ලංකාවේ ප්‍රබලතම අලෙවි ආයතනය ලෙස කියාගන්නා Ogilvy Media ආයතනය කරන ලද පහත් පෙලේ වැඩක් පිළිබඳව තිස්තුන්දාහට වාර්තාවේ.

කිරි පිටි කියා රටම රවටා රටටම විස පෙවූ ඇන්කර් ආයතනයේ නිෂ්පාදන මිට මාස කිහිපයකට පෙර ලංකාව තුල තහනම් වූ අතර ඔවුන්ට එරෙහිව නැගී ආ විරෝධය හමුවේ සේවක ආරක්ෂාව තහවුරු කිරීමට නොහැකිව ශ්‍රී ලංකාවේ ශාඛාවද කලකට වසා දමන ලදී.

මේ හේතුවෙන් ඇන්කර් ආයතනයට අධික පාඩුවක් සිදුවූ අතර නැවතත් වෙළඳ පොලට පැමිණීමට ඔවුන් විවිධ උත්සාහයන් ගනිමින් සිටියි.

කෙසේ වෙතත් සමාගමේ කිරි පිටි වෙළඳ පොලේ විෂ වලින් තොරයි කීමට සමාගමේ සේවකයන් ඉදිරිපත් නොවූ නිසා නැවත පාරිභෝගිකයන් බිලි බාගැනීමේ කොන්ත්‍රාත්තුව සඳහා සරසවි සිසුන් Ogilvy Media ආයතනය හරහා ඇමට ලබාගැනීමට ඔවුන් තීරණය කරන ලදී.

මක්නිසාද යත් වෙළද පොලේදී ගුටි කෑවද බැනුම් ඇහුවද එයට මුහුණ දීමට සිදුවන්නේ සරසවි සිසුන්ට නිසාවෙනි.

මෙලෙස වෙළඳ පොලේ දිනක් ප්‍රචාරයේ යෙදෙන සරසවි සිසුවෙකු වෙනුවෙන් රුපියල් 5,500 මුදලක් ඇන්කර් ආයතනය Ogilvy Media ආයතනය වෙත ලබාදී තිබේ.

සරසවි සිසුන් පෙන්වා එක් පුද්ගලයකු සඳහා රුපියල් 5,500 ගරා ගත් මිනිස් ශ්‍රමය සුරාකෑමට මනා පලපුරුදක් ඇති Ogilvy Media ආයතනය එය තවත් ජාවාරමක් බවට පරිවර්තනය කරගන්නා ලදී.

ඔවුන් කැලණිය සරසවියේ කළමනාකරණ පිටයේ පළමු වසර සහ දෙවන වසර සිසුවියන්ට මෙය අලවි කරණය පිළිබඳ මාසයක ප්‍රයෝගික පුහුණුවක් ලෙස හදුන්වා දුන් අතර එක් දිනක් වෙනුවෙන් සහභාගි වන එක් අයෙකු සඳහා රුපියල් 1,000 ලබාදෙන තරම් ඔවුන් කාරුණික බව පවසමිනි.

මෙයට සහභාගී වන ලෙස සදහා සරසවි ප්‍රධානින් සරසවි සිසුන්ට දැඩි බලපෑමක් එල්ල කර තිබේ. (ඒවෙනුවෙන් ඇතැම් විට ඔවුනටද සන්තෝසමක් ගෙවීමට තරම් Ogilvy Media ආයතනය සංග්‍රහශීලි වන්නට ඇත.)

මෙම පුහුණු යයි කියූ විගඩමට සිසුවියන් පමණක් බලෙන් සම්බන්ධ කරගෙන ඇති අතර සිසුන් හට දේශනා අකණ්ඩව පවත්වන ලදී.

පැමිණීම 80% වෙන් 1% ක් හෝ අඩුනම් විභාගය ලිවීමට අවසර නොදෙන සරසවි ඇදුරන්, මෙය සඳහා පවසා ඇත්තේ පාරේ වේලෙන දවස් ගානට සිසුවියන් වෙනුවෙන් පැමිණීම ලකුණු කිරීමට ඔවුන් කාරුණික වන බවයි.

මෙය සඳහා බොහෝ සිසුවියන්න් තම අකමැත්ත ප්‍රකාශ කර දේශනා වලට පැමිණ ඇති අතර එලෙස දේශන වලට පැමිණි සිසුවියන්ටද දේශනා වලද නොපැමිණ සිටින ලෙස බලපෑම් කිරීමට සරසවි ඇදුරන් ක්‍රියාකරන ලදී.

තවද මෙයට සහය නොදක්වන්නේ නම් සරසවියේ සිසුන් සිදුකරන කිසිඳු පොදු කටයුත්තකට සහභාගි වූ ඇදුරන් සහභාගි නොවන බව පවසා තිබුනේ සරසවි සිසුවියන් තවත් අසරණ කරමිනි. (මෙය ඇදුරන් කිහිප දෙනෙකුගේ අවශ්‍යතාවය මත සිදුවන්නකි )

මෙයට සහභාගි වන සිසුවියන් පුරුදු කිරීමට Ogilvy Media ආයතනය පැය කිහිපයක වැඩසටහනක් පවත්වා තිබු අතර යම් පාරිභෝගිකයකු "ඇයි විස නැතිනම් ඇන්කර් තහනම් වුනේ" යන පැනය නැගුවා හොත් එයට පිළිතුර ලෙස "ඵල ඇති රුකටනේ ගල් ගසන්නේ" යයි පවසන්න ලෙස උපදෙස් දී තිබේ.

කෙසේ හෝ මෙම වැඩසටහනේ දින කිහිපය ක්‍රියාත්මක වූ අතර එහිදී මහජනතාවගෙන් සරසවි සිසුවියන් බැනුම් ඇසු වාර අනන්තය. ඇතැම් පිරිස් මෙම සිසුවියන්ට පවසා තිබුනේ "මුන්ට සල්ලි දෙනවනම් මුන් බුදියන්න යන්න උනත් යාවි" ලෙසය.

එලෙස මෙම ජාවාරම් නිසා බාල්දු වුයේ දෙමාපියන් තම ඇසක් මෙන් දිවා රෑ බලාගත් සරසවි දියණියන්ය.

කොළඹ අපිරිසිදු තොග කඩ අසල දිනක් පුරා වියලෙමින් සිටින මෙමෙ සරසවි සිසුවියන්ට අවම වශයෙන් වැසිකිලියට යාමට වත් පහසුකම් සැපයීමට මෙමෙ ජාවාරම් කරුවන් ක්‍රියාකර නොමැත.

ඇතැම් තොග කඩවල වැසිකිලි පැවතියද , පිරිමින් පමණක් සිටිනා බැවින් තනිව යාමට බියෙන් ඒවාද  භාවිතයට ගැනීමට නොහැකිව සිසුවියන් දිනය පුරා දැඩි අපහසුතාවයට පත්ව සිටින ලදී. අවම වශෙන් පොරොන්දු වූ පරිදි නිසි වෙලාවට මෙම සිසුවියන් සවස රැගෙන යාමට පැමිණීමට තරම් වත් Ogilvy Media කටයුතු නොකරන ලදී.



මෙම ප්‍රශ්නය සරසවි සිසුවියන් දෙමාපියන් වෙත දැන්වීම වරදක් යයි පවසමින් සරසවි ඇදුරන් තර්ජනය කර ඇත්තේ ඔවුන් ඉදිරියේ සරසවි තුල සිදුකරන පොදු කටයුතු වලින් ඉවත් වන බවයි. මෙම බලපෑම් ඉදිරියටත් පැවතියහොත් එයට සම්බන්ධ සරසවි ඇදුරන්ගේ නම් ගම් සහිතව හෙළි කිරීමට අප බලාපොරොත්තුවේ.

අප බලධාරීන්ගෙන් අසනුයේ එක් එක් ජාවාරම් කරුවන්ගෙන් උවමනාවට සරසවි සිසුන්ගේ ඉගැනීම සදහා වූ මානව අයිතිය ආරක්ෂාව සදහා වූ මානව අයිතිය මෙලෙස වෙන්දේසි කිරීමට ඉඩ ලබාදෙන්නේ කෙලෙසද යන්නයි.

උපුටා ගෑනීම -   http://www.33000.lk/2013/09/Anchor-OgilvyMedia.html#ixzz2hCrh7SIu
Follow us: 33000lk on Facebook

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews