POSTED ON Saturday, June 1, 2013| | Edit Post
වකුගඩු රෝගය සහ කෘෂි රසායන භාවිතය පිළිබඳ කැබිනට් මණ්ඩලයට නිර්දේශ ලබාගැනීම සඳහා පත්කළ විද්වත් කමිටුව විසින් සකස් කළ වාර්තාව මුළුමනින්ම වෙනස් කර තිබෙන බවත්, එම වෙනස් කළ වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් රජරට වෛද්‍ය පීඨයේ කථිකාචාර්ය, වකුගඩු රෝගය පිළිබඳ සොයාබැලීමේ විද්වත් කමිටුවේ සාමාජික වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කරයි.

වකුගඩු රෝගය පිළිබඳව සහ කෘෂි රසායන භාවිතය පිළිබඳව නිර්දේශ ලබාදීමට අමාත්‍යවරුන් 13 දෙනෙකුගෙන් යුත් අනුකමිටුවක් පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී පත්කළ බවද ඔහු පවසා සිටියේය.

මෙලෙස පත්කළ කැබිනට් අනුකමිටුව විසින් මෙම විද්වත් කමිටුව පත්කළ බවද වෛද්‍ය චන්න ජයසුමන මහතා සඳහන් කළේය.
පරිසර අමාත්‍යාංශයේ මූලික කරගනිමින් මහාචාර්යවරුන්, විශේෂඥ වෛද්‍යවරුන්, වෛද්‍යවරුන් ඇතුළු විද්වත් පිරිස් මෙම විද්වත් කමිටුව නියෝජනය කළ බවද හෙතෙම කියා සිටියේය.

මෙම විද්වත් කමිටුව මේ මස 20 වැනිදා පොහොර භාවිතය, වකුගඩු රෝගය, කෘෂි රසායන භාවිතය සහ ගොවිතැන පිළිබඳව පරිසර අමාත්‍යාංශයට වෙන වෙනම නිර්දේශ ලබාදුන් බවද ඔහු කියා සිටියේය.

පත්කළ අන්කමිටුවේ අමාත්‍යවරුන් විසින් එම වාර්තාව කැබිනට් මණ්ඩලයට යොමුකිරීමට පෙර අමාත්‍යාංශ ලේකම්වරුන්ට යවා තිබෙන බවද ඔහු සඳහන් කළේය.

මෙම අනුකමිටුව අමාත්‍යාංශ වෙත යවා තිබෙන්නේ විද්වත් කමිටුව විසින් සකස් කළ වාර්තාවට හාත්පසින්ම වෙනස් වාර්තාවක් බවත්, මේ නිසා කැබිනට් මණ්ඩලයට මෙම වාර්තාව ඉදිරිපත් වුවද එය පිළිනොගන්නා ලෙසත් වෛද්‍ය චන්න ජයසුමන මහතා කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලා සිටියි. - lankaCnews

වකුගඩු රෝගය පිළිබඳ විද්වත් කමිටු වාර්තාව වෙනස් කරලා
 වෛද්‍ය චන්න ජයසුමන මහතා

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews