POSTED ON Saturday, June 22, 2013| | Edit Post
ඇමරිකාවේ නිව්යෝක් නුවර පැවති නිව්යෝක් ජාත්‍යන්තර සිනමා උළෙලේදී හොඳම නළුවා ලෙස සම්මාන හිමිකරගත් ජගත් චමිල කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් දිවයිනට පැමිණියේය.
ජාතික චිත‍්‍රපට සංස්ථාවේ සභාපති නිතීඥ අශෝක සේරසිංහ මහතා ප්‍රම්‍රඛ චිත‍්‍රපට අධ්‍යක්ෂකවරුන්, නිෂ්පාදකවරුන්, කැමරා ශීල්පීන්, කලා කරුවන් සහ ඔහුගේ ඥාතීහු ගුවන්තොටුපොළ ප‍්‍රභූ පර්යන්තයේදී ඔහුව ඉතා උනුසුම් අන්දමින් පිළිගත්හ.

ශ්‍රී ලංකාවට ඉමහත් කීර්තියක් අත්කරදෙමින් දිවයිනට පැමිණි ජගත් චමිල ඔහුව මුලින්ම වේදිකා නාට්‍ය ක්ෂේත්‍රයට හඳුන්වා දුන් මොරටුව ප‍්‍රින්ස් ඔෆ් වේල්ස් විදුහලේ නාට්‍ය කලා ආචාර්‍ය තිස්ස ගුණවර්ධන මහතාගේ දෙපා නැමද සිටියේය. ඉන් අනතුරුව දෙදෙනාම සතුට වාවා ගත නොහැකිව එකිනෙකා වැළ‍දගෙන මොහොතක් සතුටු කදුළු වැගුරූහ. එම අවස්ථාව ඉතාම හැගීම් බර වූ අතර එහි සිටි සැමගේ දෙනෙත් තෙත් කරවීමට සමත් විය.

ඔහුගේ දියණියන් දෙදෙනා විසින් සිය පියාගේ ජයග්‍රහණය වෙනුවෙන් ලියන ලද සුභ පැතුම් පත් දෙකක්ද එහිදී ඔහුගේ සුරතට පිරිනැමිණි.
ඔහු මෙම සම්මානය හිමිකරගත්තේ සෑම්ස් ස්ටොරි නමින් කැප්ටන් එල්මෝ ජයවර්ධන විසින් ඉංග‍්‍රිසියෙන් රචනා කරන ලද නවකතාව ඇසුරින් ප‍්‍රියංකර විතානාරච්චි විසින් නිර්මාණය කරණු සැමීගේ කතාව සිනමාපටයේ සැමීගේ චරිතය සදහා පන පෙවීමෙනි.මන්ද මානසික තත්වයෙන් පෙලූන සේවකයෙකුගේ චරිතයක් ඔහු එහි නිරූපනය කළේය.

1986 තිස්ස ජයවර්ධනගේ සමනළ කන්ද වේදිකා නාට්‍යයෙන් පාසැල් අවදියේම රංගනයට පැමිණි ජගත් 1989 දී සිය ප‍්‍රථම සිනමා රංගනයට එක් වූයේ විජය ධර්ම ශ‍්‍රී ගේ ගුරුගෙදර සිනමා නිර්මාණයෙහි අනෝජා වීරසිංහගේ පුතකු ලෙසය.

ශ‍්‍රී ලාංකික රංගන ශිල්පියෙකු මෙවැනි ජාත්‍යන්තර තරඟයකදී හොඳ ම නළුවාට හිමි සම්මානය දිනාගත් ප‍්‍රථම අවස්ථාව මෙය ලෙස සැලකේ.
ජගත් චමිල සමග කැනඩාවේ ඩොමිනික් පසෙල්, අමෙරිකාවේ එඕවර්ඕ ෆ්ලෝන්ග්, ඩෙන්මාර්කයේ සෙබස්තියන් ෙ–සන් සහ කියුබාවේ ඕමාර් ප්‍රරැන්කෝ යන රංගන ශිල්පීන් ද මෙම සම්මානය සඳහා නිර්දේශ වී සිටියහ.

මේ වන විට ටෙලි නාට්‍ය සහ චිත‍්‍රපට රැසකට දායකත්වය සපයා ඇති ජගත් චමිල දක්ෂ වේදිකා නාට්‍ය රංගන ශිල්පියෙකු ද වෙයි.
ඇමරිකාවේ නිව්යෝක් නගරයේ පසුගිය 13 වනදා සිට 20 වනදා දක්වා මෙම සම්මාන උළෙල පැවැත්විණි.

මෙම අවස්තාවට ජැක්සන් ඇන්තනී, වසන්ත විට්ටච්චි,බුද්ධදාස විතානච්චි,විජේරත්න වරකාගොඩ, චාන්දනී සෙනවිරත්න, නිල්මිනී තෙන්නකෝන්, නදීකා ගුණසේකර, සේමිනි ඉද්දමල්ගොඩ, දමිතා අබේරත්න ඇතුළු ප‍්‍රවීන කලා කරුවන් රැසක් සහභාගී වූහ. 







Anura S. Liyanage Target-news-2013 ජූනි මස 22 - දීපා අධිකාරී

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews