POSTED ON Wednesday, March 13, 2013| | Edit Post
                                                                                      හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන සවිඳු සංජන ජයසිංහ ශිෂ්‍යයා වෙනත් ස්ථානයක සිට පරිගණකය හැසිරවිය හැකි ‘‘දුරස්ථ පාලක පරිගණක හසුරවනයක්’’ නිර්මාණය කිරීමට සමත් වී ඇත.

ඒ පිළිබඳ සවිඳු අදහස් දැක්වූයේ මේ අයුරිනි.

‘‘මම කුඩා කාලයේ ඉඳන් ම නව නිර්මාණ කිරීමට ඉතාමත් කැමැත්තක් දැක්වුවා. මාගේ අම්මා කියන ආකාරයට පොඩි කාලේ මට ගෙනත් දෙන සෙල්ලම් භාණ්ඩ පවා කෑලි කෑලිවලට ගලවලා නැවත ඒ ආකාරයෙන් ම සකස් කරනවාලූ. නැත්නම් ඒ සෙල්ලම් භාණ්ඩවලින් වෙනත් නිර්මාණයක් කරන්න පවා පෙළඹෙනවාලූ.


පරිගණක ක‍්‍රීඩා සෙල්ලම් කිරීමට අපට අවශ්‍ය තැනක ඉදන් පරිගණකය හසුරුවන්න පුළුවන්නම් එය කොතරම් අගේ ද යන්න සිතුවිල්ල මත තමයි ‘දුරස්ථ පාලක පරිගණක හසුරුවනය’ නිර්මාණය කිරීමට පෙළඹුණේ. මෙමගින් අපට පරිගණක ක‍්‍රීඩා පාලනය කිරීම සඳහා වයර් සම්බන්ධතාවයකින් තොර ව පාලනය කළ හැකි ය. මෙහි දී අවශ්‍ය වන්නේ අපට අවශ්‍ය පරිදි උපකරණය හැරවීම හෝ සෙලවීම පමණි.

මෙම නව නිර්මාණය සඳහා සහසක් නිමැවුම් නව නිපැයුම් තරගාවලියේ දී පරිගණක ක‍්‍රීඩා අංශයෙන් ප‍්‍රථම ස්ථානය දිනාගැනීමට හැකිවුණා. මීට පෙර ද මම නව නිර්මාණ කිහිපයක් කළා.’’

මූලාශ්‍රය -  01


1 comment:

  1. හංවැල්ල රාජසිංහ මධ්‍ය විද්‍යාලයට ආඩම්බරයක්

    ReplyDelete

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews