POSTED ON Sunday, January 5, 2014| | Edit Post
 ඉන්ටර්නෙට් නැතුවත් වැඩ කරන SMS Chat ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය

SMS Chat ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගය ඉතා හොඳ නිමැවුමක් සහිත ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයකි. එමගින් ඔබට ඔබේ සමීපතමයන් සමග ඕනෑතරම් චැට් කළ හැකිය. උදාහරණයක් ලෙස ආදරවන්තයින්ට මෙය කදිම අවස්ථාවකි. දෙදෙනාම ළඟ ඇන්ඩ්‍රොයිඩ් තිබීම මේ සඳහා අවශ්‍ය නොවේ. ඇන්ඩ්‍රොයිඩ් ඇති කෙනා සමග නැති කෙනාටද SMS මගින් චැට් එකට සම්බන්ධ වීමට පුළුවන. එම නිසා මෙම චැට් එක ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වනු ඇත.


මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කළ පසු භාවිතය සඳහා ඉන්ටර්නෙට් අවශ්‍ය නැත. එම නිසා ඔබ ඕනෑම ප්‍රදේශයක සිටින විටදී චැට් කිරීම දිගටම කළ හැකිය. මෙම මෘදුකාංගය ඉන්ස්ටෝල් කළ පසු රෙජිසටර් විය යුතුය ඉන් පසු ඔබට ඕනෑතරම් චැට් කිරීම කළ හැකිය.

මෙම මෘදුකාංගය මෙම සේවාව ඔබට ලබාදීම සඳහා ලංකාවේ අංක එකේ ජංගම දුරකතන ජාලය වන ඩයලොග් සමග සම්බන්ධ වේ. ඉන්ටර්නෙට් නැතුවත් චැට් කිරීමට අවස්ථාව ලැබෙන්නේ එමගිනි. එම නිසා ඔබට මෙම මෘදුකාංගය භාවිතා කිරීමට ඔබ ඩයලොග් පාරිභෝගිකයෙකු විය යුතුය.
ඔබත් අදම ඉන්ස්ටෝල් කර බලන්න


 

 

 

 


 

 



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews