POSTED ON Wednesday, January 29, 2014| | Edit Post


දේශීය අපනයන බෝග වගාව නගාසිටුවීම සඳහා තමන් ගෙන යන වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කරමින් NDB විසින් කුරුඳු වගාකරුවන් සවිබල ගැන්වීමේ සුවිසල් ජාතික වැදගත්කමක් සහිත ‘Cinnamon to the World’  හඳුන්වා දී තිබේ. එමගින් කුරුඳු වගාකරුවන්, කුරුඳු අපනයනකරුවන් හා කුරුඳු ආශ්‍රිත නිෂ්පාදන සිදුකරන්නන් සවිබල ගන්වමින් කුරුඳු අපනයනය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ.

ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ සහ සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය රෙජිනෝල්ඩ් කුරේ යන මැතිතුමන්ලාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා (27) මෙම ජාතික මෙහෙවර උත්සවාකාරයෙන් දියත් කරනු ලැබිය. 
‘Cinnamon to the World’ යනු ශ්‍රී ලංකාවේ කුරුඳු පිළිබඳව ජාත්‍යන්තරයටවිශිෂ්ට තොරතුරු සම්පාදනයක් සිදුකරන වබේ අඩවියකි. අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා කුළු බඩු කවුන්සිලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය මෙහි ප්‍රධාන සහයෝගිතාකරුවන් වෙති. NDB ‘Cinnamon to the World’  සඳහා නිර්මාණශීලී සහයෝගය ලියෝබර්නෙට් ආයතනය ලබා දෙන අතර 23  ointeractive විසින් මේ සඳහා සමාජ ජාල මාධ්‍ය සහයෝගය ලබා දෙයි.
NDB ‘Cinnamon to the World’ යනු මෙරට කුරුඳු වගාව සවිබල ගැන්වීම සඳහා වන හොඳම දීර්ඝකාලීන ක්‍රියාකාරීත්වයක් සහිත වැඩසටහනක් වේ. 






NDB සහයෝගිතාවයත් සමගම නිවාස ආශ්‍රිතව වගාකරන කුරුඳු වගාකරුවන් මහා පරිමාණ කුරුඳු අපනයනකරුවන් දක්වා වර්ධනය වීමට මෙයින් අවස්ථාව හිමි වේ. මෙය මුදල් ලබා දීමට පමණක් ක්‍රියාත්මක නොවන අතර මෙම ගොවීන්ට සහ ව්‍යාපාරිකයන්ට සහයෝගිතාවය ලබා දෙන පරිසරක් නිර්මාණය කරමින් ඉලක්කගත ක්ෂේත්‍රයේ වර්ධනයට උරදෙන වැඩපිළිවෙළකි. 
මේ අවස්ථාවේදී අදහස් දැක්වූ NDB ප්‍රධාන විධායක නිලධාරී රාජේන්ද්‍ර තියාගරාජා මහතා “ජාතික ආර්ථිකයේ සුවිසල් වැදගත්කමක් උසුලන අපනයන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් දිගින් දිගටම කැපවෙන බැංකුවක් වශයෙන් NDB හඳුන්වන්නට පුළුවන්. තේ. පේෂකර්ම සහ වෙස්මුහුණු වැනි ව්‍යාපාර ක්ෂේත්‍ර ඉලක්ක කරගෙන මේ වන විටත් සහයෝගය ලබා දෙමින් සිටිනවා. කුරුඳු වගා ක්ෂේත්‍රය සංවර්ධනය වෙනුවෙන් අප විසින් ගන්නා ලද මෙම උත්සාහය නිසා රටේ අපනයන  හැකියාවන් ඉහළ නංවන අතර ජාත්‍යන්තරයේ ශ්‍රී ලංකාව තවත් සුවිශිෂ්ට වෙනවා.” යනුවෙන් පවසා සිටියේය. 
අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සහ ශ්‍රී ලංකා කුළු බඩු කවුන්සිලය සමග සහයෝගිතාවය ගොඩනගා ගනිමින් කුරුඳු  වගාවේ සංවර්ධනය වෙනුවෙන් තවත් බොහෝ වැදගත් ක්‍රියාමාර්ග රැසක් NDB විසින් ක්‍රියාවට නංවා තිබේ. කුරුඳු වගාව ආශ්‍රිත විශේෂ අවස්ථාවන් සඳහා අනුග්‍රාහකත්වය සපයමින් ශ්‍රී ලාංකීය කුරුඳු ප්‍රවර්ධනය කිරීම, දේශිය සහ විදේශීය ප්‍රදර්ශන අවස්ථාවන්හිදී දායකත්වය ලබා දීම සහ කුරුඳු වගා  ක්ෂේත්‍රයේ නියැළෙන්නන් සවිබල ගන්වන ඔවුන්ගේ ශඛ්‍යතාවයන් වර්ධනය කරන උපදේශනය ලබාදීම වැනි කාර්යභාරයන් NDB  විසින් සිදු කරන අතර ඊට වැඩි ප්‍රමුඛතාවයක්ද ලබා දී තිබේ.

Source :www.lakbima.lk







Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews