POSTED ON Monday, January 13, 2014| | Edit Post

අපි මීට පෙර හඳුන්වා දුන් අපේ රටේ නිපදවූ Appgenz නම් ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් නිපදවන සේවාව හරහා නිර්මාණය වුනු Syco Me (සයිකො මී) නම් ඇප් එක ගැනයි මේ සටහන. Syco Me ගැන කෙටියෙන් හඳුන්වනවා නම් තාක්ෂණික ලෝකයේ සිදුවන සිදුවීම්, අලුත් අලුත් නිර්මාණ ගැන සිංහල භාෂාවෙන් සවිස්තර තොරතුරු ලබා ගන්නට පුළුවන් android app එකක්.


ලංකාවේ දැනට භාවිත වන, ඒ වගේම ලංකාව අලුතෙන්ම හඳුන්වා දෙන පරිගණක, ජංගම දුරකථන, කැමරා වැනි උපරකණ පිළිබඳව පැහැදිලි, විස්තරාත්මක review සඳහා මේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් එක හා වෙබ් අඩවිය විවෘතයි. ඔබ ජංගම දුරකථනයක් මිලදී ගන්නට පෙර කොයිතරම් නම් අන්තර්ජාලයේ ඒ ගැන සොයන්නට ඇත්ද? ඒත් ඉංග්‍රීසි භාෂාවෙන් ඇති විස්තර බොහෝ දෙනෙකුට කොයිතරම් දුරට හිතට වදිනවාද? එසේ නැත්නම් ඒ විස්තර කොයි තරම් දුරට ලංකාව වගේ රටකට ගැලපෙනවාද යන්න ගැටළුවක්. මෙතෙක් පැවති ඒ ගැටළුවට, ඒ අඩුවට විසඳුමක් දෙන්නයි Syco Me සූදානම් වන්නේ.


ඒ වගේම ඔබ සතුව දැනට භාවිත කරන ජංගම දුරකථනයක්, පරිගණකයක් හෝ කැමරාවක් ගැන, ඔබ ඒ උපරකණය භාවිත කරන විට ඔබ ලත් අත්දැකීම් ගැන ඔබේ අදහස පළකර ඔබේ නමින්ම review කරන්නටත් මේ වෙබ් අඩවිය අවස්ථාව සලසා දී තිබෙනවා. ඔබේ සම්පූර්ණ විස්තර සහිතව තාක්ෂණික ලෝකයේ ඔබටම වෙන්වූ ඉඩක ඔබේම නමක් හදාගන්නට පහත යොමුවට පිවිස Syco Me වෙබ් අඩවිය සමඟ එක්වන්න.

මීට අමතරව තාක්ෂණික ලෝකයේ සිදුවන අලුත් අලුත් දේ, තාක්ෂණික ලෝකයේ ගැඹුරු අප නොදත් දේ පිළිබඳවත් නිරන්තරයෙන් ඔබ දැනුවත් කිරීමට Syco Me සූදානම්. ඒ වගේම තාක්ෂණික ලෝකය ජය ගන්නා අපේ වීරයින් සඳහාත් මේ වෙබ් අඩවියේ ඉඩ වෙන්ව ඇති බව සතුටින් සඳහන් කළ සිටිය යුතුයි.

Syco Me Android App: https://play.google.com/store/apps/details?id=com.appgenz.app000017
Syco Me Facebook Page: https://www.facebook.com/SycoMeSL
Syco Me: http://syco.me/

 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews