POSTED ON Saturday, August 10, 2013| | Edit Post
අවුරුදු සිය ගණනක පටන් හොරොව්පොතාන කකුල්බැදිදිගිලිය හීන්න කඳුවැටියේ සිට ගලා බසින ජල උල්පතින් ජලය පානය කිරීමෙන් වකුගඩු රෝගය නිවාරණය වන බව ප‍්‍රදේශවාසීහු පවසති.

වකුගඩු රෝගය නිවාරණය කර ගැනීම සදහාත් පානීය ජලය සදහාත් මේ ජල උල්පත සුදුසු යැයි වෛද්‍යවරුක්ද නිර්දේශ කර ඇති බවද ප‍්‍රදේශවාසීහු කියති.

කකුල්බැදිදිගිලිය ගමේ වන ප‍්‍රදේශයක හීන්න කදු වැටියේ සිට අඩි අසූවක පමණ ඉහළ සිට ගලා බසින ජල ධාරාව අවට ගම්මාන විසිපහක පමණ ජනතාවගේ පිපාසය නිවාලන දිය උල්පතකි.

මේ උල්පතේ ජලය පරිභෝජනය කිරීමෙන් වකුගඩු රෝගීන් විශාල පිරිසක් දැනට සුව වී ඇතැයිද පවසන ප‍්‍රදේශවාසීහු මෙහි ජලය ලබා ගැනීමේදී ඇතැම් පිරිස් ජල උල්පතට වැද නමස්කාර කරන බවද කියති.

උපුටා ගෑනීම -  http://lankacnews.com/sinhala/news/98864/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews