට අපට හැකිවෙනවා. ඒ සඳහා අවශ්‍ය වන මාර්ගය සැකසීම මෙම ඇප්ලිකේෂන් එකෙහි අරමුණ බවයි මෙහි නිර්මාණකරු අප සමග සදහන් කළේ.
ජීවිතයට ගත හැකි බොහෝමයක් කරුණු අඩංගු ධම්මපදයෙහි අප සැමට පහසු ලෙස ළගාකරන්නට මෙම ගත් උත්සාහය අගය කරන අතර සෑමදෙනෙක්ම මෙම ඇප්ලිකේෂන් එක Download කර ඔබගේ අදහස් පළ කර ඔහුව තවතවත් ඵලදායි ඇප්ලිකේෂන් නිර්මාණය සදහා දිරිමත් කරන්න.
Click here to Download



                     

උපුටා ගෑනීම -  http://www.droidslk.com/2013/03/dhammapadayaapp/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews