POSTED ON Monday, June 10, 2013| | Edit Post
ශ‍්‍රී ලංකාවේ 2004 වසරේ දී කිලෝග්‍රෑම් 35.5 ක් වූ ඒක පුද්ගල තිරිඟු පිටි පරිභෝජනය මේ වන විට කිලෝ 24.2 දක්වා පහත බැස ඇති බව සමූපකාර හා අභ්‍යන්තර වෙළෙඳ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පවසයි. ඒ අනුව 2011 වන විට හාල් පිටි පරිභෝජනය කිලෝග්‍රෑම් 94.1 සිට 117 දක්වා ඉහළ ගොස් ඇතැයිද අමාත්‍යවරයා පෙන්වා දෙයි.

රජය මඟින් ආනයනික තිරිඟු පිටි සඳහා ඉහළ බද්දක් පැනවීම සහ එමඟින් තිරිඟු පිටි ආහාර පරිභෝජනය සඳහා ජනතාවගේ උනන්දුව අඩුවීම මෙවැනි ප්‍රවණතාවකට හේතුව බව ද පවසන ඇමැතිවරයා 2011 වසරේ දී සහල් පිටි නිෂ්පාදන සඳහා වන ණය ක්‍රමය හඳුන්වා දීම ද මඟින් සහල් පිටි කර්මාන්තය වර්ධනයක් සිදුව ඇති බවද කියා සිටී.

 උපුටා ගෑනීම -  lankaCnews

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews