POSTED ON Tuesday, June 11, 2013| | Edit Post
අගෝස්තුවේ පැවැත්වෙන මොස්කව් ලෝක ශූරතා මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව නියෝජන කිරීමට ක්‍රිස්ටීන් සොනාලී මෙරිල් සුදුසුකම් ලබාගත්තාය. අමෙරිකාවේ පදිංචිවී සිටින ඇය ෆොලොරීඩා මලල ක්‍රීඩා ශූරතාවලියේදී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්.56.45කින් නිමාවට පත්කරමින් මේ දක්ෂතාව දැක්වුවාය. මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වේ ලෝක ශූරතා පරිසාධන මට්ටම තත්.56.55ක් විය.

ක්‍රිස්ටීන් මෙරිල් වසර 2011දී කෝබේහී පැවැති ආසියානු මලල ක්‍රීඩා ශූරතාවලියේදී මිටර් 400 කඩුලු පැනීමේ ඉසව්ව තත්.57.30කින් නිමකර ලෝකඩ පදක්කම දිනා ගත්තාය.

ලෝක ශුරතා මලල ක්‍රීඩා තරගාවලියට මෙවර ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලබාගත් පළමු ක්‍රීඩිකාව වු ක්‍රිස්ටීන් මෙරිල් නිමාවට පත්වු ලන්ඩන් ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී මීටර් 400 කඩුලු පැනීමේ ඉසව්වෙන් ශ්‍රී ලංකාව නියෝජනය කළාය. එහිදී ඇය මුලික වටයෙන් ඉවතට ගියාය.
- www.rivira.lk

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews