POSTED ON Sunday, October 6, 2013| | Edit Post
විවෘත කිරීමට පෙර දින 3ක් නොමිලේ යන්න අවස්ථාව ..

අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ නායකත්වය මත මහින්ද චින්තන කඩිනම් මාර්ග සංවර්ධන වැඩසටහන යටතේ ක‍්‍රියාත්මක වූ  කොළඹ  - කටුනායක අධිෙව්ගී මාර්ගය මේ මස 27 වන දා  අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ජනතා අයිතියට පත් කරන බව වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය සඳහන් කරයි.

අතිගරු ජනාධිපතිතුමාගේ නායකත්වය යටතේ මෙරට මාර්ග සංවර්ධන ක්ෂේත‍්‍රයේ විප්ලවීය පරිවර්තනයක් සිදුවන මෙම අවධියේ ජනතා පරිහරණයට පත් කරන දෙවනි අධිවේගී මාර්ගය ලෙස කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය මෙරට මාර්ග ඉතිහාසයට එක් වේ. අධිවේගී මාර්ග නිර්මාණය අභියෝගයක්ව පැවති වකවානුවක එය අත්‍යවශ්‍ය සංවර්ධන ව්‍යාපෘතියක් සේ සලකා ක‍්‍රියාත්මක කිරීමේ අවශ්‍ය පසුබිම, විෂය භාර  අමාත්‍යවරයා හා රටේ නායකයා ලෙස අතිගරු ජනාධිපතිතුමා උපදෙස් ලබා දෙමින් ඊට අවශ්‍ය නායකත්වය දීම තුල මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිම කර ගැනීමට හැකි වූ බව  වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය ගරු නිර්මල කොතලාවල මැතිතුමා ප‍්‍රකාශ කරයි.


ජනතා අයිතියට පත් කිරීමට නියමිත කොළඹ  -  කටුනායක අධිවේගී මාර්ගය දිගින් කිලෝමීටර 25.8 කි . යෝජිත අධිවේගී මගෙහි ආරම්භක ස්ථානය නව කැළණි පාලම අසල පිවිසුමයි . එය කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපළ ප‍්‍රවේශ මාර්ගයෙන් අවසන් වේ . ඉදිකිරීම් වියදම ඇමරිකානු ඩොලර් මිලියන 350 කි.  පැයට කිලෝ මීටර 100 දක්වා වේගයෙන් රථ වාහන ගමනාගමනය කල හැකි පරිදි සැලසුම් කර ඇත. මෙමඟින් කොළඹ -  කටුනායක අතර ගමනාගමනයට ගත වන කාලය විනාඩි 20 ක් දක්වා අඩු කර ගැනීමට බලාපොරොත්තු වේ .

මෙම අධිවේගී මාර්ගයේ ප‍්‍රධාන අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 04 කි.

       1.       නව කැළණි පාලම අන්තර් හුවමාරු මධ්‍යස්ථානය

       2.       පෑලියගොඩ අන්තර් හුවමාරු මධ්‍යස්ථානය

       3.       ජා-ඇල අන්තර් හුවමාරු මධ්‍යස්ථානය

       4.       කටුනායක අන්තර් හුවමාරු මධ්‍යස්ථානය

ඉදිකිරීම් කටයුතු 2009-08-18 දින ඇරඹින. වරාය හා මහාමාර්ග අමාත්‍යාංශය සහ මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ චීන ඉදිකිරීම් සමාගම් විසින් මාර්ග ව්‍යාපෘතිය නිර්මාණය කර ඇත.

මෙරට ඉදිවන මාර්ග අතරින් මුහුදු වැලි පුරවා ඉදිකරන එකම අධිවේගී මාර්ගය මෙම කොළඹ - කටුනායක අධිවේගී මාර්ගය වීම විශේෂත්වයක් බව වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය ගරු නිර්මල කොතලාවල මැතිතුමා පවසයි .

එමෙන්ම මාර්ගය තුල නවීන තාක්ෂණික ක‍්‍රමවේදයන් උපයෝගී කරගනිමින් විධිමත් ප‍්‍රවාහන සේවාවක් පවත්වා ගැනීමට කටයුතු සලසා ඇත. ඒ අනුව විද්‍යුත් දැන්වීම් පුවරු (Variable Messge Signs) යොදා ගනිමින් මාර්ගයේ සිදුවන අනතුරු පිළිබඳව රියදුරන් දැනුවත් කිරීමත් මගී ජනතාවට අවශ්‍ය පණිවුඩ හා තොරතුරු ලබා දීමටත් මෙය භාවිතා කෙරේ. එමෙන්ම අධිවේගී මාර්ගය දෙපස දුරකථන කුටි පද්ධතියක් ස්ථාපිත කර ඇති අතර එමඟින් දවසේ පැය 24 තුලම ප‍්‍රධාන මෙහෙයුම් කාර්යාලය සමඟ සම්බන්ධ වීමට අවස්ථාව සැලසේ .

මෙම මස 27 වන දින ජනතා අයිතියට පත් කිරීමට නියමිත මෙම මාර්ගය විවෘත කිරීමට පෙර ජනතාවට දැක බලා ගැනීමට, මාර්ගය තුල නිදහසේ ගත කිරීමට අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ උපදෙස් පරිදි අධ්‍යාපනික හා විනෝදාත්මක වැඩසටහන් මාලාවක් සංවිධානය කරන බවත් එය දින තුනක් පුරා ක‍්‍රියාත්මක කරන බවත්  වරාය හා මහාමාර්ග ව්‍යාපෘති අමාත්‍ය ගරු නිර්මල කොතලාවල මැතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටි.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews