POSTED ON Thursday, August 8, 2013| | Edit Post
තම කිරි නිෂ්පානදන වල නම් විෂ රාසයාන නොමැති බවත් ශ‍්‍රි ලංකාවේ පරීක්‍ෂණයන්ගේ දෝෂ ඇති බවත් ඇන්කර් කිරි ලංකාවේ බෙදා හරින ෆොන්ටෙරා බ‍්‍රෑන්ඞ්ස් ලංකා සමාගම නිවේදනය කරයි.
ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස්‌ ශ්‍රී ලංකා සමාගමේ කළමනාකාර අද්‍යක්‍ෂක ලියෝන් ක්‌ලෙමන්ට්‌ මහතා මෙසේ පවසයි.


“පුළුල් ලෙස වාර්තාවක පරිදි කිරි පිටිවල DCD පරික්‍ෂාවක්‌ සිදුකිරීමට තරම් තාක්‍ෂණික පහසුකම් ශ්‍රී ලංකාවේ නැහැ. කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් ඉදිරිපත් කළ වාර්තාව, ලොව කීර්තිමත් ස්‌වාධීන විශ්ලේෂක රසායන විද්‍යාඥය සම්මානනීය මහාචාර්ය බ්‍රින් හිබර්ට්‌ විසින් පරීක්‍ෂාකාර ඇති අතර ඔහු විසින් ද මෙම වාර්තාව නිවැරදි නොවන බවට පවසා තිබෙනවා. මීට අමතරව කාර්මික තාක්‍ෂණ ආයතනය විසින් පරීක්‍ෂණ සඳහා යොදාගත් නිෂ්පාදන කාණ්‌ඩයේ සාම්පලම ජාත්‍යන්තර පිළිගත් පරීක්‍ෂණාගාරයක්‌ වන කොත්‍රොන් ආයතනයේදීද, පරීක්‍ෂාවට බඳුන් වූ අතර එහිදී DCD සොයා ගැනීමට නොහැකි වූ බවට ප්‍රකාශ කර සිටියේය. නිවුසවුත් වේල්ස්‌ විශ්වවිද්‍යාලයේ විශ්ලේෂක රසායන විද්‍යාව සම්බන්ධව සම්මානනීය මහාචාර්ය බ්‍රින් හිබර්ට්‌ මහතා ගේ අදහස්‌ අනුව කිරි පිටිවල DCD අඩංගුවේ යෑයි සහ අඩංගු ප්‍රමාණයන් ප්‍රකාශ කිරීම සඳහා තාක්‍ෂණික කාර්මික ආයතනය විසින් යොදාගත් ක්‍රමවේදය ඒ සඳහා සුදුසු නොවේ. මේ සඳහා උචිතම ක්‍රමවේදය වන්නේ කාණ්‌ඩවල ස්‌කන්ධ වර්ණාවලි භාවිතයයි. මෙම ක්‍රමවේදය භාවිතා නොකර කාර්මික තාක්‍ෂණ ආයතනයට කිරි පිටිවල DCD අඩංගු යෑයි තීරණය කිරීමට නොහැකියි.

ආහාර සුරක්‍ෂිතතාව සම්බන්ධයෙන් DCD ගැටළුකාරි තත්ත්වයක්‌ ඇති නොකළ ද ජුනි 1 වැනිදා සිට ශ්‍රී ලංකාවට ආනයනය කරනු ලබන සෑම ෆොන්ටෙරා නිෂ්පාදන කාණ්‌ඩයක්‌ම සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙම පරීක්‍ෂණ ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාගාරයන්හිදී ජාත්‍යන්තරව පිළිගලත් මගපෙන්වීම් අනුව සිදුවන අතර ඒ කිසිවකින් DCD සොයා ගැනීමට හැකිවී නොමැත. මේ වන විට ඇෂුවර් කොලිටි සහ කොත්‍රොන් වැනි ජාත්‍යන්තරව පිළිගත් විද්‍යාගාර තුළදී ද ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස්‌ ලංකා නිෂ්පාදන සඳහා පරීක්‍ෂණ 202 කට අධික ප්‍රමාණයක්‌ද සිදුකර ඇත. ඒ කිසිවකින් ද මේ වන තුරු DCD පිළිබඳව සොයා ගැනීමක්‌ සිදුකර නොමැත.

ලොව පුරා ඇති මෙවැනි පරීක්‍ෂණාගාර ආහාර සම්බන්ධ පරීක්‍ෂණ යුරෝපියානු සංගමයේ CD/2002/657/EC ලේඛණයට අනුව සිදුකරයි. මෙම ක්‍රමවේදයට බාහිරව යම් පරීක්‍ෂණාගාරයකින් පරීක්‍ෂණයක්‌ සිදුකළහොත් කිරිවල අඩංගු ස්‌වාභාවික ද්‍රව්‍යයන්ට සිදුවන බලපෑමෙන් එම ද්‍රව්‍ය වැරදි අයුරින් DCD ලෙසට කිරි නිෂ්පාදන තුළ පෙන්නුම් කිරීමේ හැකියාවක්‌ ඇත.

පරම්පරා ගණනාවක සිට ශ්‍රී ලාංකීය පවුල්වලට අවශ්‍ය කිරි පෝෂණය ලබාදීමට අපි කටයුතු කළා. නමුත් මෙම සාවද්‍ය වාර්තාව නිසා ශ්‍රී ලාංකිකයන්ට ඇන්කර් පිළිබඳව වැරදි අවබෝධයක්‌ ඇතිවෙනවා. පාරිභෝගිකයන් තුළ අනවශ්‍ය බියක්‌ සහ දුර්අවබෝධයක්‌ ඇති නොවන පරිදි මෙම තත්ත්වය නිරවුල් කර ගැනීමට අප රජය සමග එක්‌ව කටයුතු කිරීමට බලාපොරොත්තු වනවා.

උපුටා ගෑනීම -  lankacnews.com 

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews