POSTED ON Sunday, June 9, 2013| | Edit Post
ශ‍්‍රී ලංකාවේ භාවිතා වන ආනයනික කිරිපිටිවල DCD හෙවත් Dicyandiamide නැමැති රසායනිකය අඩංගු නොවන බව තායිලන්තයේ SGS රසායනාගාරය විසින් තහවුරු කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යංහය පවසයි.

ශ‍්‍රී ලංකාෙවි භාවිතාවන ආනයනික කිරිපිටිවල DCD හෙවත් Dicyandiamide නැමැති රසායනිකය අඩංගුවන බවට පසුගිය දිනවල පැවැති තත්ත්වය සැළැකිල්ලට ගනිමින් ආනයනික කිරිපිටි සාම්පල ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විසින් රසායනාගාර පරීක්ෂණ සඳහා තායිලන්තයේ SCS රසායනාගාරය වෙත මැයි 31 වන දින යොමු කරනු ලැබූ බවත් එසේ යවන ලද කිරිපිටි සාම්පල 06 ක්, සම්බන්ධයෙන් අදාල රසායනාගාර වාර්තාව ආහාර පාලන ඒකකයට ලැබී ඇති බවත් එම නිවේදනයේ දැක්වේ.

කෙසේ වෙතත් පසුගියදා නවසීලන්ත ෆොන්ටෙරා සමාගමේ ප‍්‍රධානීන්ම පැවසුවේ සිය කිරිපිටිවල DCD සුළු වශයෙන් අඩංගු බවත් එය සෞඛ්‍ය සම්බන්ධ ගැටළු ඇති කරවන්නක් නොවන බවත්ය.

මින් පෙර අවස්ථාවක මෙරට වෙළඳපලේ ඇති කිරිපිටි තුළ ඞීසීඞී කෘෂි රසායන අන්තර්ගත කර ඇත්දැයි සොයා බැලීමට සිංගප්පූරුවට යැවූ කිරිපිටි සාම්පලයේ එම රසායනිකය අඩංගුව ඇති බවට තහවුරු කර පර්යේෂණ වාර්තා එවා අතර එහි පිටපතක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ‘ආහාර හා පරීක්ෂණ ඒකකයට’ද යොමුකර තිබිනි.

කෙසේ වෙතත් සිංගප්පූරු වාර්තාව පිළි නොගෙන තායිලන්ත වාර්තාව පිළිගන්නේ කුමන පදනමක් මතදැයි විමසීම සඳහා අමාත්‍යංශයේ බලධාරියෙක් සම්බන්ධ කර ගැනීමට අප දැරූ උත්සාහය සාර්ථක නොවූ අතර සම්බන්ධ වූ එක් පුද්ගලයෙක් සිංගප්පූරුව යනු තායිලන්තයේ අගනුවරම නොවේදැයි පෙරලා ප‍්‍රශ්ණ කලේය.

සම්පූර්ණ නිවේදනය මෙසේය.

ශ‍්‍රී ලංකාෙවි භාවිතාවන ආනයනික කිරිපිටිවල DCD හෙවත් Dicyandiamide නැමැති රසායනිකය අඩංගු නොවන බව තායිලන්තයේ SGS රසායනාගාරය විසින් තහවුරු කරයි.

ශ‍්‍රී ලංකාෙවි භාවිතාවන ආනයනික කිරිපිටිවල DCD හෙවත් Dicyandiamide නැමැති රසායනිකය අඩංගුවන බවට පසුගිය දිනවල පැවැති තත්ත්වය සැළැකිල්ලට ගනිමින් ආනයනික කිරිපිටි සාම්පල ගණනාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විසින් රසායනාගාර පරීක්ෂණ සඳහා තායිලන්තයේ SGS රසායනාගාරය වෙත මැයි 31 වන දින යොමු කරනු ලැබීය.

එසේ යවන ලද කිරිපිටි සාම්පල 06 ක්, සම්බන්ධයෙන් අදාල රසායනාගාර වාර්තාව ආහාර පාලන ඒකකයට ලැබී තිබේ.

එම කිරිපිටි සාම්පල 06 තුල ඉහත රසායනිකය හමු නොවු බව තායිලන්තයේ SGS රසායනාගාරය විසින් තහවුරු කර තිබේ. කෙසේ වුවද ශ‍්‍රී ලංකාවට ආනයනය කරන සෑම කිරිපිටි වර්ගයකම සාම්පල ෙමි අන්දමට අඛණ්ඩව තායිලන්තයේ එම රසායනාගාරය වෙත යවා පරීක්ෂා කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය කටයුතු යොදා ඇත.

එමෙන්ම ජුනි මස 01 දින සිට ශ‍්‍රී ලංකාවට ආනයනය කරන කිරිපිටි වර්ග නැවිගත කරන අවස්ථාෙවිම DCD අඩංගු නොවන බවට පිළිගත් රසායනාගාරයකින් ලබාගන්නා ලද ආරක්ෂණ සහතිකයක් ඉදිරිපත් කිරීම අනිවාර්යය කර ඇත. එම සහතිකය ඉදිරිපත් නොකරන කිසිදු කිරිපිටි වර්ගයක් ශ‍්‍රී ලංකාව තුළ අලෙවිකිරීමට හෝ බෙදා හැරිමට අවසර ලබාදෙනු නොලැබේ. එමෙන්ම එම සහතිකය ඉදිරිපත් කළ ද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය විසින් අඛණ්ඩවම වෙළෙඳපොලේ අලෙවිකරන කිරිපිටි සාම්පල DCD පරීක්ෂාව සඳහා කටයුතු යොදා ඇත. එම සාම්පල සුපුරුදු පරිදි තායිලන්තය වෙත යවා DCD නොමැති බවට තහවුරු කරගැනීමේ වැඩපිළිවෙල අඛණ්ඩවම ක‍්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආහාර පාලන ඒකකය පවසයි.
උපුටා ගෑනීම -  lankaCnews

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews