POSTED ON Wednesday, January 15, 2014| | Edit Post
අලුත් අවුරුද්දේ මම කරපු පළවෙනිම මෘදුකාංගය ගැන කියන්නයි මේ හදන්නේ. වදන් සෙවුම කියන්නේ OCR(Optical Character Recognition) තාක්ෂණය බාවිතා කරමින් ඉංග්‍රීසි වචනවල සිංහල තේරුම් ලබාගතහැකි ඇන්ඩ්‍රොයිඩ් මෘදුකාංගයක්. ඇන්ඩ්‍රොයිඩ් ගැජට් එකක් තියෙනවා නම් මේ ඇප් එක නොමිලයේම බාවිතා කරන්න පුළුවන්. ඔව් ඔව් නොමිලේ , ඇඩ් පොප් අප් මොකක්වත් නැහැ.

මෙහෙමයි පාවිච්චි කරන්නේ. ඉස්සෙල්ලා සිංහල තේරුම බලාගන්න අවශ්‍ය ඉංග්‍රීසි වචනය ඇප් එකේ කැමරා එකෙන් ලබාගන්න ඕනා. මේකට ලොකු පොඩි කරන්න පුළුවන් ඍජුකෝණාකාස්‍ර කොටස යොදාගන්න. වචනේ කොටු කරගෙන ඇප් එකේ දකුණු පැත්තේ උඩ තියෙන කැමරා බටන් එක ඔබන්න. ඉන් පස්සේ ඇප් එකෙන් අඳුරගත්තු වචනය අදාල සිංහල තේරුමත් සමඟ පෙන්වාවි. අදුනාගත්තු වචනේ වැරදි තියෙනවා නම් නිවැරදි කරන්නත් ඒ සඳහා ඔබට අවස්තාව ලබාදීලා තිබෙනවා.

හදලා google play එකට දාපු ගමන්ම ගොඩක් අය install කරලා තිබුනා. මුලින්ම දාපු version එකේ internet නැති වෙලාවට ඇප් එක crash වෙන ලෙඩක් තිබුනා මේ වෙද්දි නම් ඒක හදලයි තියෙන්නේ.


ඇප් එක facebook, twitter, google plus එකී මෙකී නොකී තැන් තැන් වල  share කරලා, review එකක් දාලා   support එකක් දුන්නට කමක් නෑ හරිය.  ;)

image එක උඩ ක්ලික් කරලා ඉන්ස්ටෝල් කරගන්න.

ඇප් හදන වැඩේට  එකට මුල ඉඳලාම ලිෂාන් පුවක්ඕවිට සෑහෙන්න සහයෝගයක් දුන්නා. අපරාදෙ කියන්න බෑ ඕන බැනර් එකක් අයිකන් එකක් නෑ ‍බෑ නැතුව හදලා දුන්නා. ඇන්ඩ්‍රොයිඩ් වල සිංහල සහය නං අන්තිම දුර්වල බව කියන්න ඕනි. ඇන්ඩ්‍රොයිඩ් 4.0 වල වෙබ් විවි එකේ නම් සිංහල හොඳින් වැඩ කරන්න අවශ්‍ය complex scripts වැඩ කරනවා. ඒ කියන්නේ sinhala unicode font එකක් දාලා තියෙනවා සිංහල වෙබ් පිටු හොඳින් වැඩ කරාවි. දැනට හදලා තියෙන ගොඩක් ඇප් වෙබ්විව්(webview) හරහා javascript/css වලින් තමයි සිංහල රෙන්ඩරින් හදාගෙන තියෙන්නේ. ඒත් මේ ඇප් එක සඳහා ඒක යොදාගන්න බැරි උනා. මේ නිසා native android app එකක සිංහල රෙන්ඩරින් කරන හැටි ගැන ටිකක් මහන්සි වෙන්න උනා . Akuru Lk වල අරුනෝද දැනටමත් ඒ වෙනුවෙන් සෑහෙන්න වැඩක් කරලා තියෙනවා. මම කරපු ‍දේවලුත් ඉදිරියේදී free & open source විදියට නිකුත් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ. (තවමත් native android app සිංහල රෙන්ඩරින් සඳහා විවෘත මෘදුකාංග නිපදවෙලා නැහැ.).




Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews