POSTED ON Sunday, January 5, 2014| | Edit Post
ගී ගැයීමට විශේෂ දක්ෂතා ඇතිව ප්‍රංශය පුරා විසිරි සිටි දරු දැරියන් වෙනුවෙන් ඔවුන්ගේ දක්ෂතා ඉදිරියට ගෙන ඒම සදහා ජනප්‍රිය ගුලි රුපවාහිනි නාළිකාව සංවිධානය කළ ‘එකෝල් ඩේ ෆන් නොවෙල් ජෙනරශියොන්‘ සංගීත වැඩසටහනින් ශ්‍රී ලාංකික දැරියක් වන නිලුෂි නිශ්ශංක 13 ප්‍රථම ස්ථානයට පත්වුවාය.
ඔක්තෝබර් මස දී  ගුලි රුපවාහිනි නාලිකාව ඇරැඹු ‘ එකෝල් ඩේ ෆන්‘ සංගීත වැඩසටහනට ප්‍රංශයේ සැම නගරයකින්ම ඇති විශාල තරගකරුවන් පිරිසක් එක් වුවත් අවසන්  මහා තරගයේදී අති දක්ෂ තරගකරුවන් හතර දෙනෙකු පරදා නිලුෂි නිශ්ශංක ජයග්‍රහණය කළාය
ඇය සංගීත වැඩසටහන් ගණනාවකින් මෙයට පෙරද ජයගෙන ඇති බවත් ප්‍රංශයේ ජනප්‍රියම ගායිකාවක් වන කැරොලින් කොස්තා  දියණිය බැලීමට තම නිවසට පැමිණි බවත් ඇය තම දියණිය සමග ගී ගැයූ බවත් නිලුෂි නිශ්සංකගෙ මව්පියන් වන චන්ද්‍රසිරි  හා නිශ්ශංක මල්ලිකා නිශ්ශංක කියති.
තමාට ෆ්ලුස් රුපවාහිනි නාළිකාව ඇතුළු මාධ්‍ය ගණනාවකින් හා ප්‍රංශයේ වැඩවසන ස්මහා සංඝරත්නය හා ශ්‍රී ලාංකිකයින් සුබ පැතු බවද නිලුෂි එසැණට කීවාය.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews