POSTED ON Thursday, August 15, 2013| | Edit Post
මීට පෙර මෙරටේ පිටි කිරි වසන්ගතය නොතිබූ බවත් තම නිවසේත් මේ වන විට දියර කිරි පාවිච්චි කරමින් සිටින බවත් රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතා පවසයි.

ඊයේ රාත‍්‍රියේ පැවති දෙරණ වාදපිටිය වැඩසටහනට එක්වෙමින් ඒ මහතා පැවසුවේ කිරිපිටි ආනයනය කරන ලොව සෙසු රටවල් අතරින් ශ්‍රී ලංකාව සිව්වෙනි ස්ථානය හිමිකරගෙන ඇති බවත් තම සංවිධානය මෙම සටන් සඳහා පෙරමුණ ගන්නේ දේශපාලන වුවමනාවකට නොව හදවතට එකඟව බවත්ය.

වසරකට ඩොලර් බිලියන 40ක් කිරිපිටි ආනයනය කිරිම සඳහා වැය කරන බවත් පසුගිය දශක කිහිපයේදී ලංකාව තුළ මෙම ව්‍යාපාරය හොඳ හැටි මුල් බැසගෙන තිබූ බවත් පෙන්වා දුන් පාදෙණිය මහතා ශ්‍රී ලංකාවට ආහාර ප්‍රතිපත්තියක් නොමැති බවත්, එය වහාම සකස් කළ යුතුව ඇති බවත් පැවසීය.

සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත කළ බව සඳහන් පානීය වතුර බෝතල් වෙළඳපොළේ ඇති බවත්, එවායේ විෂ ඇත්දැයි කිසිවෙකුටවත් තර්ක කළ නොහැකි බවත් එයට හේතුව මුදලට අදාළ ආයතන යටකරගෙන ඇති බවද ඔහු සඳහන් කළේය.

දුම්වැටි වලට එරෙහිවල හොර වෙදුන්ට එරෙහිව සහ ඖෂධ පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලෙස ජනතාව වෙනුවෙන් පෙනී සිටි බවද ඔහු පැවසීය.




උපුටා ගැනීම - http://lankacnews.com/sinhala/news/99322/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews