POSTED ON Sunday, October 20, 2013| | Edit Post
මෙරට රජයේ රෝහල් වලට අවශ්‍ය ඖෂධ මෙරටදීම නිෂ්පාදනය කිරීම සදහා ලබන සතියේදී කැබිනට් පති‍්‍රකාවක් ඉදිරිපත් කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර ඇත.

මේ වනවිට රජයේ රෝහල් වලට ඖෂධ වර්ග 900ක් විදේශීය රට වලින් මිලදී ගන්නා අතර එම ප‍්‍රමාණයෙන් 100ක් මුල් වටයේදී දේශීය නිෂ්පාදනකරුවන්ගෙන් මිලදී ගැනීමට කටයුතු කරන බව ජාතික ඖෂධ අධිකාරියේ අධ්‍යක්ෂ වෛද්‍ය හේමන්ත බෙනරගම මහතා සදහන් කළේය.

රාජ්‍ය ඖෂධ නීතිගත නිෂ්පාදන සමාගම මගින් නිෂ්පාදනය කරන ඖෂධ වර්ග 33ම මිලදී ගැනීමට කටයුතු කරන අතර ඉදිරියේදී ඔවුන් නිෂ්පාදනය කරන සෑම ඖෂධයක්ම රජයේ රෝහල් වලට ලබා ගන්නා බවද හෙතෙම පැවසීය.

මීට අමතරව විදේශ රට වලින් හෝ දේශීය වශයෙන් අමුද්‍රව්‍ය සපයාගෙන මෙරටදීම ඖෂධ නිෂ්පාදනය කරන බවට තහවුරු කරන සියලූම සමාගම් වල ඖෂධ මිලදී ගැනීමට කටයුතු කරන අතර ඒ සදහා අදාළ සමාගම සමග වසර 5කට අනුකූල වන පරිදි ගිවිසුමකට අත්සන් තබනු ඇත. - lanka c news

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews