POSTED ON Thursday, January 16, 2014| | Edit Post
දෙහිවලට සහ පින්නවලට සංචාරකයෝ ලක්‍ෂ 21 ක්‌ එති



දෙහිවල සත්වෝද්‍යානය සහ පින්නවල අලි අනාථාගාරය නැරඹීම සඳහා පසුගිය වසරේ (2013) සංචාරකයන් ලක්‍ෂ 21 කට වැඩි පිරිසක්‌ (21,72,810 ක්‌) පැමිණ ඇති බව උද්භිත උද්‍යාන හා පොදු විනෝදාත්මක කටයුතු ඇමැති ජයරත්න හේරත් මහතා "දිවයින"ට පැවසීය.

ඒ අතරින් ලක්‍ෂ 3 කට වැඩි පිරිසක්‌ (305860 ක්‌) විදේශීය සංචාරකයන් බවද ඇමැතිවරයා කීවේය.

දෙහිවල සත්වෝද්‍යානයට පසුගිය වසරේ දෙස්‌ විදෙස්‌ සංචාරකයන් ලක්‍ෂ 15 කට වැඩි සංඛ්‍යාවක්‌ (15,46,442 ක්‌) පැමිණි අතර එයින් රුපියල් මිලියන 720 ක ආදායමක්‌ ලැබී තිබේ.

එය 2012 වසරට සාපේක්‍ෂව 11.6% ක මූල්‍ය වර්ධනයක්‌ බවද ඇමැතිවරයා පැවසුවේ ය.

තවදුරටත් සංචාරකයන්ගේ පහසුව උදෙසා දෙහිවල සත්වෝද්‍යානය "සිටි සූ" (City Zoo) ලෙස නවීකරණය කරන බවද ඇමැතිවරයා කීවේය.

උපුටගැනීම : http://www.divaina.com/තුෂාරී කළුබෝවිල.
-----------------------------------------------------------------------------------------------------------
Further information in related to Tourist arrival to Sri Lanka.

Sri Lanka Attracts a Record Breaking 1,274,593 Tourists to the 

Country in 2013


Stats courtesy http://www.srilanka.travel/ 
ඉතිහාසයේ වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි වර්ෂය බවට මෙම වර්ෂය පත්ව ඇති බව ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 

එම කාර්යංශය පෙන්වා දෙන්නේ මේ වසර අවසන් වීමටත් පෙර පසුගිය වසරේ සමස්ථ සංචාරක පැමිණීම ඉක්මවා යාමට හැකිවී ඇති බවයි. 

පසුගිය වසරේ සංචරකයින් දසලක්ෂ පන්දහස් හයසිය පහක පිරිසක් පැමිණ ඇති අතර මේ වසරේ නොවැම්බර් මාසය අවසන් වන විට එම සංඛ්‍යාව ඉක්මවා ගොස් ඇති බව ශ්‍රී සංචාරක ප්‍රවර්ධන කාර්යංශය පවසයි. 

එමෙන්ම මෙම වසර තුළ සංචාරක ක්ෂේත්‍රයෙන් අමෙරිකානු ඩොලර් බිලියන 1.5 ඉක්මවු ආදායමක් 
උපයා ඇති බව ද එම කාර්යංශය පෙන්වාදෙයි. 

2016 වසර වන විට මිලියන 2.5ක සංචාරකයින් පිරිසක් ආකර්ෂණය කර ගනිමින් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සක්‍රීය දායකත්වයක් සපයන ක්ෂේත්‍රයක් බවට සංචාරක ව්‍යාපාරය පත්කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කර ඇති බව එම කාර්යංශය පවසයි.

Sri Lanka Tourism has validated the tourism arrival figures for each month of the year 2013 and according to the latest validation; Sri Lanka in total has received 1,274,593 tourists during the year 2013.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews