POSTED ON Sunday, June 9, 2013| | Edit Post
පාරිසරික ගැටලූවක් වන පොලිතින් හා ප්ලාස්ටික් අපද්‍රව්‍ය පෙට්‍රෝලියම් ඉන්ධන බවට පත් කිරීමේ ව්‍යාපෘතියක් තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය මගින් ඉදිරියේදී ක‍්‍රියාවට නැංවීමට තීරණය කර තිබේ.

ශ්‍රී ලංකාව වාර්ෂිකව ප්ලාස්ටික් අමු ද්‍රව්‍ය මෙටි‍්‍රක් ටොන් 350,000ක් පමණ ආනයනය කර්නු ලබන අතර ඉහළ තත්ත්වයෙන් යුතු ප්ලාස්ටික් නිෂ්පාදනයද මෙරටට ගන්වනු ලබයි. එහිදී එම ප්ලාස්ටික්වලින් සියයට දහයක් පමණ ප‍්‍රතිචක‍්‍රීකරණය කරන අතර ඉතිරිය සම්පූර්ණයෙන්ම පරිසරයට මුදා හරිනු ලබයි. මෙසේ පරිසරයට මුදා හරින දිරා නොයන ප්ලාස්ටික් ශ්‍රී ලංකාව තුළ ඉතා ප‍්‍රබල පාරිසරික ගැටලූ රාශියක් බවට පත්ව තිබේ.

මේ පාරිසරික ගැටලූවට පිළියමක් වශයෙන් පි.ජි.සි.හැර දිරා නොයන ප්ලාස්ටික් හා පොලිතින් අමුද්‍රව්‍ය කර ගනිමින් පෙට්‍රෝලියම් ඉන්ධන නිෂ්පාදනය කිරීම මේ ව්‍යාපෘතියේ මූලික අරමුණ වේ.
තාක්ෂණ පර්යේෂණ හා පරමාණුක බලශක්ති අමාත්‍යංශය යටතේ ක‍්‍රියාත්මක පොලිප්ටෝ ලංකා පුද්ගලික ආයතනය මගින් අදියර තුනක් යටතේ මේ ව්‍යාපෘතිය  ක‍්‍රියාත්මක කිරීමට නියමිතය.
උපුටා ගෑනීම -  lankaCnews

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews