POSTED ON Sunday, January 26, 2014| | Edit Post
පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ තේ අපනයනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.54ක ඉතිහාසගත ආදායමක් ඉපැයූ බව වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පසුගියදා එම අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

මෙහි දී අදහස් දැක්වූ අමාත්‍යවරයා, 2012 වසරේ තේ අපනයනයෙන් ඇමරිකන් ඩොලර් බිලියන 1.4ක් ඉපැයූ බවත් ඒ අනුව තේ කර්මාන්තයේ මේ දක්වා ලැබු ඉහළම ආදායම 2013 දී ලැබූ බවත් කීය.

2013 වසරේ ජනවාරි මාසයේ සිට දෙසැම්බර් දක්වා අපනයනය කරන ලද ‍මුළු තේ ප්‍රමාණය තේ කිලෝ ග්‍රෑම් මිලියන 319.6කි.

ශ්‍රී ලංකාවේ මුළු තේ අපනයනයෙන් 16%ක් යැවෙන්නේ රුසියාවටයි. ඒ අනුව මෙරට තේ අපනයන ලැයිස්තුවේ මුල්තැන ගන්නේද රුසියාවයි. ‍ශ්‍රී ලංකාවේ තේ අපනයනය කරනු ලබන රටවල් අතරින් දෙවන තැන ඉරානය හිමිකර ගනු ඇත. එරටට අපනයනය කරනු ලබන තේ ප්‍රමාණය 12%කි. මෙහි තුන්වන ස්ථානය හිමි වී ඇත්තේ තුර්කියටයි. තුර්කියට 10%ක හා සිරියාවට 7%ක තේ ප්‍රමාණයක් අපනයනය කරයි. ඊට අමතරව අරාබි ජනරජයට , කුවේට් රටට හා ජපානය, ජෝර්දානය, චිලී රටවලට ද ශ්‍රී ලංකාවේ තේ අපනයනය කරනු ඇත. මැදපෙරදිග සහ උතුරු අප්‍රිකා රටවලින් ද ශ්‍රී ලංකා තේ වෙනුවෙන් ඇති ඉල්ලුම වැඩිවී තිබේ . එම වැඩිවීමේ ප්‍රවණතාව 2014 වසරේදීත් අඛණ්ඩව පවතින බව ද සමරසිංහ මහතා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ සමරසිංහ මහතා , තේ මණ්ඩලයේ 2013 වසරේ දී අගය වැඩිකළ තේ ප්‍රමාණය දළ වශයෙන් 41%කි. මේ අතුරින් 8%ක් තේ මළුය. 2012 හා සසඳන විට 2013 දී තේ නිෂ්පාදනයේ වැඩිවීම 7%කි. 2012 වසරේ දී තේ කිලෝ මිලියන 328ක් නිෂ්පාදනය කළ ද එයට සමගාමීව 2013 වසරේ දී තේ කිලෝග්‍රෑම් මිලියන 340 දක්වා වාර්තාගත වැඩිවීමක් සිදුවිය. මේ අතර තේ වෙන්දේසියේදී ඉහළම මිල ලබා ගැනීමට ද ශ්‍රී ලංකාව සමත්විය. ඒ අනුව ශ්‍රී ලංකා තේ කිලෝ ග්‍රෑමයක සාමාන්‍ය මිල ඇමරිකන් ඩොලර් 3.4ක් වූ බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

වැවිලි කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම් සුධර්මා කරුණාරත්න, තේ මණ්ඩලයේ සභාපතිණි ජානකී කුරුප්පු, තේ පර්යේෂණ ආයතනයේ සභාපති ආචාර්ය ජෙරී ජයවර්ධන , කුඩා තේ වතු සංවර්ධන අධිකාරියේ සභාපති නොයෙල් කාරියවසම් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.


Source : mawbima.lk


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews