POSTED ON Saturday, June 15, 2013| | Edit Post
AroundU- (අ)රවුන්ඩ්යූ

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට තමා අවට සිතියමක් MMS එකක් ලෙස ගෙන්වා ගැනීමටත් යහලුවකුට යැවීමටත් හැකි නිපැයුමක් මොරටුව විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ පීඨයේ සිසුන් පිරිසක් විසින් නිපදවා ඇත. දැනට ලැබී ඇති තොරතුරු අනුව MMS මගින් සිතියමක් ලබා දෙන නිපැයුමක් ලංකාවේ පමණක් නොව ලෝකයේ කිසිම රටකින් වාර්තා නොවේ.
ඒ අනුව මෙය මුලු ලෝකයේම එකම MMS එකකින් මැප් එක ලබාදෙන එකම විසඳුම වීමට බොහෝ දුරට ඉඩ ඇත. මෙමගින් මෙතෙක් කල් ස්මාර්ට් ජංගම දුරකතන ඇති අයට සීමා වී තිබූ මැප් බැලීමේ පහසුකම සාමාන්‍ය දුරකතනයක් හිමි අයටද උදා වේ... ස්මාර්ට් ජංගම දුරකතන හිමි අයටද ඕනෑම පෙදෙසකදී මැප් එකක් ලබාගෙන භාවිතා කිරීමට මෙම නිපැයුම මගින් අවස්ථාව උදා වේ. 

මෙම නිපැයුම AroundU - (අ)රවුන්ඩ් යූ ලෙස නම් කර ඇත. මෙමගින් සිදු වන්නේ පරිශීලකයා නොහොත් ජංගම දුරකතනය භාවිතා කරන්නාගේ ඉල්ලීම මත ඔහු වටා ඇති ප්‍ර දේශයේ මැප් එක ඔහුගේ ජංගම දුරකතනයට ලැබීමයි. ඔහුට එම මැප් එක තමාට ගෙන්වා ගන්නවා වෙනුවට වෙනත් යහලුවකුට යවන ලෙස ඉල්ලීමටද AroundU පහසුකම් සලස්වයි.

මෙම නිපැයුම සාමාන්‍ය ජීවිතයේදී අපට බොහෝ කාර්යයන් වලදී ප්‍ර යෝජනයට ගත හැකිය. උදාහරණයක් ලෙස අපි අපි නොදන්නා පෙදෙසකට ගොස් ඇති විට පාරවල් සහ අවට ඇති දේ මොනවාද යන්න සොයා ගැනීමට මෙය පහසුවෙන් යොදා ගත හැකිය. එමෙන්ම යහලුවෙකුට තමන් දැන් සිටින පෙදෙස විස්තර කිරීමේදී ඉතා අපහසුවෙන් විසතර කරනවාට වඩා තමා අවට මැප් එක යැවීමෙන් ඉතා පහසුවෙන් එම කාර්යය කර ගත හැකිය. තමා සිටින පෙදෙස තහවුර් කිරීමේ උපක්‍රමයක් ලෙසද මෙය භාවිතා කළ හැකිය. මේ ආකාරයට මෙවැනි භාවිතයන් දහස් ගණනක් අපට සොයා ගත හැකිය. මෙය ඒ තරමටම අපට ප්‍ර යෝජනවත් නිපැයුමකි...


මෙම නිපැයුම Dialog දුරකතන ජාලය හා සම්බන්ධ කර ඇති අතර ඩයලොග් සම්බන්ධතාවයක් ඇති ඕනෑම අයෙකුට MMS පහසුකම ඇති ඕනෑම ජංගම දුරකතනයකින් මෙම නිපැයුම අත් විඳිය හැකිය.

ඒ සඳහා #444# අමතා ලැබෙන මෙනුවෙන් AroundU යන්න තේරිය යුතුය. එවිට AroundU මෙනු එක ලැබේ.

එහි සේවාවන් දෙකක් සඳහන් වේ.
පළමු සේවාව තමාට මැප් එක ලබා ගැනීමට භාවිතා කළ හැකිය. දෙවන සේවාව තමා අවට මැප් එක වෙනත් යහළුවෙකුට යැවීමට භාවිතා කළ හැකිය.

වැඩි විස්තර අවශ්‍ය නම් මෙම ලිනක් එකෙන් ලබා ගත හැකිය.
facebook.com/aroundusrilanka

මොරටුව විශ්ව විද්‍යාලයේ 2011 දී පැවැත්වුනු MIT AITI Mobile Incubation Program නම් වැඩ සටහනකදී මෙම විසඳුම නිපදවීම ආරම්භ කෙරුනු අතර මෙම සිසුන් පිරිසගේ දැඩි කැපවීම හා Dialog දුරකතන ජාලයේ සහයෝගය නිසා අද වන විට මෙම නිපැයුම ශ්‍රී ලාංකික ජනතාවට භාවිතා කිරීමට හැකියාව ලැබී ඇත.

මෙම විසඳුම ශ්‍රී ලාංකික ඔබ සැම එදිනෙදා ජීවිතයේදී භාවිතා කරනු ඇතැයි මෙම සිසුන් පිරිස බලාපෙරොත්තු වේ.

මෙම නිපැයුම මූලික අදියරේ ක්‍රියාත්මක වන අතර ශ්‍රී ලාංකික ජනතාවගෙන් ලැබෙන ප්‍රතිචාර අනුව ඉදිරියේදී මෙම සේවය පුළුල් කිරීමට මෙම සිසුන් පිරිස Extrogene නමින් සමාගමක්ද ලියාපදිංචි කර සූදානමින් සිටී.










Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews