POSTED ON Tuesday, October 15, 2013| | Edit Post
තම ජීවිතයද,තම සතුටද,තම අනාගතයද පරදුවට තබා රට වෙනුවෙන් යුදවැදි රටක් වටිනා විරුවෙක් හා .. මවුබිම රකින්නට ගොස් අබාධිත වෙද්දී පෙම්වතිය හැර ගියද...ඒ ආබාධිත රණවිරුවා කෙරෙහි උපන් ආලයෙන් එම ආබාධිත බව අමතක කර යුගදිවියට පිවිසි රටක් වටින යුවතියක්...මේ ඔවුන්ගේ කථාන්දරයයි..

වසර 30ක් පුරා පැවැති ත‍්‍රස්තවාදීන්ට පරාජය කිරීමේ මෙහෙයුමේ දී ඇසක් හා එක් පාදයක් අහිමි වූ රාගම රණවිරු සෙවණේ ආබාධිත රණවිරු ලාන්ස් කෝප‍්‍රල් එල්.යූ. ඉන්ද්‍රජිත් මහතා පෙර පාසල් ගුරුවරියක වන එච්.කේ. තිළිණි ප‍්‍රියදර්ශනී මෙනවිය සමඟ ගම්පහ, බැලූම්මහර දී සුබ මොහොතින් අද විවාහ දිවියට පා තැබී ය. සුදු සැරයටි දිනය යෙදී ඇති 15 දා දිනයේ දී මෙම විවාහ මංගල්‍යය යෙදී තිබීම ද විශේෂත්වයකි. ‘සියනෑවේ අපි’ සංවිධානය විසින් මේ සඳහා පූර්ණ අනුග‍්‍රාහකත්වය ලබාදී තිබිණ.
2009 මැයි මාසයේ පුදුමාතලන් හි අවසන් සටන් මෙහෙයුමේදි සතුරු ප්‍රහාරයෙන් දැස් අහිමි වු යුද හමුදා ලාන්ස් කෝප්‍රල් උපුල් ඉන්ද්‍රජිත් , තිළිණි ප්‍රියදර්ශනී මෙනවිය සමඟ අද ජීවින සටන ඇරඹිය
කෑගල්ලේ කිතුල්ගල උපන් ඉන්ද්‍රජිත් බුත්තල ගෝණගංආර උපන් ප්‍රියදර්ශනී සමඟ මෙසේ යුග දිවියට එළඹියේ ගම්පහ පභාවි උත්සව ශාලාවේදීය
විවාහ මංගල්‍ය චාරිත්‍රානුකුලව සිදු කළ මෙහිදි මනාලයා මුතු කුඩ ඔසවා පලස් එළා පිළිගෙන කැඳවා ආ අතර මනාලිය දෝළාවක හිඳුවා කැඳවාගෙන එනු ලැබුවාය

උපුටා ගෑනීම -   Anura S. Liyanage Target-news - (ඡායාරූප - AFP ඇසුරිනි)










Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews