POSTED ON Sunday, June 16, 2013| | Edit Post
අහස සිඹින කුණු කඳු, දුඟඳ හමන කාණු පද්ධති දින දින වැඩිවී වාහන දුමෙන් දුෂණය වන ලොව ප‍්‍රධානම නගරයක් බවට කොළඹ නගරය පත්වෙමින් පැවතුන බව නොරහසකි. එසේ වුවද කොළඹ නගරය මෙම තත්වයෙන් මුදාගෙන ආරක්ෂිත හා ජනතාව සඳහා වඩා සුවදායක නගරයක් බවට පත් කිරීම සඳහා ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූළික මඟපෙන්වීම යටතේ කොළඹ නගරය ආශි‍්‍රත සංවර්ධන ව්‍යාපෘතිය 2011 වසරේදී සිට කි‍්‍රයාත්මක කෙරුනි.

සංවර්ධනය කරා පියමනිනා රටක මහා මාර්ග, අධිවේගී මාර්ග, රෝහල්, ව්‍යාපාරික ගොඩනැගිලි සේම නව නගර සැලසුම්ද අත්‍යවශ්‍ය අංගවෙයි. ඒ අනුව යමින් යටත් විජිත යුගයේදී ඉදිකළ පුරහල, නිදහස් චතුරශ‍්‍රය, වික්ටෝරියා පාක් හෙවත් විහාර මහා දේවි උද්‍යානය හා ඒ අවට ප්‍රදේශය පිරිසිදු, හරිත වර්ණයෙන් යුතු ජනහිතකාමී පරිසරයක් බවට පත්කරමින් වර්ථමානයේදි සිදුවන මෙම වෙනස චමත්කාර ජනකය. ඉංජිනේරුවන්, වාස්තු විද්‍යාඥයින්, ගෘහ නිර්මාණ ශිල්පීන්, කොන්ත‍්‍රාත්කරුවන් සහ අත් උදව්කරුවන් ඇතුළු මොළයෙන් හා ශරීර ශක්තියෙන් නව නිර්මාණයක් ඉදිකරනු වස් යුහුසුළුව කි‍්‍රයාකරනා පිරිසක් මෙම ක්‍රියාවලිය සඳහා දායකත්වය ලබාදෙනු දැකිය හැක. ‍

 ප්‍රතිසංස්කරණයෙන් පසු කොළඹ නගර සභා භූමි භාගය කොළඹ මහ නගර සභා භූමිය, විහාර මහා දේවි උද්‍යානය, සහ සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, අනගාරික ධර්මපාල මාවත සහ නෙළුම් පොකුණ පාර යන පුරහල චතුරශ‍්‍ර භූමි භාගය මෙම ව්‍යාපෘතිය යටතේ නවීකරණය කෙරේ. තාප්ප, බැරියර්, ගේට්ටු, ආදිය යොදා ආවරණය නොකළ නිදහස් විවෘත වටපිටාවක පොදු මහජන උද්‍යානයක් ලෙස මෙම භුමිය සංවර්ධනය වෙමින් පවතී. විහාර මහා දේවි උද්‍යානය මෙසේ සංවර්ධනය වනු ඇත මේ අනුව විහාර මහාදේවි උද්‍යාන භූමි භාගය පුරාවටම ඇති යකඩ වැටවල් ඉවත්කර තණ පිඩලි අතුරා පෙර පැවති විශාල ප‍්‍රමාණයේ ගස්, පඳුරු, ස්වරූපයේ ශාක විශේෂ කිසිවක් ඉවත් නොකර, මී, පළු, බුරුත ශාක අලූතින් එක්කර නව උද්‍යාන සැළැස්මට අනුව ප‍්‍රතිසංස්කරණය කෙරේ.

 විහාර මහා දේවි උද්‍යානයේ ඉදිකිරීම් කටයුතු බි‍්‍රතාන්‍ය යුගයේදී රෝම වාස්තු විද්‍යාඥයින්ගේ සැළසුම්වලට අනුව ඉදිකෙරුණු මෙම ඉදිකිරීම් සියල්ලෙහිම ආකෘතීන්ට හානියක් නොවනා පරිදි විශේෂිත වීදි අලංකරණ ලාම්පු යොදාගනිමින් හෙක්ටයාර් හැටක පමණ භූමි ප‍්‍රමාණය පුරහල, නිදහස් චතුරශ‍්‍රයත්, විහාරමහාදේවි උද්‍යානයත්, අවට පාරවල් සියල්ලත් එකම භූමියක පිහිටන අයුරකින් පෙනෙන සේ මෙම ප්‍රදේශය වැඩි දියුණු කරනු ලැබෙයි. දිනයේ පැය විසිහතර පුරාවටම විවෘතව පවතින උද්‍යානයට ඕනෑම අයෙකුට ඕනෑම වේලාවකදී යා හැකි සේම එහි ආරක්ෂාව වෙනුවෙන්ද විශේෂ වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරිමටද යෝජිතය.

(වැඩ අවසන් වූ පසු උයන දිස්වන අයුරු දැක්වෙන පරිගණක නිර්මාණයකි. )
රුපියල් මිලියන හත්සියයක වියදමින් ඉදිවන නව උද්‍යාන භූමිය වටා දරුවන්ට විනෝදය පිණිස හා ශරීරික සුවතාවය වෙනුවෙන් පාපැදි (බයිසිකල්) පැදිය හැකි මං තීරුවක්ද ඉදිවේ. ඕනෑම අයෙකුට ප‍්‍රයෝජනයට ගත හැකි ඇවිදිමේ මං තීරුද නව උද්‍යානය තුළදී දැකගත හැකිය.

නවීන අංගෝපාංගයන්ගෙන් සමන්විත සුපිරි මට්ටමේ පොදු වැසිකිළි පද්ධතියක්ද උද්‍යානයේ ඉදිකිරීමට කටයුතු යොදා තිබේ.

කොළඹ මහ නගර සභා භූමියේ කටයුතු මෙම වසරේ අගෝස්තු මාසයේ මැද වනවිටත්, සී. ඩබ්ලිව්. ඩබ්ලිව්. කන්නංගර මාවත, එෆ්. ආර්. සේනානායක මාවත, අනගාරික ධර්මපාල මාවත සහ නෙළුම් පොකුණ පාරේ නව ප‍්‍රතිසංස්කරණ කටයුතු අගෝස්තු අග භාගය වනවිටත්, විහාරමහා දේවි උද්‍යානයේ නව ඉදිකිරීම් කටයුතු ඔක්තෝබර් මස අවසන් වන විටත් නිම කිරීමට සියලූ කටයුතු සම්පාදනය කර ඇති බව ආරංචි මාර්ග පවසයි. ඉදිවෙමින් පවතින නගරසභා භූමිය නගර අනන්‍යතාවයත් මිනිසුන්ට විවේක ගැනීමට හැකි වටපිටාවක් සහිතව පරිසර හිතකාමී සමාජීය වටිනාකමින් යුතු භූමි භාගයක් බවට පත් කිරීමේ පසුපස සිටිනා නියමුවන්ද බොහොමයකි. නාගරික සංවර්ධන අධිකාරිය, ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ හා සංවර්ධනය කිරීමේ කොමිසම හා කොළඹ මහ නගර සභාව ඉන් ප‍්‍රධානය.

මුහුදු බඩ මාර්ගය කාක දූපත කොළඹ උතුරු ප‍්‍රදේශයේ පදිංචිව සිටිනා පිරිසගේ විනෝදය, නිදහස පිණිස ”කාකදුව” වෙරළ තීරුව වෙරළ බඩ උද්‍යානයක් (බීච් පාක්) ලෙසින්ද කොල්ලූපිටිය, වැල්ලවත්ත දක්වා ඇති මුහුදු තීරුව වෙරළ බඩ උද්‍යානයක් ලෙසින්ද නවීකරණය කිරීමට නියමිතය.


Anura S. Liyanage Target-news -June 15, 2013 -defence.









Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews