POSTED ON Monday, October 14, 2013| | Edit Post
ඇස පසාරු කරමින් මොළය තෙක් ගිය පිහි තුඩක් එළියට ගනී .පිහිය ඇසෙන් ඇතුලු වෙයි .කරාපිටියේදී ඉවත් කරයි

අවුරුදු දෙකහමාරක් වයසැති දැරියකගේ ඇස් කුහරයෙන් ඇතුළට කා වැදුණු තියුණු පිහියක් පැය කිහිපයක ශල්‍යකර්මයකින් සාර්ථකව ඉවත් කළ බව කරාපිටිය රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා පවසයි.


මෙලෙස ශල්‍යකර්මයට ලක්වී ඇත්තේ ඉමදුව කනංකේ කයිකාරගේවත්තේ පදිංචි පමෝදා ගිම්හානි නමැති දැරියකි. තමන් අඹ ගෙඩියක් කැපූ පසෙකින් තැබූ පිහිය රැගෙන දිවගිය දියණිය ඇදවැටී පිහිය ඇස අසළින් ඇතුලට ගිය බව මව රෝහලේ දී කීවාය.

වෛද්‍යවරු පවසන්නේ ඇණුනු පිහිය එසේ ම තිබියදී දැරිය රෝහලට ගෙන ආ බවයි. පිහිය ඉවත්කිරීමට උත්සාහ ගත්තේ නම් දැරියගේ ජීවිතය අහිමිවීමට හෝ ඇය සදාකාලික ආබාධිත වීමට පවා ඉඩ තිබූ බව වෛද්‍යවරු කියති.
මේ ශල්‍යකර්මය පිළිබද අදහස් දැක්වූ විශේෂණ ස්නායු ශල්‍ය වෛද්‍ය දීපාල් අත්තනායක මහතා මෙසේ කීවේය.

ඇස් කුහරයෙන් ඇතුලට ගිය පිහිය මොළය දක්වාම ගමන්කර තිබුණා. පූර්ව මොළය කියන කොටසේ පතුලේ තමයි මෙය තිබුණේ. මෙවැනි තියුණු පිහියක් හිස් කබලට ගමන් කිරීමෙන් මොළයේ රුධිර වාහිනී වලට හානි සිදුවිය හැකියි. නැතිනම් විෂ බීජ ඇතුළු විය හැකියි. බොහෝ විට සිදුවන්නේ මේ වගේ අනතුරකට පත්වූ දරුවෙක් මිය යාමයි. නැතිනම් සදාකාලික පෙනීම අහිමිවනවා. ශරීරයේ එක් කොටසක් පන නැතිවීම හෝ වෙනත් ව්‍යාකූලතා ඇතිවිය හැකියි. අපි ඉතාමත් ඉක්මණින් ශල්‍යකර්මය සිදුකළා. ඒ වනවිට ඇසේ පේෂි හතෙන් දෙකකට හානි සිදුව තිබුණා. ඒ සියල්ල පිලිසකර කළා. දැන් දරුවා සුවය ලබා තිබෙනවා.
දැරියගේ මව පවසන්නේ මෙවන් ශල්‍යකර්මයකින් සිය දියණිය බේරාගැනීමට කටයුතු කළ වෛද්‍යවරුන්ට ස්තූති කරන බවයි. 












Anura S. Liyanage Target-news - Sunday, October 13, 2013-2013 ඔක්තෝබර් මස 13 - වේරගොඩගේ සජිව විජේවීර

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews