POSTED ON Sunday, January 26, 2014| | Edit Post
 උපුටා ගැනීම Train Lovers

ලෝකයේ පුලුල් ආමාන හෙවත් අඩි 5 අඟල් 6 පලල් වු දුම්රිය මගක උසම තැන, ලංකාවේ දැනට උසින්ම පිහිටි දුම්රිය ස්ථානය වන පට්ටිපොළ සහා ඔහිය දුම්රිය ස්ථාන අතර පිහිටි , නැතහොත් බොහෝ දෙනා දන්නා ආකාරයට Summit Level පසු කර ගිය පසු අපට හමුවන්නේ උඩරට දුම්රිය මාර්ගයේ 18 වන බිංගය , වැදගත් කම් රැසක එකතුවක් ලෙස ස්ථානයක් දැක්විය හැක ..


1. තෙත් කලාපය හා වියලි කලාපය යන දේශ ගුණික කලාප දෙකෙහි වෙන්වීම

2. ඌව පලාත හා මධ්‍යම පලාත යන පළාත් දෙකෙහි වෙන්වීම

3. නුවර එලිය දිස්ත්‍රික්කය හා බදුල්ල දිස්ත්‍රික්කය යන දිස්ත්‍රික්ක දෙකෙහි වෙන්වීම

4. ජනප්‍රවාදයේ සදහන් ආකාරයට සමන් දෙවිදුන්ගේ අඩවිය සහ කතරගම දෙවිදුන්ගේ අඩවිය යන අඩවි වල වෙන්වීම

යන ඒවායේ සීමාව වන්නේ මෙම 18 බිංගයයි.

මෙම බිංගෙය ඇතුලත ඉදි කිරිමේදී පටන් 1951 වසර දක්වා කීපවරක්ම කඩා වැටී ඇති අතර 1951 වසරේ මෙය කඩාවැටීමෙන් පසු මෙය නැවත සැදීමට කොපමන උත්සාහයන් දැරුවත් ඒවා සර්ථක නොවී දිගන් දිගටම කඩාවැටීම හේතුවෙන් බදුල්ල දක්වා ගමන් කරන ප්‍රධාන දුම්රිය මාර්ගය පට්ටිපොල දක්වා සීමා කීරිමට එකල ඉංජිනේරුවන් විසින් තීරණය කර ඇත ..නැවත එහි වූ පුද්ගලයන් විවිද මත දරා ඇති අතර මෙය දෙවිවරු දෙදෙනෙක් ගේ අඩවි දෙකක් වෙන්කරන මායිමක් බැවින් පැරණි ලාංකීය විශ්වාසයන් අනුගමනය කරමින් එම වැඩ බිමෙහි සිටි ඉංජිනෙරුවරුන් සහා සේවකයන් විසින් මෙම අඩවි දෙක භාරව පැවති දෙවිවරුන්ට බාරහාර වී නැවත මෙම නොම්මර 18 බිංගෙය සැදීමට පියවරගෙන ඇති අතර එවිට කිසිදු බාදාවකින් තොරව මෙය අවසන්කිරීමට හැකිව ඇත. එයට භාරය ඔප්පුකිරීමක් වශයෙන් එම ස්ථානයේම අදාළ දෙවිවරුන්ට දේවාල තනවා භාරය ඔප්පුකර ඇති බවට ඉතිහාසය සාක්ෂි දරයි ..එම නැවත ප්‍රතිසංස්කරණයෙන් පසු අද දක්වා මෙහි කිසිදු කඩාවැටීමක් සිදුනොවී ඇත ...අදටත් මේම බිංගේ අසල දේවාලය පසූ වත්ම දුම්රිය රීයදුරන් තම අසුන් වලින් මදක් නැගිට හෝ ගෞරව දැක්වීමට පුරුදුව සිටිති.. මෙම බිංගයන් පිළිබද ගවේෂණය කරන කෙනුකු හට අනික් බිංගවල් තුලින් දුම්රියන් ගමන් කරනවිට නැගෙන ශබ්දයට වඩා වෙනස්ම වූ භයංකාර ශබ්දයක් මෙම නොම්මර 18 බිංගෙය තුලින් දුම්රියක් ගමන් කරනවිට ඇසිය හැක ..











Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews