POSTED ON Saturday, January 4, 2014| | Edit Post
ඔබත් වෙබ් අඩවියක හෝ බ්ලොග් අඩවියක හිමිකරුවෙක් නම් මේ වන විට ඔබේ වෙබ් අඩවියට හෝ බ්ලොග් අඩවිය වෙනුවෙන් App එකක් නිර්මාණය කරගන්නට කැමති ඇති. ඒ සඳහා බොහෝ දෙනෙක් තෝරාගන්නේ Android App Developer කෙනෙකු යොදවා ගෙන ඔබට අවශ්‍ය app එක නිරමාණය කරගැනීමයි. නමුත් ඒ සඳහා වැය වන වියදම සහ කාලය පිළිබඳ සලකා බොහෝ දෙනෙකු දැන් දැන් විවිධ app පහසුවෙන් නිපදවන වෙබ් අඩවි වෙත යොමු වෙමින් පවතිනවා. එවැනි වෙබ් අඩවි බොහෝමයක් තිබුනත් එ කිසිදු සේවාවක් සිංහල භාශාව සඳහා සහාය දක්වන්නේ නැහැ. එනම් ඔබේ ජංගම දුරකථනයේ සිංහල ස්ථාපිත කර නැත්නම් සිංහල අකුරු දර්ශණය වන්නේ නැහැ.

Ganna Deshiya De android app >



මේ සියළු ගැටළු වලට විසඳුමක් ලෙසයි තාක්ෂණය දේශීයකරණය සඳහා උරදුන් Bhasha සමාගම විසින් නවතම Appgenz සේවාව හඳන්වා දෙන්නේ. මේ සේවාව ඔස්සේ ඔබේ වෙබ් අඩවියේ rss feed එක පමණක් භාවිතා කර ඔබට ඔබේම app එකක් නිර්මාණය කරගැනීමට අවස්ථාව ලැබේ. ඔව් ඔබ සිතුවා නිවැරදියි ඔවුන් මේ සේවාව ලබා දෙන්නේ සම්පූර්ණයෙන්ම නොමිලයේ යි.

නමුත් නොමිලයේ මේ සේවාව ලබා දීම තුලින් භාෂා කණ්ඩායමට ඇති වාසිය කුමක්ද? මෙය ඔබට නිතැතින්ම එන ප්‍රශ්ණයක්? ඇත්තෙන්ම ඔවුන්ගේ මේ app එක නොමිලයේ මෙන්ම මුදල් ගෙවාද ලබා ගත හැකියි. නොමිලයේ ලබා දෙන app එකෙහි විවිධ දැන්වීම් අඩංගු වන අතර ඒවායෙන් ලැබෙන ආදායම නිර්මාණකරුවන්ට හිමි වේ. නමුත් වෙළඳ දැන්වීම් වලින් තොර ඔබේ app එක සඳහා මසකට $50 මුදලක් ගෙවිය යුතුය.

1. Step:

RSS Feed එක ලබා ගන්න. එය එතරුම් අපහසු කරුණක් නොවේ. ඔබ ඔබේ rss ලිපිනය දන්නේ නම් appgenz.com වෙත පිවිසි එය ඉදිරිපත් කළ හැක. නැතිනම් ඔබගේ වෙබ් අඩවියේ ලිපිනය ලබා දුන් විට වෙබ්  අඩවිය මඟින් ස්වයංක්‍රීයව ඒ කාර්යය ඔබ වෙනුවෙන් ඉටු කරනු ඇත.

2 Step:

මීලඟ ඇත්තේ app එක අපට අවශය පරිදි සකසා ගැනීමට අවශය දේ වේ. පියවර අනුව යමින් ඒ ඒ දත්ත ලබා දීමෙන් අවසානයේ අලංකාර ඒ වාගේම නිවැරදි ලෙස ක්‍රියාත්මක වන ඇන්ඩ්‍රොයිඩ් app සාදා ගත හැක. ඔබ නිර්මාණය කරන පියවර ඒසැනින්ම දැක බලා ගත හැකි වීම විශේෂත්වයක් වේ.

3 Step:

මේ පියවරේ දී app එක build විම සිදු වේ. ඉන් අනතුරුව ඔබේ ජංගම දුරකථනය භාගත කිරීම හෝ Google Play වෙත යැවීමට හැකියි. විශේෂයෙන් අගය කොට සඳහන් කළ යුත්තේ අප නිර්මාණය කළ Ganna Deshiya De  Android App එක Google Play ස්ථාපිත කිරීමට ලබා ගත් කාලය ඉතාමත් කෙටි වීමයි.


යම් දිනෙක ඔබේ app එක 5000ක් භාගත කිරීම් (downloads) පසුකළ පසු බාහිර වෙළඳ දැන්වීම් සඳහාද ඔබේ app එක වලංගු වේ. AdMob වැනි සේවා ස්ථාපිත කිරීමට හැකි අතර ඒ හරහා මුදල් ඉපැයීමටත් අවස්ථාව ඔබට හිමිවනු ඇත.

මීට අමතරව Push Notification සේවාවද, කිසිදු අයුරකින් Coding දැනුමක් අවශ්‍ය නොවීමද තවත් විශේෂත්වයකි.

පහතින් දැක්වෙන්නේ Ganna Deshiya De අප Appgenz හරහා නිර්මාණය කළ අපගේ නිල ඇප් එකයි.



 Appgenz සේවාව සඳහා  - http://www.appgenz.com/

උපුටා ගැනීම - http://syco.me/


 

 




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews