POSTED ON Saturday, June 15, 2013| | Edit Post
විදුලි බිල, වසරේ ආන්දෝලනාත්මක මාතෘකාවයි... ආර්ථික, දේශපාලන විසඳුමක් පේන සීමාවකවත් නොමැත... කොටසක් අඳුරේ අතපතගායි... තවත් අය බොරවූ දියේ මාලු බායි... මේ අතර අත්තනගලු තරුණ ඉංජිනේරුවෙක් මේ සඳහා තාක්ෂණික විසඳුමක් ලබා දුනා... සාමාන්‍ය ලෙසම දේශපාලකයන්, බලධාරීන්, නිළධාරීන් මෙය හොඳයි යැයි පැවසුවා... ඉන් එහාට මෙය තවත් එක් නව නිර්මාණ කාරයෙකුගේ සොයාගැනීමක් පමණි...
ලොකු ලොකු විදුලි උපාංග ආයතන ඔහුට ඇති ආදර භක්තියෙන් ඔහු සොයා ආවා... "අපි මේක නිපදවන්නම්... 8000 කට විකුණමු... ඔයාට 6000ක් දෙන්නම්... " පිලිතුර... "8000කට මේක ගන්නෙ සල්ලිකාරයෝ... ඔවුන්ට විදුලිබිල ප්‍රශ්නයක් නෑ... නමුත් මේ උපකරණය වටින්නෙ අඩු ආදායම් ලාභීන්ට... ඒ නිසා මම ඒ වැඩේට කැමති නෑ..." ඉතින් සියලු ආයතන ඔහු හැරදමා ගියා...
මෙම තරුණයා දහසකුත් වැඩ රාජකාරි මධ්‍යයේ තනිවම වැඩේට අතගැසුවා... කවුද මේ තරුණයා... අපි මුල සිටම සොයා බලමු...



ඔහු නමින් කමල් එදිරිසිංහ... පදිංචිය එල්ලක්කල... එල්ලක්කල මහ විද්‍යාලයෙන් මුල් පොත අකුරු කළ ඔහු දෙවනුව ඌරපොල විද්‍යාලයෙත් වේයන්ගොඩ ශාන්ත මරියා විදුහලේත් ශිල්ප හැදෑරූ ඔහු ශිෂ්‍යත්වයෙන් පසු අධ්‍යාපනය ලැබුවේ කොළඹ රාජකීය විදුහලෙනි... පසුව ඔහුට උසස් අධ්‍යාපන වරම් ලැබුනේ මොරටුව ඉංජිනේරු පීඨයේ ඉලෙක්ට්‍රොනික් ඉංජිනේරු අංශයටයි... එවක පටන් නව නිර්මාණ කටයුතු සිදුකල ඔහු ටැංකියේ ජල මට්ටම පෙන්වන ඩිජිටල් දර්ශකයක්... ව්‍යාපාර සඳහා ඩිජිටල් භන්ඩ මිල දර්ශකයක්... (2004 වසරේ නිපදවූ මෙය නිහාල් සුපර් ආයතනයේ අදටත් ක්‍රියාකාරීව පවතී)... ස්වයංක්‍රීය විදුලි ON/OFF කිරීමේ යන්ත්‍රයක් ඉන් සමහරක් පමණි...  උපාධියෙන් පසු ඔහුට නෝර්වේ  හි සීමන්ස් ආයතනයට ශිෂ්‍යත්වයක් ලැබුනු අතර ඉන්පසු ස්වීඩන් හි එරික්සන් ආයතනයේ, ලංකා බෙල් ආයතනයේ, ඇමරිකාවෙ නවිනි නෙට්වර්ක් ආයතනයේ, ඇමරිකාවේ සිස්කො සිස්ටම් ආයතනයේ, ඔස්ට්‍රේලියාවේ එක්ස්ට්‍රීම් නෙට්වර්ක් ආයතනයේ සේවයකලා... ඒ සෑම ආයතනයකම පාහේ ඔහු සේවය කලේ ආසියා පසිපික් කළාපය භාර ඉංජිනේරු ලෙසයි... මේ දිනවල මත්තල ගුවන්තොටුපොලේ පරිඝනක හා දුරකතන ජාලකරනය භාර ඉංජිනේරු ලෙස සේවය කරනවා... වැඩිවන විදුලි බිලට එරෙහිව ඔහු නිපදවූ යන්ත්‍රය සම්බන්ධයෙන් දැනගත් අප ඔහු හමුවීමට ගියා...

මේ එම උපාංගය ඔහු අර්ථදැක්වූ ආකාරයයි... දොර දෙක ශීතකරනයක් සඳහා මසකට විදුලි ඒකක 60 -70 අතර ප්‍රමානයක් වැය වෙනවා... ඒ කියන්නෙ අපේ විදුලි බිලෙන් අඩක්ම වැයවන්නේ ශීතකරනයට... මට ඕන වුනේ එතනින් පටන්ගන්න... සමහරු විදුලිය ඉතිරිකරගන්න රෑට ශීතකරනය විසන්ධිකර උදේට සම්බන්ධ කරනවා... ඒක අසාර්ථක ක්‍රමයක්... මොකද රෑ තිස්සෙ රත්වූ ශීතකරනය සිසිල් කරන්න උදේට දෙගුණයක් විදුලිය වැයවනවා... ඊට අමතරව බටර්, චීස්, මාජරින්,සෝස් වගේ දීර්ඝ කාලීනව ශීතකරනයේ තිබෙන ආහාර ක්‍රමක්‍රමයෙන් නරක් වෙනවා... කුඩා දරුවන්ට විශ වීමට උනත් පුලුවන්... නමුත් ඒ තරම් දීර්ඝ කාලයකට නැතිව සුළු කාල පරාසයකට ශීතකරනය විසන්ධි කළ හැකිනම් එය සාර්ථක ක්‍රමයක්... ඒත් අපිට අතින් විඩෙන් විඩේ මේ දේ කරන්න බෑ... අන්න ඒකටයි මම මේ නිර්මානය කලේ...
මේ කුඩා උපාංගය හරහා ශීතකරනයට විදුලිය ලබා දුන් විට එට සිසිලස ස්ථාවරව පවත්වාගනිමින් ස්වයංක්‍රීයව විසන්ධි වනවා... අවශ්‍ය පරිදි මෙම ස්වයංක්‍රීය කාල රටා 9කට මෙය සකසාගත හැකී... 

උදාහරනයක් විදිහට දවාලට ශීතකරනය නිතර විවෘත වන නිසා පැයක් සක්‍රීයව තබා විනාඩි 30ක් විසන්ධි කිරිමේ කාල රටාව සැකසිය හැකි අතර එය රාත්‍රියේදී විනාඩි 30ක් සක්‍රීය කර පැය දෙකක් කිසිදු ගැටළුවකින් තොරව විසන්ධි කිරීමේ රටාව සැකසිය හැක...    මෙය ප්‍රදේශ වල දේශගුණ තත්වය අනුවද වෙනස් වෙයි... ඒ හේතුවෙන් තවත් විදුලිය ඉතිරිකර ගන්න පුලුවන්... අලුත් ශීතකරන වල හිම දිය කිරීමට වෙනම හීටරයක් වැඩකරනවා... ඒ කියන්නේ විදුලියෙන් හිම මුදවලා නැවත විදුලියෙන් ඒවා දියකරනවා...  මෙහි විදුලිය විසන්ධිවීම නිසා ඍජුවම විදුලිය ඉතිරිවෙන අතර හිම බැඳීම අඩුවීම නිසා වක්‍රව විදුලි බිල අඩුවෙනවා... මේ උපාංගයෙන් අනිවාර්යෙන්ම 1/3 විදුලි බිල අඩු කරනවා... මම මේකට නම දැම්මෙ කිලර් වොට් කියල...
මම මේක වෙළඳපොලට දෙන්නෙ රුපියල් 3850 වැනි සාධාරන මුදලකට... මම කාර්යබහුල නිසා ගමේ මල්ලිලා දෙන්නෙකුට මේක උගන්නලා එයාල මේක හදනවා... මේක අතුලෙ තියෙන්නෙ එයාලගෙ ලාබෙ විතරයි... ගමේ කොල්ලො හරි මේකෙන් දියුණු වෙයිනෙ...

මේ අපේ ගමේ නූතන වීරයෙකුගේ කතාවයි... ඔහුට කීමට තව ගොඩක් කතා තිබ්බත් දෙපාර්ශවයේම කාර්යබහුලත්වය නිසා අපි සමුගත්තා... නමුත් නුදුරේදීම නවතත් ඔහුගෙන් විදුලිය ඉතිරිකිරීම, විදුලි මීටරය නිවැරදිදැයි පරීක්ශා කිරීමේ සරල ක්‍රම ඇතුලු බොහෝ දැනුම රැගෙන ඔබ හමුවන්නම්... 

මෙම උපකරණයේ නිර්මාණකරු -කමල් එදිරිසිංහ 077 - 0884303 /

Like our Facebook page - Bravo Solutions විදුලිබිල අඩුකරන දේශීය නිපැයුම්

ඔබට මෙය මිලදී ගත හැකි වෙලදසැල් 

  • පානදුර "රන්දිනු" ස්ටෝර්ස් - 0759012366

උපුටා ගෑනීම -  www.attanagalla.com


                            මේ මෙම නිර්මාණය පිලිබද අප කණ්ඩායමේ අදහසයි 


මෙම පේජය කරනා අප කණ්ඩායමේ සියලු දෙනාම රාජ්‍ය විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබන්නන් වෙමු(ඉංජිනේරු හා විද්‍යාපීඨ වල).අප හොදාකාරවම ශක්ති සංස්ථිතිය හදුනන්නන් වෙමු.මම ඇතුලු අප කණ්ඩායමේ දෙදෙනෙකු ඉංජිනේරු සිසුන්ය. අප සියලු දෙනාම මේ නිශ්පාදනය මාස කිහිපයක් තිස්සේ භාවිතා කර හොද ප්‍රතිඵල අත්දැකි බැවින් මෙය සමාජය තුලට ගෙන යා යුතුයැයි සිතුනු බැවින් සමාජය මේ ගැන දැනුවත් කරන්නට පෙලඹෙන ලදී.

මෙය හුදෙක් සරල "ටයිමරයක්" නොවේ.මෙය නිවසට ගෙන ගොස් භාවිත කිරීමෙන් ඒ බව මනාව වටහාගත හැකිවනු ඇත. එමෙන්ම ඔබට යම් ප්‍රශ්නයක් තිබේනම්.ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපලක ප්‍රධාන ඉංජිනේරුවරයා වන මෙහි නිපයුම්කරු වන"කමල්" මහාතගෙන් කෙලින්ම විමසන්න.(නොම්මරය ලිපියේ ඇත.)එසේ නොමැතිව රට වෙනුවෙන්, රටේ බහුතර "දුප්පත්" විදුලි පාරිභෝගිකයන් වෙනුවෙන් වටිනා නිශ්පාදනයක් කර පෙරට එන මෙවැනි නව නිපැයුම් කරුවන්ට නිග්‍රහ නොකර සිටිනා මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews