POSTED ON Tuesday, June 11, 2013| | Edit Post
දෙහිවල ජාතික සත්ත්වෝද්‍යානයේදී ප‍්‍රථම වතාවට පක්ෂීන් විසින් සිදුකරනු ලබන විස්මිත ක‍්‍රියාකාරකම් සහිත කුරුලූ සංදර්ශනයක් ඊයේ සිට ආරම්භ කල බැව් සත්ත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා ධම්මිකා මල්සිංහ මහත්මිය පැවසුවාය.

මේ සංදර්ශනය මෙහෙයවනු ලබන්නේ විදේශීය පුහුණුව ලැබූ කුරුලූ සංදර්ශකයකු විසිනි. ආරම්භයේදී ගිරා මලිත්තකු,  ඕස්ටේ‍්‍රලියානු ගිරවුන් දෙදෙනකු, ලැබු ගිරවකු සහ මාල ගිරවකු සංදර්ශන ඉදිරිපත් කිරීමට නියමිතය.

ජාතික කොඩිය එසැවීම, මලක් රැගෙන බුදුන් වහන්සේට පූජා කිරීම, රාජ්‍ය නායකයන්ගේ ඡයාරූප හඳුනා ගැනීම, ගණිත ගැටලූ විසඳීම, වර්ණ හඳුනා ගැනීම, ඔන්චිල්ලා සහ මැරිගෝ රවුන්ඞ් පැදීම, සෙල්ලම් බඩු උපයෝගි කරගනිමින් ක‍්‍රීඩා ක‍්‍රීම ඇතුළු විස්මිත ක‍්‍රියාකාරකම් රැසක් සිදු කිරීමට මෙම පක්ෂිහු දක්ෂතා දක්වති.

සංදර්ශනය විනාඩි 30ක කාලයක් පුරා පැවැත්වේ. මෙම කුරුලූ සංදර්ශනය සෑම සිකුරාදා, සෙනසුරාදා සහ ඉරිදා දිනයකම පස්වරු 3.30ට අලි රංග පීඨ අංක 2 දී පැවැත්වේ.

 උපුටා ගෑනීම -  lankaCnews

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews