දුම්වැටි ඇසුරුම් මත 80% ක් ආවරණය වන සේ සෞඛ්‍ය අවවාදමය රූප ඇතුළත් කිරීමේ ගැසට් නිවේදනය පසුගිය කාලේ බොහෝ ආන්දෝලනයට ලක්වූ මාතෘකාවකි.

පසුගිය කාලයේදී දුම්කොළ විරෝධී ජගත් විශිෂ්ටතා සම්මානයෙන් පිදුම් ලද මෛත්‍රිපාල සිරිසේන මහතා පොළොන්නරුවේ පැවති උත්සවයකදී කියා සිටියේ එම ගැසට් නිවේදනය ගෙන ඒමට ප්‍රථම දුම්කොළ සමාගම් තමාට මුදල් අල්ලස් ලබාදීමට උත්සාහ කල බවයි.

ලොවපුරා කරන ලද සමීක්ෂණයකට අනුව හෙළිවී ඇත්තේ අවවාදමය රූප ඇතුලත් කිරීමෙන් අනතුරුව අනෙකුත් රටවල දුම්පානය සැලකියයුතු අන්දමින් පහත බැස ඇති බවයි.

ශ්‍රී ලංකාවේද මෙය ක්‍රියාත්මක කිරීමට යාමේදී ගැසට් නිවේදනය තමා විසින් ගෙන ඒමට සුදානම් වනවිට දුම්කොළ සමාගම් විසින් ඔහුව හමුවී එය වැලක්වීමට උත්සාහ කල බවත් එසේ මුදල් ගත්තානම් පරම්පරා හතකට නොව පරම්පරා දාහතරකට සුවසේ සිටීමට හැකිව තිබු බවද සෞඛ්‍ය ඇමතිවරයා ප්‍රකාශ කර තිබුණි.

එම ප්‍රකාශයත් සමග කලබලයට පත් දුම්කොළ සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා තිබුනේ තම සමාගම අවරුදු සියයකටත් වඩා ව්‍යාපාරික කටයුතු මෙහෙයවා ඇති බවත් අමාත්‍යවරයා විසින් කරන ලදැයි පුවත්පත්වල පළවූ "මුදල් ලබා දීමේ" කතාව සාවද්‍ය පුවතක් පමණක් බවයි.

තිස්තුන්දාහේ අප පුවත්පත්වල පමණක් පලවූ එමකතාවෙහි මෙතෙක් පල නොවූ වීඩියෝව මෙසේ පළකරනුයේ ඇමතිවරයා හට එල්ලවූ බලපෑම් රටට හෙළි කිරීමේ අරමුණෙනි.

පොළොන්නරුවේ පැවති උත්සවයේදී අමාත්‍යවරයා සිදුකරනලද කතාවෙන් කොටසක් පහත වේ.

"මේ ගැසට් නිවේදනය නිකුත් කරන්න නීති අංශ වලට උපදෙස් දෙනවාත් එක්කම මගේ අමාත්‍යාංශයෙන් මේ පිලිබඳ තොරතුරු පිටට ගලාගෙන ගියා. ඒ ගැසට් නිවේදනය සකස් කිරීම සම්බන්ධව තොරතුරු පිටට යනවාත් සමගම ඇතැම් බලවේග උත්සාහ කළා මාව පෞද්ගලිකව හමුවෙන්න මේ ගැසට් නිවේදනය ගෙන ඒම වලක්වන්න...

බොහෝ යෝජනා ගෙනාවා..ගැසට් නිවේදනය අත්සන් කරලා හෙටයි අත්සන් කරන්නේ කියලා ඊට කලින් දවසේ මේ පිලිබඳ දැඩි බලපෑම් ආවා..බරපතල යෝජනා ඉදිරිපත් උනා..මට දරුවෝ තුන්දෙනෙක් ඉන්නවා..ඒ දරුවන්ට මුනුබුරු මිනිබිරියන් ඉන්නවා..මට පුළුවන්කම තිබුනා දරුවනේ ඒ යෝජනා වලට කැමතිවෙලා මතයි මගේ දරුවන්ටයි විතරක් නෙවෙයි..පරම්පරා හතකට නෙවෙයි පරම්පරා දාහතරකට ඔය ලෝකයේ සතුටින්ම මිනිස්සු ජීවත් වන රටකට ගිහිල්ලා පරම්පරා හතක දාහතරක් ඉහලම සැප ලබාගන්න මට හැකියාව තිබුනා..

මම ඒ සියල්ල ඒ යෝජනා ගෙනාපු අය පවා මම හම්බවෙන්න දුන්නේ නැහැ.. මගේ නිවසට, කාර්යාලයට, පාර්ලිමේන්තුවට ආවත් මාව හම්බවෙන්න බැහැ කියලා මම පණිවුඩ ගෙනාපු අයට කිව්වා..සමහර අය පාර්ලිමේන්තුවට එක්ක ඇවිල්ල මට කිව්වා.. "යට ඇවිල්ල ඉන්නවා ඇමතිතුමා..වචනයක් කතාකරන්න කියලා.." මම කිව්වා මට ඒ ගොල්ලොන්ගේ මුනවත් බලන්න අවශ්‍යය නැහැ කියල...

ඩොලර් වලට පවුම් වලට, රන් පවුම් වලට මේ රටේ ජනතාව, රටක් පාවලා දෙන්න මගේ හෘද සාක්ෂිය ඉඩ දුන්නේ නැහැ..එන්න පුළුවන් ඕනෑම අභියෝගයකට මුණ දෙන්න මම සුදානම්..එය සමහරවිට මගේ දේශපාලන ඉරණම සම්බන්ධයෙන් විය හැකියි..ඒ මගේ ජීවිතය සම්බන්ධව ප්‍රශ්නයක් විය හැකියි..ලෝකයේ තියෙන බහුජාතික සමාගම් තමාගේ ව්‍යාපාර වලට අභියෝගයක් වන මිනිස්සු මාධ්‍යයත් එක්ක එකතුවෙලා චරිත ඝාතනය කරලා විනාස කරලා දේශපාලනයෙන් සමාජයෙන් ඉවත්කරන්න කටයුතු කරලා තියෙනවා..සමහර වෙලාවට මරලා දාල තියෙනවා..මම ඒ ඕනෑම දෙයකට සුදානම්."


එහි වීඩියෝව බලන්න පහතින් පහතින්




කිනම් දේශපාලන මතිමතාන්තර පැවතියත් රටක් වශයෙන් දුම්කොළ සමාගම් හා ඖශධ මාෆියාවන්ට එරෙහිව කටයුතු කර සෞඛ්‍ය අමාත්‍යවරයා ගේ ක්‍රියාකලාපය අගය කල යුතුය.

වෙනත් රටවල ඇති අවවාදාමය රූප සටහන් ඇතුලත් දුම්වැටි ඇසුරුම්









උපුටා ගෑනීම -   Read more: http://www.33000.lk/2013/10/maithripala-sirisena-revealed-truth-about-tobacco-company.html#ixzz2hmvpdUCW

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews