POSTED ON Tuesday, June 11, 2013| | Edit Post
රොබොටික්ස් වැනි සංකීර්ණ තාක්ෂණික විෂයක් සම්ප්‍රදායික ලෙස දරුවන්ට ඉගැන්විමට යාමෙන් එය නීරස අත්දැකිමක් වීමේ වැඩි ප්‍රවණතාවයක් ඇත. එය මනාව හදුනාගත් SLIIT රොබොටික්ස් තාක්ෂණය ශ්‍රි ලංකීය දු පුතුන් වෙත සමීප කරවීම උදෙසා නිර්මාණශීලී ප්‍රයත්නයක් ලෙස ROBO FEST රොබොටික්ස් තාක්ෂණික තරගාවලිය අරම්භ කරන්නට යෙදුනේ අදින් තුන් වසරකට පෙරය.

සිව්වන වසරටත් ROBO FEST 2013 රොබොටික්ස් තාක්ෂණික තරගාවලිය එලැබෙන සැප්තැම්බර් මස 12-13 දිනවල පවත්වන්නට SLIIT සූදනම් වේ. උසස් අධ‍යාපන ආයතන පාසල් හා විවෘත ලෙස අංශ තුනකින් මෙවර තරගාවලිය පැවත්වෙනු ඇත. 

ROBO FEST 2013 මෙහෙවර සාර්ථක කර ගැනීමට සහාය සවිය දෙන අනුග්‍රාහකත්වයක් ලබා දෙන්නට ශ්‍රි ලාංකීය සමගම් වෙත අවස්ථාව හිමිව තිබේ. අනුග්‍රාහකත්වයක් ලබාදීම පිළිබදව malitha.w@sliit.lk හරහා SLIIT පරිඝණක අධයංශයේ පීඨාධිපති ආචර්ය මලිත විජේසුන්දර මහතහ්ගෙන් විමසිය හැකිය.



Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews