POSTED ON Thursday, June 6, 2013| | Edit Post
දුම්කොළ  සමාගම් තවදුරටත් ලාභ අපේක්ෂාවෙන් මිනිසුන් මරණයට පත්කිරීමට උත්සාහ දරන්නේ යයි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සමන් රත්නප‍්‍රිය මහතා පවසයි.
ඒ මහතා පෙන්වා දෙන්නේ ලංකාවේ සක‍්‍රීය හා අක‍්‍රීය දුම්පානයෙන්  වාර්ෂිකව 20000 ක් පමණ මිය යන බවයි.

‘2008 සිට මෙරට දුම්පානය කරන්නන් ක‍්‍රමයෙන් වැඩිවෙමින් පවතිනවා. මෙරට පිරිමි අයගෙන් 39‍% ක් දුම්පානය  කරනවා. ගැහැනු අය 2.6‍%  දුම්පානය කරනවා. පාසල් සිසුන්ගෙන් අක‍්‍රීය දුම්පානයට 6‍- 10‍% දක්වා හසුවෙනවා. ඒ වගේම ස්ක‍්‍රීය දුම්පානයට යොමුවී ඇති සිසුන් ප‍්‍රමාණය 2‍- 4‍% දක්වා සිටිනවා.

දුම්කොළ නිසා  සිදුවන හානිය නිසාම ලෝක සෞඛ්‍ය සංවිධානය දුම්කොළ පිළිබද ජාත්‍යන්තර සම්මුතියක් හැදුවා. එයින් ඒ ඒ රටවල රජයන් දුම්කොළ පාලනය පිළිබදව සිනදුකරන ක‍්‍රියා පිළිබද සොයා බලනවා. ලංකාවත් මේ සම්මුතියට 2005 දී අත්සන් කළා. ඒ අනුව 2006 පනත ගෙනාවා. ඒ නීති රීති නිසා 2007 දුම්පානය අඩු වුණා.

නමුත් පනතේ නීතිරීති හරි ආකාරව ක‍්‍රියාත්මක නොවීම, දුම්කොළ සමාගම් වල ප‍්‍රචාරණය වගේ දේවල් නිසාත්  ආරක්ෂක අංශ මේ දේවල් වළක්වන්න යොදන බර අඩුවීමත් නිසා දුම්පානය වැඩිවෙලා තියෙනවා.

සෞඛ්‍ය අමාත්‍යවරයා දුම්පානය අඩුකරන්න පියවර ගනිමින් සිටින එක ගැන අපි සතුටු වෙනවා. ඇමතිතුමා ගෙන ආව නව ප‍්‍රවණතාව වන සිගරට් අසුරනවල 80‍% ක් රූපමය අවවාද යෙදීමේ නීතියටත් දුම්කොළ සමාගම් උසාවි ගියා.

සමාජයට මෙතරම් හානි සිදුවුවත් දුම්කොළ  සමාගම් තවදුරටත් ඔවුන්ගේ ලාභ අපේක්ෂාවෙන් මිනිසුන් මරණයට පත් කිරීමට උත්සාහ දරනවා. වෘත්තීය සමිති විදියට අපි මේ වෙලාවේ සෞඛ්‍ය ආමාත්‍යවරයාගේ තීරණයට සහයෝගය දෙනවා’ යයිද සභාපතිවරයා කියා සිටී. - lankaCnews

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews