POSTED ON Friday, August 30, 2013| | Edit Post
ලෝකයෙන්ම පිළිගත් කොළ තේ වලට (Green Tea) වඩා අපේ රටේ කළු තේ රෝග රැුසකට ගුණ දෙන සෞඛ්‍යාරක්ෂිත බවින් ඉහළ බව නවතම පර්යේෂණයකින් තහවුරු වී ඇතැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.

තේ පර්යේෂණායතනය මගින් සිදුකළ මේ පර්යේෂණයේ ප‍්‍රතිඵල මුල්වරට හෙළි කරමින් අමාත්‍යවරයා මේ බව සදහන් කළේ ගම්පොළ නගරසභා ශාලාවේ පැවති සංවාදශීලී තේ ගොවි හමුවකදීය.

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය මගින් සංවිධානය කර තිබූ මේ ගොවි හමුවේදී අමාත්‍යවරයා,

”ලෝකයේ හොදම තේ ඇත්තේ අප රටේ බව අද බොහෝ දෙනෙකුට අමතක වෙලා.විශේෂයෙන් අද සිටින තරුණ පරපුර මේ බව දන්නේ නෑ.

අප රට තුළ ලෝකයේ හොදම තේ නිෂ්පාදනය වන නිසා කොළඹ වෙන්දේසියෙන් ඉහළම මිලක් අපට ලැබෙනවා. කෙසේ නමුත් චීනය, ඉන්දියාව, කෙන්යාව වගේ රටවල මහා පරිමාණයෙන් තේ නිෂ්පාදනය වීම මත අප රටේ නිෂ්පාදන වලට අද ලොකු අභියෝගයක් මතු වෙලා තියනවා. විශේෂයෙන්ම චීනය වගේ රට වල කොළ තේ (Green Tea) නිෂ්පාදනය වැඩි කිරීම හා ලෝකයේ පාරිභෝගිකයන් පරිසර හිතකාමී නිෂ්පාදන වලට වැඩි නැඹුරුවක් දැක්වීමත් සමග අප රටේ නිෂ්පාදිත තේ වලට ලොකු අභියෝගයක් එල්ල වෙලා තියනවා.

මේ නිසා මම තේ පර්යේෂණායතනයට දැනුම් දුන්නා මේ පිළිබදව විධිමත් පර්යේෂණයක් සිදු කරන ලෙස. ඒ අනුව ඔවුන් සිදුකළ පර්යේෂණයේ ප‍්‍රතිඵල අනුව එම කොළ තේ (Green Tea) වලට වඩා අප රටේ කළු තේ ඉතා උසස් බව ඔප්පු වෙලා තියනවා.

මෙම පර්යේෂණයට අනුව අප රටේ කළු තේ හෘද රෝග, දියවැඩියාව ඇතුළු රෝග රැසකට ඉතා ගුණදායක බව හා ඉතා උසස් සෞඛ්‍යාරක්ෂිත බවින් අනූන බව විද්‍යාත්මකව ඔප්පු කර තියනවා.”යැයි පැවසීය.


Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews