POSTED ON Saturday, October 26, 2013| | Edit Post

ලබන 27වැනිදා විවෘත වන කොළඹ කටුනායක අධිවේගී මාර්ගය ඔක්තෝබර් 22 සිට 24 දක්වා ජනතාව සදහා තෙදිනක් විවෘත විය. එම දින තුන වෙනුවෙන් ජනතාවගේ සහභාගිත්වයෙන් සංස්කෘතික අංගයන් සහ ජනක්‍රීඩා පැවැත්විය.

කොළඹ සිට කටුනායක දක්වා දිවෙන කිලෝමීටර් 26කින් යුත් අධිවේගී මාර්ගයේ වැඩ කටයුතු නීරික්ෂණය කිරීමට වාර ගණනාවක් එහි ගිය ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අවසාන වශයෙන් එහි ගොස් අදාල නිළධාරින්ට අවශ්‍ය කටයුතු සදහා උපදෙස් දෙනු ලැබීය. මෙම අධිවේගී මාර්ගය වසර 40කට ආසන්න කාලයක් විවිධ රජයන් මගින් ක්‍රියාත්මක කිරීමට කටයුතු කලද එය ක්‍රියාත්මක නොවූ අතර අවසානයේදී වසර 2008දී ආරම්භ කර වසර 05ක් ඇතුළත නිම කරන ලදී.

 ලංකාවේ දෙවන අධිවේගී මාර්ගය වන මෙය පෑලියගොඩින් ආරම්භ වී කටුනායකින් අවසන් වේ. දේශීය ඉංජිනේරුවන් විසින් ඉදිකිරීම් කටයුතු කල මෙම අධිවේගී මාර්ගයෙන් කොළඹ කටුනායක දැඩි වාහන තදබදය මගහැරෙන අතර විනාඩි 20කින් ගමනාන්තය දක්වා යාහැකිය. පෑලියගොඩ, කෙරවලපිටිය, ජාඇල, කටුනායක යන ස්ථානවල අන්තර් හුවමාරු මධ්‍යස්ථාන 4ක් ඇති අතර මංතීරු හයකින් සමන්විත අතර පැයට කිලෝමීටර් 100ක ධාවන වේගයකින් ගමන් කල හැකිය. දක්ෂිණ අධිවේගී මාර්ගය සහ මෙම අධිවේගි මාර්ගය යාකිරීමේ කටයුතු දැන් අවසාන අදියරේ පවතී.

 මේ පිළිබදව අදහස් දක්වමින් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාපක්ෂ මහතා කියා සිටියේ දක්ෂිණ අධිවේගි මාර්ගය සහ කොළඹ කටුනායක අධිවේගී මාර්ගයන්හි නියම ප්‍රතිඵල ලබාගැනීමට නම් උතුරු අධිවේගී මාර්ගයද ඇතිකල යුතු බවත් රජය මගින් එහි මූලික කටයුතු දැනටමත් ආරම්භකර ඇති බවත්ය. උතුරු අධිවේගී මාර්ගය ඉදිකිරීමේදී පළමු අදියර ලෙස එඩේරමුල්ලේ සිට අබේපුස්ස දක්වාත්, දෙවන අදියර ලෙස මීරිගම සිට පැල්ලන්දෙනිය දක්වාත් තෙවන අදියර ලෙස අඹේපුස්ස සිට මහනුවර දක්වා මාර්ග අදියර තුනක් යටතේ ඉදිකිරීමට සැළසුම් කර තිබේ.

කොළඹ කටුනායක අධිවේගී මාර්ගය අවසාන ඉදිකිරිම් නිරික්ෂණය කිරීමේ චාරිකාවට අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා සමග නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පළාත් අමාත්‍ය නිමල් ලන්සා එම ප්‍රදේශවලට අයත් පළාත් පාලන ආයතනවල නියෝජිතයන් සහ  ඉදිකිරීම් භාරව කටයුතු කරන අදාල අංශවල නියෝජිතයින්ද ඊයේ එක්වී සිටියහ.

කටුනායක අධිවේගය නරඹන්න තෙදිනකදී ලක්ෂ දෙකක්

කොළඹ කටුනායක අ‍ධිවේගි මාර්ගය මහජනයාට නැරඹීම ඉකුත් අඟහරුවාදා සිට දින 03ක් විවෘතවූ අතර අවසාන දිනය වූ ඔක්තෝබර් 24වැනිදා පස්වරුව වන විට ලක්ෂ 2කට අධික පිරිසක් ඒ ආශ්‍රිතව පැවැත්වූ සංස්කෘතික අංගයන් සහ ජනක්‍රීඩා වලට සහභාගිවීම සදහාද මාර්ගය නැරඹීමටද එක්වී සිටියහ. මෙහිදී විශේෂත්වයක් වූයේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා බ්‍රහස්පතින්දා උදෑසන අධිවේගී මාර්ගයේ පැවති පාගමනට එක්වීමය. 

බ්‍රහස්පතින්දා පස්වරුව වන විට පෑලියගොඩ, වත්තල, කටුනායක, ජාඇළ යන අධිවේගී හුවමාරු ස්ථානවලින් පැමිණි ජනතාව හේතුකොට ගෙන අධිවේගී මාර්ගය එම ප්‍රදේශයන්හි කිලෝමීටර් ගණනාවක් දිගට එකම හිස් ගොඩක් බවට පත්වී තිබුණු අතර ඇතැම් ස්ථානයන්හි පාගමන් හේතුකොට මාර්ග තදබදයක්ද ඇතිවී තිබිණි. උදෑසන පාසැල් විශාල සංඛ්‍යාවකින් පැමිණි දස දහස් සංඛ්‍යාතික සිසු පිරිස් අධිවේගී මාර්ගයේ විවිධ ස්ථානයන්හි නිරීක්ෂණය කරමින් ගමන් කරනු දැකීම සුලභ දසුනක් විය. 

ඉකුත් තෙදින තුළ සියළු සංස්කෘතික අංගයන් සහ ජන ක්‍රීඩා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් පළාත් අමාත්‍ය නිමල් ලන්සා මහතාගේ  සංවිධායකත්වයෙන් පැවැත්විණි. බස්නාහිර ප්‍රධාන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සහ නිවාස සහ ඉදිකිරීම් නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න යන මහත්වරුන්ද ඒ සදහා විශාල දායකත්වයක් දක්වනු ලැබීය

. ඔක්තෝබර් 24වන බ්‍රහස්පතින්දා බයිස්සිකල් ධාවන තරග, ඇවිදීමේ තරග, කඹ ඇදීමේ තරඟ, විදි සහ වේදිකා නාට්‍ය පෙරවරු 8.00 සිට ආරම්භවූ අතර පස්වරුවේ පැවති මීගමුව කලපුවේ තෙප්පන් තරගය සහ මීගමුවේ ත්‍රී රෝද රථ තරගය ඉතා ආකර්ෂණීය බවක් පළ කළේය. අලින් කිහිප දෙනෙකුගෙන් සමන්විත අලි පෙරහැර සමග විදේශිකයින් විශාල පිරිසක්ද ගමන් කරනු දක්නට ලැබිණි. වත්තල කෙරවලපිටියේදී සහ තොරණ හන්දියේදී  පස්වරුවේ ආරම්භවූ සංගීත සංදර්ශනයන්ටද විශාල පිරිස් එක්වී සිටියහ. ඉකුත් බදාදා පැවති තිරික්කල් තරඟය සහ සරුංගල් තරඟයද සැමදෙනාගේ අවධානය දිනා ගැනීමට සමත් විය. 
























 - See more at: http://med.gov.lk/sinhala/?p=12369#sthash.LjgfCmna.dpuf

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews