POSTED ON Monday, June 10, 2013| | Edit Post
අම්බලන්ගොඩ ආයුර්වේද වෛද්‍ය තරංගා කුමාරි වික‍්‍රමසූරිය මෙනෙවිය විසින් සොයාගත් ඩෙංගු රෝගය සඳහා වන නව ඖෂධය පිළිබද ආර්යුවේද දෙපාර්තමේන්තුවේ මතය තවමත් දැනුම් දී නොමැති නිසා ඇයගේ නව සොයාගැනීම නීත්‍යානුකූල පිළිගැනීමකට ලක් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව පවතින බව දකුණු පළාත් ප‍්‍රධාන අමාත්‍ය ශාන් විජේලාල් ද සිල්වා මහතා දකුණු පළාත් සභා රැස්වීමේදී ප‍්‍රකාශ කළේය.

ඩෙංගු ප‍්‍රතිකාර ඖෂධය  පිළිබද සොයාගැනීම සම්බන්ධයෙන් දකුණු පළාත් සභාවේදී  කළ විමසීමකදී මහ ඇමතිවරයා එසේ පැවසීය.

‘එම වෛද්‍යවරියගේ ඩෙංගු ඖෂධය සොයා ගැනීම පිළිබද ඇයට උපහාර  උළෙලක් ද ප‍්‍රදේශවාසීන් සමග කර ඊට දිරි ගැන්වීමක් ද කළා. එහෙත් ආයුර්වේද දෙපාර්තමේන්තුව සිය මතය තවම දී නෑ. ඒ සදහා පේටන්ට් බල පත‍්‍රයද තම දී නැති නිසා ඖෂධය  හදුන්වා දිය නොහැකි තත්ත්වයක් නිර්මාණය වී තියෙනවා’ යයිද මහ ඇමතිවරයා කීය.
උපුටා ගෑනීම -  lankaCnews

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews