POSTED ON Monday, January 13, 2014| | Edit Post


ඉරණම කෙනෙකුගේ ජීවිතය ලියන්නේ පුදුමාකාර ලෙසිනි.පාසල් වියේ මිතුරන් හා එක්ව වන රොදේ රින්ගමින්ද,හොරාට චිත්‍රපට ශාලා වලට ඇතුලුව ගැලරියේ හිද චිත්‍රපට බලමින්ද ඉගෙනීම මගහැරි සුජීව විටෙක ගුරුවරුන්ට සේම මවුපියන්ටද වදයක් උනේය.සුජීවගේ මේ අකීකරු වැඩ අනුමත නොකල පියා අවුරුදු 19ක් තරම් කාලයේදී ඔහුගේ සිත ව්‍යාපාරික ලෝකයේ සිර කලේය.එදා තමන්ගේ කියා සතයකදු නැතිව වි‍යාපාර පිලිබද කිසිදු දෙයක් නොදැන ව්‍යාපාරික ක්ශේත්‍රයට පය තැබූ ඔහු අද නුවර නගරයේ පමනක් නොව මුලු ලංකාවේද ,සාර්ථක, සම්මානලාභී විශිෂ්ඨ ව්‍යාපාරිකයකුව සිටී. 

එදා සේවකයන් දෙදෙනෙකු සමග ගමන් ඇරබූ ඔහු අද දහස් ගනනක් සේවකයන්ට කරුනාබර ස්වාමියෙකි. වසර 13කට පෙර විවාහ වූ ඔහු බිරිදට එදාසේම නොවෙනස් ආදරයක් ,රැකවරනයක් දෙන සෙනෙහෙබර සැමියෙකි.එසේම තවමත් 42 වියේ පසුවන සුජීව පුන්චි දු පුතුන් 7දෙනෙකුට පිය සෙනෙහස නොඅඩුවම දෙන වචනයේ පරිසමාප්ත අර්තයෙන්ම සැබෑම තාත්තා කෙනෙකි.
පැහැදිලි ලෙස කියැවීම සදහා ෆොටෝ මත ක්ලික් කරන්න.



උපුටා ගැනීම "ඉරිදා රිවිර" පුවත් පතෙනි.එම ලිපිය මෙතනින් කියවන්න...

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews