POSTED ON Tuesday, October 8, 2013| | Edit Post
මෑතකදී විවෘත කරන ලද හම්බන්තොට නව වරාය පරිශ‍්‍රයේ මෙරටට වාහන ආනයනය කිරීම ඉහල යාම හේතුවෙන් ඉඩකඩ ඇහිරී යාම නිසා නව ගුදම් ඉදිකරන ලෙස වාහන ආනයනකරුවෝ වරාය අධිකාරියෙන් ඉල්ලා ඇත.

මේ වන විට වාහන ආනයනය කරන ලද නැවු පහක් පමණ වරායේ ඉඩකඩ මදිවීම නිසා වරාය ආසන්න මුහුදේ නැංගුරම් ලා තිබේ.


මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියේ සභාපති බන්දු ප‍්‍රියත් වික‍්‍රම මහතා සඳහන් කරන්නේ දැනට වාහන රැගත් නෞකා 20ක් පමණ මසකට පැමිණෙන බවත් එම නෞකාවලින් වාහන 20,000ක් පමණ ආනයනය කෙරෙන බවත්ය.

මෙම සංඛ්‍යාවෙන් 13,000ක් පමණ ප‍්‍රති අපනයනය කෙරෙන බවද පැවසූ සභාපතිවරයා වරායේ තදබදය ඉවත් කිරීම සඳහා නව ගුදම් ඉදිකිරීමට පියවර ගන්නා බවද කීවේය.




- See more at: http://lankacnews.com/sinhala/main-news/102258/#sthash.wIpZspqj.dpuf

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews