POSTED ON Monday, March 11, 2013| | Edit Post




හලාල් මෙන්ම පිටරටින් ගෙනෙන පාන් පිටි, කිරිපිටි, ටින්මාළු වැනි දේත් අපට අවශ්‍ය නැහැ. හලාල් මෙන්ම විදේශීය භාණ්ඩත් රටේ ජනතාව විසින් පරිභෝජනය කිරීම ගැටළුවක් වී තිබෙනවා. විදේශීය, බහුජාතික සමාගම් වල භාණ්ඩ පසෙකලා දේශීය භාණ්ඩ මිලදී ගැනීමට අප රටේ ජනතාව පුරුදු වියයුතුයි.

අපේ ආර්ථිකය දෙස බැලූවිට 2013 වසරේ පිටරටින් අපේ රටට භාණ්ඩ ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 6000 ක මුදලක් වැය කළා. ඒ මඟින් රටට ලැබුණේ ඩොලර් මිලියන 5000 ක ආදායමක් පමණයි. 2003 වසරේ තිබුණු ඩොලර් මිලියන 1000 ක් වුණු පරතරය අද වන විට විශාල වශයෙන් වැඩි වී තිබෙනවා. අද සමාජයට ප‍්‍රශ්නයක් වී තිබෙන හලාල් වගේම, සමහර විට ඊටත් වඩා විශාල ප‍්‍රශ්නයක් ලෙස මෙය පෙන්වා දෙන්න පුළුවන්.


2003 වසරේ ලංකාවේ භාවිතා වුණු ජංගම දුරකතන සංඛ්‍යාව මිලියන 1ක්, 2009 වන විට භාවිතා කරන දුරකතන සංඛ්‍යාව මිලියන 6ක් වුණා. 2011 වසරේ දී එය මිලියන 20 ක් බවට පත් වුණා. දවසින් දවස අළුත් වන නවීන පහසුකම් සහිත දුරකතන ගෙන්වීම සිදු කෙරෙන්නේ පිටරට සමාගම් මඟින් බිල් මිලදී ගැනීම් ඇතුළු නොයෙකුත් පහසුකම් සඳහා යැයි කියමින් ඩොලර් මිලියන 6000 ක පමණ මුදලක් මේ මඟින් විදේශයන් වෙත ඇදී යනවා.

2010 වර්ෂයේ ජනවාරි වන විට එක් මසකදී ලංකාවට ගෙන්විය හැකි මෝටර් රථ ප‍්‍රමාණය වුණේ 309ක් විතරයි. එයත් සිද්ධ වුණේ සියයට තුන්සියයක බද්දකට යටත්වයි. නමුත් ඒ වර්ෂයේ මැද භාගය වන විට බද්ද සියයට එකසිය පනහක් දක්වා අඩු කළා. මේ නිසා වර්ෂය අවසාන වන විට මාසයකට 309ක් ගෙන්වපු වාහන වෙනුවට මසකට වාහන 4700 ක් ගෙන්වන්න පටන් ගත්තා.

2008 වසරේ මෝටර් රථ සඳහා තෙල් වලට වැයවුණේ ඩොලර් මිලියන 4000 ක්, නමුත් සියයට තුන්සියයේ බද්ද පැනවීමෙන් පසු එම මුදල ඩොලර් මිලියන 2000 ට බැස තිබුණා. එක අවුරුද්දක් ඇතුළත ඩොලර් මිලියන 2000 ක් ඉතුරු කර ගැනීමට හැකි වුණා. බද්ද වෙනස් කළ හැටියේ තෙල් සඳහා ඩොලර් මිලියන 6000 ක් වියදම් කිරීමට සිදුවුණා.

වසරකට ජංගම දුරකථන, මෝටර් රථ, තෙල් සඳහා මිලියන 20,000 ක් වැය වෙනවා. ලංකාවේ වාහන නිෂ්පාදනය කරන්නේ නැතුවත් අනවශ්‍ය තරමට කාර් තිබෙන රටක් බවට පත්වෙලා. වෙනත් රටවල වගේ ජාතික හැඳුනුම්පතට එක් මෝටර් රථයක් හා දුරකථනයක් වශයෙන් ගෙන්වීමට හැකිවන ලෙස නීති සකස් වුණොත් විශාල වියදමක් අඩුකර ඉතිරියක් කර ගතහැකියි. හලාල් හරහා ඇති වී තිබෙන ජාතික පිබිදීම දේශීයත්වය වෙනුවෙන් ද යොදාගත හැකි නම් එයයි වඩාත් සුදුසු තත්ත්වයක් වෙනු ඇත.

ආරියසීල වික්‍රමනායක,
ගරු සභාපති - මව්බිම ලංකා පදනම.

✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿✿

ඡායාරූපය සදහා ස්තූතිය - Sandun M Mendis ( මව්බිම ලංකා පදනම)


*******************************
අපේ රටේ දේවල් අගය කරනවා නම් Ganna ape de (ගන්න අපේ දේ) පේජ් එකට like එකක් දාන්න .....මෙය share කරන්න.....යාලුවන්ටත් දන්වන්න....සැබැ ශ්‍ර ලාoකිකයෙකු වන්න.....පහල Link එක Click කර අපව Like කරන්න.

Check this out ☛☛☛☛☛ http://www.facebook.com/GannaApeDe?ref=stream

*******************************

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews