කීර්ති නාමය කෙලෙසුවොත් එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවට අනතුරු හැඟවීමක්
මෙරට දුම්කොළ කර්මාන්තයට සම්බන්ධ පිරිස් සිගරැට් පැකට්වල රූපමය අවවාද ඉදිරිපත් කිරීම නතර කිරීමට තමාට අල්ලස් ලබාදීමට උත්සාහ කළා යැයි සෞඛ්‍ය අමාත්‍ය මෛත්‍රිපාල සිරිසේන මහතා සිදුකර ඇතැයි කියන ප්‍රකාශය ලංකා දුම්කොළ සමාගම විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
ලංකා දුම්කොළ සමාගම විසින් සිය කොටස් කරුවන් වෙත යවා තිබෙන චක්‍රලේඛයක් මගින් මේ බව ප්‍රතික්ෂේප කර තිබෙන අතර අදාළ චක්‍රලේඛය කොළඹ කොටස් වෙළඳ පොළ වෙතද ඉදිරිපත් කර ඇත.

මෙම චක්‍රලේඛයෙන් දැක්වෙන්නේ මෛත්‍රීපාල සිරිසේන අමාත්‍යවරයා උපුටා දක්වමින් මෙම ප්‍රකාශ සැප්තැම්බර් 25 සහ 26 යන දෙදින තුළ පුවත් කිහිපයකම පළවූ බවයි.

මෙම පුවත් වාර්තා වන්ට අනුව සිගරැට් පැකට්ටුවල රූපමය අවවාද සටහන් කිරීම වලක්වා ගැනීමට මෙරට “දුම්කොළ කර්මාන්තය“ විසින් සෞඛ්‍ය අමාත්‍යවරයාට අල්ලස් ලබාදීමට උත්සාහ කළායැයි සඳහන් වන නිසා මෙරට සිගරැට් නිෂ්පාදනයේ යෙදී සිටින එකම නීත්‍යාණුකූල සමාගම වන ලංකා දුම්කොළ සමාගම එම උත්සාහයේ යෙදුනාදැයි හැඟීමක් ඇතිවන බව දුම්කොළ සමාගම මෙහිදී පවසා ඇත.

මේ නිසා, මෙවැනි අල්ලස් ලබාදීමට උත්සාහ ගැනීමක් වූ බවට පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම සමාගම විසින් ප්‍රතික්ෂේප කරන බවත් අවුරුදු 100 කට වඩා වැඩි කාලයක් ලංකා දුම්කොළ සමාගම මෙරට ව්‍යාපාරික කටයුතු සිදුකර තිබෙන බවත් සඳහන්ය.

ඉදිරියේදීත් මේ ආකාරයෙන් සමාගමේ නාමයට යම් කැළලක් ඇති වන්නේ නම් එයට එරෙහිව ක්‍රියා කිරීමට සමාගම සූදානම් බවද අදාළ චක්‍රලේඛයේ ඇත.

උපුටා ගෑනීම -  https://www.facebook.com/BattaramullaSriLanka

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews