නවසීලන්ත ගොවි බිම්වල භාවිත වන රසායනයක් වන ඩයිසයනමයිඞ් (Dycyanamide) භාවිතය පසුගිය වසරේ සැප්තැම්බර් තහනම් කර ඇති නමුත් නවසීලන්ත බලධාරීන් ඒ පිළිබඳව ලංකාවට දන්වා ඇත්තේ මෙම වසරේ ජනවාරි මාසය තුළ දී යැයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.එම නිසා එම කාලය තුළ මෙරටට ගෙන්වන ලද කිරිපිටිවල මෙකී විෂ රසායනය අඩංගුව පවතින්නට ඇති බව එම අමාත්‍යාංශ බලධාරිහු පවසති. මෙවැනි තීරණය ගත්තේ නම් එය වහාම ලංකාවට දැන්විය යුතු බව එම අමාත්‍යාංශ නිලධාරිහු පවසති.
එසේම ජනවාරි මාසයේ මෙම තොරතුර දැනගැනීමටත්, ශ්‍රී ලාංකික බලධාරීන්ද අදාළ තොරතුරු මහජනයාට වසන් කිරීම කනගාටුවට කරුණක් බව ඔවුහු තවදුරටත් පැවසූහ.
ශ්‍රී ලංකාව නවසීලන්තයේ පස්වැනි විශාල කිරි පිටි මිලදී ගන්නා හැණුම්කරුවා වේ. මීට ඉහත එම රටින් ගෙන්වන කිරිපිටි රට තුළට ඇතුළු කිරීම චීනය විසින්ද ප‍්‍රතික්ෂේප කර තිබුණි.
කෙසේ නමුත් නවසීලන්ත බලධාරිහු තම කිරිපිටි නිෂ්පාදන ආරක්ෂිත බව දිගින් දිගටම ප‍්‍රකාශ කොට තිබේ. - lankaCnews