POSTED ON Saturday, March 30, 2013| | Edit Post


අප්‍රේල් මාසය ශ්‍රී ලංකාවේ අඩුවෙන්ම ලේ දන් දෙන මාසයයි. ඒ නිසා මෙම මාසය තුළ බොහෝ පිළිකා රෝගීන් මෙන්ම බොහෝ අසාධ්‍ය රෝගීන්ගේ ජීවිත බලවත් අවධානමකට ලක්වී තිබෙනවා. ඇතැම් විට හෙට දිනයේ ඒ අවධානමට ලක්වන්නේ ඔබ විය හැකියි!

ඒ අවධානමෙන් ඔබව ගලවා ගන්නට අප සූදානම්....!!!

ජාතික ලේ දන්දීමේ සේවය සහ මහමෙව්නාව භාවනා අසපු සංචිතය සමගින් ශ්‍රද්ධා රූපවාහිනිය ඒකාබද්ධව සිදු කරන පින්බර සමාජ සත්කාරය - ශ්‍රද්ධා රුධිර දාන ලේ දන්දීමේ කඳවුරු මාලාව....


මාර්තු මස 31 ::: මොණරාගල සහ වැලිමඩ මහමෙව්නාව භාවනා අසපු වලදී.

අප්‍රේල් මස 03 ::: බලංගොඩ මහමෙව්නාව භාවනා අසපුවේදී.

අප්‍රේල් මස 07 ::: මාතලේ , කන්තලේ සහ මහව මහමෙව්නාව භාවනා අසපු වලදී.

අප්‍රෙල් මස 09 ::: පොල්ගහවෙල මහමෙව්නාව භාවනා අසපුවේ දී සහ බදුල්ල ධර්මදූත මහා විද්‍යාලයේදී.

අපේල් මස 12 ::: බණ්ඩාරවෙල නගර ශාලාවේදී.

අප්‍රේල් මස 13 ::: මාළඹේ අමාවතුර මහමෙව්නාව භාවනා අසපුවේදී.

අප්‍රේල් මස 21 ::: අනුරාධපුරය, ආනමඩුව, ගාල්ල, සහ හොරණ මහමෙව්නාව භාවනා අසපුවලදී.

අප්‍රෙල් මස 28 ::: වලස්මුල්ල, උයන්දන සහ හුණුමුල්ල මහමෙව්නාව භාවනා අසපුවලදී.

ජාතික රුධිර සංචිතයට සවියක් වන්නට ඔබත් අප හා එක්වන්න.

ගුවන් විදුලි මාධ්‍ය ආවරණය - ශ්‍රද්ධා ගුවන් විදුලිය.
මුද්‍රිත මාධ්‍ය අනුගහය - මහාමේඝ පුවත් සඟරාව.
රූපවාහිනී මාධ්‍ය ආවරණය - ශ්‍රද්ධා රූපවාහිනිය.

මියැදෙනා හදකට පණනලක් වන්නට ලේ බිඳක් දන්දෙමු....!!

ජාතික ලේ දන්දීමේ සේවයේ සහෘද මාධ්‍ය සහකරු ශ්‍රද්ධා රූපවාහිනිය.

සියලු විමසීම් :
ශ්‍රද්ධා රූපවාහිනිය,
මහමෙව්නාව බෝධිඥාන භාවනා අසපුව,
හේවාගම,
කඩුවෙ‍ල.

දුරකථන : 011-2571471 / 011-2548400


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews