POSTED ON Sunday, October 6, 2013| | Edit Post

අධිවේගිය ගොඩගම සිට හම්බන්තොටට හදන හැටි

දකුණු අධිවේගී මාර්ගයේ මාතර ගොඩගම සිට හම්බන්තොට දක්වා කිලෝ මීටර් 92 ක් වන කොටසේ ඉදිකිරීම් චීන ණය මත ගොඩනැගීම ලබන ජනවාරි මාසයේ සිට ආරම්භ කරන බව මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා කියයි.

මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය, නිර්මල කොතලාවල “විමසුම“ ට පැවසුවේ මෙම කිලෝ මීටර් 92 ක් වන කොටසේ ඉදිකිරීම් සමාගම් 04 ක් සඳහා ලබාදීමට මේ වනවිට කටයුතු සම්පාදනය කරමින් පවතින බවයි.

තවමත් අවසන් තීරණයක් ගෙන නොමැති නිසා අදාළ ඉදිකිරීමේ සමාගම්වල නම් හෙළිකිරීමට නොහැකි බව අමාත්‍යවරයා පැවසීය.

දකුණු අධිවේගී මාර්ගය කොට්ටාවේ සිට ගාල්ල පින්නදූව දක්වා මේ වනවිට විවෘත කර තිබෙන අතර ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටසද ළඟදීම විවෘත කිරීමට නියමිතය.

මේ අතර, උතුරු අධිවේගී මාර්ගයේ පළමු අදියරේ ඉදිකිරීම්ද ලබන ජනවාරි මාසයේ පමණ ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.


උතුරු අධිවේගී මාර්ගයේ එඩේරමුල්ල සිට අඹේපුස්ස දක්වා මංතීරු 6ක්

යෝජිත උතුරු අධිවේගී මාර්ගයේ ප්‍රථම අදියරේ මූලික කටයුතු මෙම වසර අවසානයට පෙර ආරම්භ කිරීමට නියමිත අතර එහි එඩේරමුල් සිට අඹේපුස්ස දක්වා කොටස මංතීරු 6 කින් සමන්විත වනු ඇති බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය නිර්මල කොතලාවල මහතා පවසයි.

පලමු දියරේ ඉදිකිරීම් සඳහා වැයවෙතැයි අපේක්ෂිත මුදල ඇමරිකානු ඩොලර් බිලියනයකි. මෙම මාර්ගයෙහි බොහෝ ‍කොටස් දැනට පවතින දුම්රිය මාර්ගයට සමාන්තරව ඉදිවනු ඇති අතර කුඹුරු, වගුරු බිම් හා වෙනත් වගාවන් නොමැති බිම් ප්‍රදේශ හරහා ඉදිවන බැවින් ජනාකීර්ණ ප්‍රදේශවලට බලපෑම් ඇතිවන්නේ ඉතා සුළුවශයෙන් බවද අමාත්‍යවරයා වැඩිදුරටත් පවසයි.

එඩේරමුල්ල දුම්රිය ස්ථානය අසලින් ඉදිකිරීමට යෝජිත පිටත වටරවුම් මාර්ගය අසලින් මෙම අධිවේගී මාර්ගය ආරම්භ වී හොරපේ, රාගම, වල්පොල, බටුවත්ත, බුලුගහගොඩ, හීන්දෙණිය, වේයන්ගොඩ, වඳුරඹ, කීනවල, පල්ලෙවෙල, ගනේගොඩ, මීරිගම සහ බෝතලේ හරහා ගමන් කරනු ඇත.

එඩේරමුල්ල - අඹේපුස්ස අතර ඇති කිලෝමීටර 52.8 ක දුර ප්‍රමාණය තුළ අන්තර් හුවමාරු 5ක් එඩේරමුල්ල, ගම්පහ, වේයන්ගොඩ, මීරිගම සහ අඹේපුස්ස යන ස්ථානයන්හි පිහිටුවන අතර ගුවන් පාලම් 50ක් සහ යටි පාලම් 30ක් ඉදිකිරීමට නියමිතය.

මෙම ඉදිකිරීම් කටයුතු වැඩි ප්‍රමාණයක් ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගලු ඔය ගංවතුරට හසුවන භූමි ප්‍රදේශ මතින් උස් කොට ඉදිකිරීමට සැලසුම් කර ඇති බැවින් පරිසර හානි බොහෝ සෙයින් අවම වනු ඇත.

මෙහි ශක්‍යතා අධ්‍යයන කටයුතු සහ පරිසර බලපෑම් පිළිබඳව අධ්‍යයනය කිරීමේ කටයුතු සිදු කිරීම සඳහා SMES International (Pvt) Ltd අයතනය රජය විසින් පත් කර ඇති බව අමාත්‍යවරයා පැවසීය. ශක්‍යතා අධ්‍යයනයන් සහ භූතාක්ෂණික පිරික්සුම් කටයුතු මෙම වසර අවසානයේ සම්පූර්ණ කෙරේ. ඉඩම් අත්පත්කරගැනීමේ කටයුතු දැනටමත් ආරම්භ කර ඇත.

සාමාන්‍ය තත්වයන් යටතේ මෙම ව්‍යාපෘතිය සඳහා මාස 18 පමණ ගත වනු ඇති.

මූලාශ්‍රය - 1 , 2

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews