POSTED ON Saturday, October 26, 2013| | Edit Post
මෙන්න අපේ රටේ ම්නිස්සුන්ගෙ වටිනාකම..වෙන කොහේද මෙහෙම මිනිස්සු ඉන්නෙ..?
ශ්‍රී ලංකාවට පැමිණ සංචාරයේ යෙදෙමින් සිටිද්දි දඹුල්ල නගරයේ වෙළෙඳසලක අමතක වී ගිය රුපියල් කෝටියක් පමණ වටිනා මුදල් පසුම්බියක් එම මෙක්සිකෝ ජාතික විදේශිකයා සොයා ආපසු බාරදුන් දඹුල්ල නගරයේ ව්‍යාපාරිකයකු වන ආර්.බී.කේ. උදයකුමාරට සහ ඔහුගේ බිරිය නිලන්ති චානක මහත්මියට ඉකුත් 4දා පෙරවරුවේ ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක අතිපූජ්‍ය උඩුගම ශ්‍රී රතනපාල බුද්ධරක්ඛිත හිමියන් විසින් තම විහාරස්ථානයට කැඳවනු ලැබ සිදු කළ සද්ක්‍රියාව අගයමින් ප්‍රශංසාවට ලක් කළේය.

ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ප්‍රතිරූපය ඉහළට ඔසවා තැබීමට සිදු කළ මෙම සද්ක්‍රියාව මහත් පිටුවහගක් මෙවැනි ආදර්ශමත් තරුණ නායකයන් රටට වැදගත්. රටට ආඩම්බරයක් රටේ අභිවෘද්ධියට මෙවැන්නන්ගෙන් සිදුවන සේවය අගය කළ යුතු වෙනවා. රටවල් 130ක් පමණ මා සංචාරය කර තිබෙනවා. මෙවැනි ආදර්ශමත් ක්‍රියාවක් අසන්නට ලැබුණු පළමු අවස්ථාව මේකයි මේ සද්ක්‍රියාව පිළිබඳ විදේශීය රටවල් දැනුම්වත් කිරීමට අවශ්‍ය පියවර ගන්නවා යැයිද උන්වහන්සේ පැවැසූහ.

මහා නායක හිමියන් සමඟ මෙම අවස්ථාවට උතුරු මැද දෙපළාතේ සංඝනායක පූජ්‍ය කවුඩාගම්මන විමලරතන හිමියන්ද එක්ව සිටි අතර එම අඹුසැමි යුවළ සමඟ පැය භාගයක පමණ කාලයක් පිළිසඳරේ යෙදී සිටීමද විශේෂත්වයක් විය. මෙම අවස්ථාවේ සිහිවටනයක් ලෙස බුද්ධ ප්‍රතිමාවක්ද උදයකුමාර මහතා විසින් මහානායක හිමියන්ට පරිත්‍යාග කළේය.

- Anura S. Liyanage Target-news -Saturday October 26th 2013 -දඹුල්ල - ධම්මික නාමල් කෝරාල,

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews