POSTED ON Sunday, August 11, 2013| | Edit Post
මෙරට කිරි නිෂ්පාදන වෙළඳාමේ යෙදෙන අපකීර්තිකමත් නවසීලන්ත ෆොන්ටෙරා සමාගම අමාත්‍ය විමල් වීරවංශ මහතාට සන්තෝෂම් දෙන්න පැමිණයේ යයි ඒ මහතා සඳහන් කරයි.

නුවරඑළිය වලපනේ පැවති මැතිවරණ රැස්වීමකදී ඒ මහතා ඒ පිළිබඳව මෙසේ අදහස් පල කලේය.

‘ෆොන්ටොරා සමාගම ආනයනය කර බෙදාහරින කිරිපිටිවල මිනිස් පරිභෝජනයට නුසුදුසු ඞී.සී.ඞී. නම් විෂ රසායනය තිබෙන බව දැන් තහවුරු වෙලා තියෙනවා. ජාතික ව්‍යාපාරය ඔවුන්ගේ මේ ක‍්‍රියාකාරීත්වයට එරෙහිව දිගින් දිගටම විරෝධය පෑවා. ජනතාවට කරුණු අනාවරණය කලා.

මට මේ වෙලාවෙ මතක් වෙන්නෙ ෆොන්ටෙරා සමාගම මට ඉදිරිපත් කල යෝජනාවක්. ඒ අය එක් අවස්ථාවක යෝජනා කලා ඔවුන්ගේ සමාගම වසරකට ශ‍්‍රී ලංකාවේ සුභ සාධනය සඳහා යොදවන මුදල මගේ අමාත්‍යංශය හරහා යෙදවීමට.

මා ඒ අයගේ ක‍්‍රියාකාරීත්වය දැගෙන සිටි නිසා ඒ ඉල්ලීම එකහෙලාම ප‍්‍රතික්‍ෂෙප කලා.

ඒ අය හැදුවෙ මේ ජනතා විරෝධී ක‍්‍රියාකාරීත්වයට එරෙහිව එරෙහිව අප නගන හඬ නතර කරන්න’

උපුටා ගෑනීම -   http://lankacnews.com/sinhala/main-news/99164/

Search This Blog

Paid Advetisements

Popular Posts

Powered by Blogger.

Blog Archive

Site Status


Total Pageviews